අලුත් අවුරුදු ගෞරව ලැයිස්තුවට ඇතුළත් වූ ලාංකිකයන් . . .

එක්සත් රාජධානියේ අග්‍රාමාත්‍ය දෙපාර්තමේන්තුව සහ කැබිනට් මණ්ඩලය විසින් ප්‍රකාශයට පත් කරන ලද, අලුත් අවුරුදු ගෞරව ලැයිස්තුවට 2024 වර්ෂය සදහා ශ්‍රී ලාංකිකයන් තිදෙනෙක් ඇතුළත් කර තිබේ.

ඒ අනුව, ඈන් ඩොලෝරස් පෙරේරා ,අතුල චූඩා බණ්ඩාර වනසිංහ හා සදුන් කිතුලගොඩ යන තිදෙනාව මෙලෙස ඇගැයීමට ලක්කර ඇත.

ඔවුන්ගේ විශිෂ්ට දායකත්වය වෙනුවෙන් මෙම ඇගයීමට ලක්වේ.

ආචාර්ය ඈන් ඩොලෝරස් පෙරේරා, ආහාර විද්‍යාව, පෝෂණය සහ ප්‍රජාව සඳහා ඇයගේ සුවිශේෂී සේවාවන් සඳහා අගයා තිබේ.

අතුල චූඩා බණ්ඩාර වනසිංහට ශ්‍රී ලාංකීය ප්‍රජාවට සහ ක්‍රිකට් ක්‍රීඩාවට කළ කැපීපෙනෙන දායකත්වය වෙනුවෙන් රැජිනගේ සේවා පදක්කම හිමිව තිබේ.

එක්සත් ශ්‍රී ලංකා සංගමය සහ ශ්‍රී ලංකා නැටුම් ඇකඩමිය ඇතුළු විවිධ සංවිධානවල ප්‍රධාන චරිතයක් ලෙස සදුන් කිතුලගොඩ සංස්කෘතික සබඳතා වර්ධනය කිරීමට සහ ප්‍රජා උත්සවවලට සහාය වීම ආදී ශ්‍රී ලාංකීය ප්‍රජාවට කරන ලද සේවය වෙනුවෙන් ඇගයීමට ලක්කර ඇත.

  • dinamina
Subscribe
Notify of
0 Comments
Inline Feedbacks
View all comments

Next Post

යාල වනෝද්‍යානය වැසේ . . .

Thu Jan 11 , 2024
පවතින අයහපත් කාලගුණ තත්ත්වය හේතුවෙන් යාල වනෝද්‍යානය දින නියමයක් නොමැතිව වසා දමන බව යාල උද්‍යාන භාරකරු මනෝජ් විද්‍යාරත්න පවසයි. ඔහු සඳහන් කළේ, යාල වනෝද්‍යානයේ සංචාරකයින් ගමන් කරන උද්‍යාන භූමියෙන් 75%ක පමණ ප්‍රදේශයක් ජලයෙන් යටවීම හා සෆාරි ජීප් රථ ගමන් ගන්නා මාර්ග ද ජලයෙන් යටවීම හේතුවෙන් දින නියමයක් නොමැතිව උද්‍යානය වසා […]

හැඳින්වීම

” ජනමිණ ”

සිහනෙත් මාධ්‍ය ජාලයට අයත් වෙබ් අවකාශයකි. මෙම වෙබ් අවකාශය හරහා ප්‍රවෘත්ති හා විශේෂාංග තුලනාත්මක හා අරුත්බර මුහුණුවරකින් ඔබ වෙත රැගෙන ඒම අපේ අභිප්‍රායයි. ” ජනමිණ ” පාඨක ජනවින්‍යාසය වෙත නැවුම් පරිකල්පනයන් විවර කරන හරවත් නිර්මාණාත්මක ලේඛනයෙන් පොහොණි ය.

0
Would love your thoughts, please comment.x
()
x