මෝටර් රථ මිලේ අඩුවීමක් ? . . .

විද්‍යුත් මෝටර් රථ නිෂ්පාදනය වේගවත් කිරීමට ලොව ප්‍රමුඛ පෙළේ මෝටර් රථ නිෂ්පාදන සමාගමක් වන නිසාන් සමාගම තීරණය කර තිබේ.

යුරෝපයේ අලෙවිකෙරෙන සියලුම නිසාන් මෝටර් රථ 2030 වනවිට විද්‍යුත් රථ පමණක් කිරීම එම සමාගමේ අරමුණ වෙයි.

මේ අතර 2030 න් පසුව ඩීසල් සහ පෙට්‍රල් මෝටර් රථ අලෙවිය තහනම් කිරීමට එක්සත් රාජධානිය ගෙන තිබූ තීරණය 2035 දක්වා කල්දමා ඇති බව සඳහන් ය.

නිසාන් සමාගම සිය තීරණය ප්‍රකාශයට පත්කර ඇත්තේ එක්සත් රාජධානියේ තීරණය පිළිබඳව සැලකිල්ලක් නොදක්වා බව ජාත්‍යන්තර මාධ්‍ය පැවසීය.

මේ අතර නිසාන් සමාගමේ ප්‍රධානියා පවසන්නේ තමන් ගත් තීරණය නිවැරදි බවය.

මෙම දශකය නිමා වීමට පෙර නව බැටරි තාක්ෂණයක් හඳුන්වාදීමටත් නිසාන් සමාගම සැරසෙයි.

එමගින් විද්‍යුත් මෝටර් රථ වල මිල අඩුවෙතැයි එම සමාගම පවසයි.

 

Subscribe
Notify of
0 Comments
Inline Feedbacks
View all comments

Next Post

අනිල් කපූර් කෘතීම බුද්ධියට එරෙහිව නඩු මගට . . .

Tue Sep 26 , 2023
ඉන්දියාවේ ජනප්‍රිය නළුවෙකු වන අනිල් කපූර් කෘතීම බුද්ධියට (AI) එරෙහිව නඩු මගට පිවිස තිබේ. ඒ, ඔහුගේ පෞරුෂ අයිතිවාසිකම් ආරක්ෂා කිරීම සඳහා බව එරට මාධ්‍ය වාර්තා කරයි. ඒ අනුව අනිල් කපූර්ගේ නම, රූපය, කටහඬ සහ ඔහුට සමාන වෙනත් ගුණාංග සඳහා AI භාවිතා කර ඇති බව ඔහු පවසයි. අනිල් කපූර් Slumdog Millionaire […]

හැඳින්වීම

” ජනමිණ ”

සිහනෙත් මාධ්‍ය ජාලයට අයත් වෙබ් අවකාශයකි. මෙම වෙබ් අවකාශය හරහා ප්‍රවෘත්ති හා විශේෂාංග තුලනාත්මක හා අරුත්බර මුහුණුවරකින් ඔබ වෙත රැගෙන ඒම අපේ අභිප්‍රායයි. ” ජනමිණ ” පාඨක ජනවින්‍යාසය වෙත නැවුම් පරිකල්පනයන් විවර කරන හරවත් නිර්මාණාත්මක ලේඛනයෙන් පොහොණි ය.

0
Would love your thoughts, please comment.x
()
x