යාල වනෝද්‍යානය වැසේ . . .

පවතින අයහපත් කාලගුණ තත්ත්වය හේතුවෙන් යාල වනෝද්‍යානය දින නියමයක් නොමැතිව වසා දමන බව යාල උද්‍යාන භාරකරු මනෝජ් විද්‍යාරත්න පවසයි.

ඔහු සඳහන් කළේ, යාල වනෝද්‍යානයේ සංචාරකයින් ගමන් කරන උද්‍යාන භූමියෙන් 75%ක පමණ ප්‍රදේශයක් ජලයෙන් යටවීම හා සෆාරි ජීප් රථ ගමන් ගන්නා මාර්ග ද ජලයෙන් යටවීම හේතුවෙන් දින නියමයක් නොමැතිව උද්‍යානය වසා තැබීමට තීරණය කළ බව ය.

උද්‍යානයට ඇතුළු වන පලටුපාන ප්‍රධාන පිවිසුම් දොරටුව ප්‍රදේශය ද ජලයෙන් යටවී ඇති අතර උද්‍යානයේ ඇති සංචාරක නිවාසවල සිටි සියලු ම සංචාරකයන් සහ කාර්ය මණ්ඩලය ද එම ස්ථානවලින් ඉවත් කළ බව ඔහු තවදුරට ත් සඳහන් කළේ ය.

තිස්සමහාරාම ප්‍රදේශයෙන් යාල උද්‍යානයට ඇතුළු වන පිවිසුම් දෙක ද ජලයෙන් යටවී ඇති අතර උද්‍යානයේ ඇති සියලු ම වැව් හා මැණික් ගඟ ද පිටාර ගැලීම හේතුවෙන් උද්‍යානය ජලයෙන් යටවී ඇති බව උද්‍යාන භාරකරු මනෝජ් විද්‍යාරත්න පැවසීය.

ඔහු සඳහන් කළේ, මෙම කාල සීමාව සංචාරකයන් පැමිණෙන බැවින් සියලු ම සංචාරක බංගලා වෙන් කර ඇති බව ත් එම සංචාරකයින්ට යාල කලාප 4,5,6,හා උඩවලව ලුණුගම්වෙහෙර කලාපවල සංචාරය කළ හැකි බවත් ය.

මේ අතර, කටගමුව පිවිසුම විවෘතව ඇති බැවින් එම ප්‍රදේශයේ ද සංචාරය කිරීමට බාධාවක් නොමැති බව ඔහු වැඩිදුරට ත් සඳහන් කළේ ය.

  • ආරියපාල රත්නායක – කතරගම, අසිත වීරසිංහ – තිස්සමහාරාම
Subscribe
Notify of
0 Comments
Inline Feedbacks
View all comments

Next Post

ගෝඨාගේ ඥාණක්කාට රාජකීය ආරක්ෂාව . . .

Thu Jan 11 , 2024
ගෝඨාභය රාජපක්ෂ ජනාධිපති වී සිටි සමයේ ශාන්තිකර්ම කර ගන්නා ලද අනුරාධපුරයේ ඥාණක්කා නැමැත්තියට මේ වනවිටත් සුවිශේෂි ප්‍රභූ ආරක්ෂාවක් ලබා දෙමින් සිටින බව හෙළිවී තිබේ. පසුගිය 08 වෙනිදා මෙම කාන්තාව අනුරාධපුරයේ සිට මහනුවරට පැමිණ ඇති අතර ඇය ගමන් කළ ස්ථානවලට මෙන්ම ඇතැම් අවස්ථාවලදී මහා මාර්ගයේදී ද මෙම පොලිස් ආරක්ෂාව ලබා දී […]

හැඳින්වීම

” ජනමිණ ”

සිහනෙත් මාධ්‍ය ජාලයට අයත් වෙබ් අවකාශයකි. මෙම වෙබ් අවකාශය හරහා ප්‍රවෘත්ති හා විශේෂාංග තුලනාත්මක හා අරුත්බර මුහුණුවරකින් ඔබ වෙත රැගෙන ඒම අපේ අභිප්‍රායයි. ” ජනමිණ ” පාඨක ජනවින්‍යාසය වෙත නැවුම් පරිකල්පනයන් විවර කරන හරවත් නිර්මාණාත්මක ලේඛනයෙන් පොහොණි ය.

0
Would love your thoughts, please comment.x
()
x