එක්සත් රාජධානියේ අග්‍රාමාත්‍ය දෙපාර්තමේන්තුව සහ කැබිනට් මණ්ඩලය විසින් ප්‍රකාශයට පත් කරන ලද, අලුත් අවුරුදු ගෞරව ලැයිස්තුවට 2024 වර්ෂය සදහා ශ්‍රී ලාංකිකයන් තිදෙනෙක් ඇතුළත් කර තිබේ. ඒ අනුව, ඈන් ඩොලෝරස් පෙරේරා ,අතුල චූඩා බණ්ඩාර වනසිංහ හා සදුන් කිතුලගොඩ යන තිදෙනාව මෙලෙස ඇගැයීමට ලක්කර ඇත. ඔවුන්ගේ විශිෂ්ට දායකත්වය වෙනුවෙන් මෙම ඇගයීමට ලක්වේ. […]

එක්සත් රාජධානියේ රාජකීය කුමරියක වන ඈන් කුමරිය නිල සංචාරයක් සඳහා දිවයිනට පැමිණ තිබේ. අද (10) දහවල් 1.00ට පමණ ශ්‍රී ලංකන් ගුවන් සේවයට අයත් යූ.එල්. 504 දරණ ගුවන් යානයෙන් ඇය මෙරටට පැමිණ තිබේ. ශ්‍රී ලංකාව සහ බ්‍රිතාන්‍යය අතර 75 වසරක රාජ්‍ය තාන්ත්‍රික සබඳතා සැමරීම වෙනුවෙන් ඈන් කුමරිය දිවයිනට පැමිණ ඇත. දින […]

විද්‍යුත් මෝටර් රථ නිෂ්පාදනය වේගවත් කිරීමට ලොව ප්‍රමුඛ පෙළේ මෝටර් රථ නිෂ්පාදන සමාගමක් වන නිසාන් සමාගම තීරණය කර තිබේ. යුරෝපයේ අලෙවිකෙරෙන සියලුම නිසාන් මෝටර් රථ 2030 වනවිට විද්‍යුත් රථ පමණක් කිරීම එම සමාගමේ අරමුණ වෙයි. මේ අතර 2030 න් පසුව ඩීසල් සහ පෙට්‍රල් මෝටර් රථ අලෙවිය තහනම් කිරීමට එක්සත් රාජධානිය […]

‘ඇමෙරිකන් එක්ස් එල් බුලි’ American XL Bully නමැති සුනඛ වර්ගය තහනම් කිරීමට බ්‍රිතාන්‍යයේ අග්‍රාමාත්‍ය රිෂී සුනාක් තීරණය කර තිබේ. අග්‍රාමාත්‍ය රිෂී සුනාක්, මෙම තීරණය ගෙන ඇත්තේ මෙම සුනඛයන් දැඩි ප්‍රචණ්ඩකාරී බැවිනි. බ්‍රිතාන්‍යයේ ද ‘ඇමෙරිකන් එක්ස් එල් බුලි‘ American XL Bully සුනඛයන්ගේ ප්‍රහාරයට ලක් වුණු සිදුවීම් රැසක් වාර්තා වී ඇත. එසේ […]

නව ‘කොවිඩ් 19’ වයිරස ප්‍රභේදයක්, මේ වනවිට, එක්සත් රාජධානිය පුරා ව්‍යාප්ත වෙමින් පවතී. එක්සත් රාජධානියේ සෞඛ්‍ය කටයුතු පිළිබ‍ඳ ආරක්ෂක ඒජන්සිය බිය බළ කර ඇත්තේ මෙම නව ප්‍රභේදය ඉතා වේගයෙන් ව්‍යාප්ත වන බවය. එක්සත් රාජධානියේ වෛද්‍යවරුන් මෙම නව ප්‍රභේදය නම් කර ඇත්තේ EG.5.1 හෙවත් Eris යන නමිනි. මෙය ‘කොවිඩ් 19’ ඔමික්‍රෝන් […]

හිටපු අමාත්‍යවරයකු වන රෝහිත බෝගොල්ලාගම එක්සත් රාජධානියේ ශ්‍රී ලංකා මහ කොමසාරිස්වරයා ලෙස පත් කර තිබේ. මෙම පත් කිරීම ළැඹෙන අගෝස්තු පළවෙනිදා සිට ක්‍රියාත්මක වෙයි. ඒ අනුව මේ වන විට එරට ශ්‍රී ලංකා මහ කොමසාරිස්වරිය ලෙස කටයුතු කරන සරෝජා සිරිසේන එම ධුරයෙන් ඉවත් වනු ඇත.

මීටර් 400ක් පොළොව යටට වී මිනිසුන්ට විවේක ගැනීමට හැකි පරිදි නව හෝටලයක් විවෘත කර තිබෙනවා. ‘ලෝකයේ ගැඹුරුම හෝටලය’ ලෙසින් හඳුන්වනු ලබන මෙය ඩීප් ස්ලීප් හෝටලය එක්සත් රාජධානියේ උතුරු වේල්සයේ එරිරි ජාතික වනෝද්‍යානය ලෙසද හැඳින්වෙන ස්නෝඩෝනියා කඳුකරයට යටින් පිහිටා ඇති බවයි විදෙස් මාධ්‍ය වාර්තා කරන්නේ. මෙම හෝටලය තුල කාමර 4ක් ඉදි […]

පුද්ගලයින් තිදෙනෙකුගේ DNA උපයෝගී කරගනිමින් පළමු වරට එක්සත් රාජධානියේ දී දරුවෙකුට උපත ලබාදී තිබේ. මෙම දරු උපත සඳහා DNA වලින් වැඩි ප්‍රමාණයක් ලබාගෙන ඇත්තේ දරුවාගේ මව්පියන්ගෙන් වන අතර 0.1%ක් පමණ තෙවන පරිත්‍යාගශීලී කාන්තාවගෙන් ලබාගෙන ඇති බව වාර්තා වෙයි.  “mitochondrial disorder” නම් භයානක රෝගයන්ගෙන් යුක්තව දරුවන් ඉපදීම වැළැක්වීම මෙම ක්‍රමවේදයේ අරමුණ බව […]

පසුගිය සති කිහිපය තුළදී විදෙස්රටවල් කිහිපයක සිට මෙරටට තැපැල් සේවය හරහා ආනයනය කරන ලද පාර්සල් කිහිපයක් තුළ සූක්ෂම ලෙස සඟවා තිබූ මත්ද්‍රව්‍ය තොගයක් සොයාගෙන ඇත. එම මත්ද්‍රව්‍ය වල වෙළෙඳපොළ වටිනාකම රුපියල් කෝටි 10කට ආසන්නය.(රුපියල් 95,860,000) එම පාර්සල් නිෂ්කාශනය කර ගැනීමට කිසිවෙකු ඉදිරිපත් නොවීම හේතුවෙන් ශ්‍රී ලංකා රේගුවේ තැපැල් තක්සේරු අංශයේ […]

එක්සත් රාජධානිය, ජර්මනිය, කැනඩාව, එක්සත් ජනපදය, බෙල්ජියම සහ නෙදර්ලන්තය යන රටවලින් කොළඹ මධ්‍යම තැපැල් හුවමාරුව වෙත යොමුකර තිබූ රුපියල් කෝටි 7 කට අධික වටිනා මත්ද්‍රව්‍ය තොගයක් සොයාගත් බව රේගු මාධ්‍ය ප්‍රකාශක, රේගු අධ්‍යක්‍ෂ සුදත්ත සිල්වා අද (4) පැවසීය. ශ්‍රී ලංකා රේගුවේ තැපැල් තක්සේරු අංශයේ නිලධාරීන් රඳවාගත් සැක සහිත පාර්සල් 13 […]

හැඳින්වීම

” ජනමිණ ”

සිහනෙත් මාධ්‍ය ජාලයට අයත් වෙබ් අවකාශයකි. මෙම වෙබ් අවකාශය හරහා ප්‍රවෘත්ති හා විශේෂාංග තුලනාත්මක හා අරුත්බර මුහුණුවරකින් ඔබ වෙත රැගෙන ඒම අපේ අභිප්‍රායයි. ” ජනමිණ ” පාඨක ජනවින්‍යාසය වෙත නැවුම් පරිකල්පනයන් විවර කරන හරවත් නිර්මාණාත්මක ලේඛනයෙන් පොහොණි ය.