බෝනස් ඉල්ලා වැඩ වර්ජනයක් . . .

වටවල ප්‍රදේශයේ පෞද්ගලික ඇගළුම් කර්මාන්ත ශාලාවක සේවකයින් (28) දින වාර්ෂික බෝනස් මුදල් ඉල්ලා වැඩ වර්ජනයක නිරත විය.

පිහිනුම් නිමි ඇදුම් නිෂ්පාදනය කරන එම ඇගළුම් කර්මාන්ත ශාලාවේ සේවක සේවිකාවන් 750 දෙනෙකු පමණ සේවය කරන අතර , එම සේවකයින්ගෙන් වැඩි පිරිසක් වැඩ වර්ජනය කරමින් එම ඇගළුම් කර්මාන්ත ශාලාවේ පරිපාලකයින්ගෙන් වාර්ෂිකව ලබාදෙන රු 24000/= බෝනස් මුදල ලබාදෙන ලෙස බලකරමින් මෙම වැඩ වර්ජනය ආරම්භ කර ඇත.

වැඩ වර්ජනයේ නිරත සේවකයින් පිරිසක් ඇගළුම් කර්මාන්ත ශාලාවෙන් පිටතට පැමිණ සිටි අතර , තවත් පිරිසක් ඇගළුම් කර්මාන්ත ශාලාව තුල රැදි සිටිමින් විරෝධතාවයේ නිරත විය.

එම සේවකයින් කියා සිටින්නේ එම ඇගළුම් කර්මාන්ත ශාලාවේ වසර ගණනාවක සිට වාර්ෂික බෝනස් මුදල ලබාදුන් බවත්, කොඩිව් 19 වෛරසය පැතිර ගිය කාලයේ පමණක් එම මුදල ලබානොදුන් බවයි.

රටේ පවතින ජිවන වියදම අනුව දැනට එම ඇගළුම් කර්මාන්ත ශාලාවෙන් ලබා ගන්නා වැටුප ප්‍රමාණවත් නොවන බවත්, එළඹෙන සිංහල හින්දු අලුත් අවුරුදු සමයේ අවුරුදු සැමරිමට එම මුදල ලබාදෙන ලෙසයි වැඩ වර්ජනයේ නිරතව සිටින ඇගළුම් කර්මාන්ත ශාලාවේ සේවකයින් කියා සිටින්නේ.

එම ඇගළුම් කර්මාන්ත ශාලාවේ උසස් නිලධාරියෙකුගෙන් කල විමසුමකට ඔහු කියා සිටියේ රටේ දැනට පවතින ආර්ථික අර්බුධය හමුවේ ඇගළුම් කර්මාන්ත ශාලාව වෙත ලැබි ඇති ඇණවුම් වල විශාල අඩුවක් පවතින බවත්, එවන් තත්ත්වයක් මත මෙතෙක් සේවකයන් වෙත ලබාදුන් වාර්ෂික බෝනස් මුදල මෙවර ලබාදිමට නොහැකි වුවද එළඹෙන උත්සව සමය වෙනුවෙන් උත්සව අත්තිකාරම් වශයෙන් රු 7500/= මුදලක් මෙවර සේවකයින්ට ගෙවිමට පියවර ගෙන ඇති බවයි.

– රංජිත් රාජපක්ෂ

Subscribe
Notify of
0 Comments
Inline Feedbacks
View all comments

Next Post

ශ්‍රී ලංකාවට සූර්ය විදුලි බලාගාරයක් . . .

Tue Mar 28 , 2023
ශ්‍රී ලංකා විදුලිබල මණ්ඩලය සහ ඉන්දියාවේ තාප විදුලි සංස්ථාවේ හවුල් ව්‍යාපාර සමාගමක් සමග ඇතිකරගත් එකඟතාවයකට අනුව ත්‍රිකුණාමලයේ සාම්පූර්හි සූර්ය විදුලි බලාගාරයක් ස්ථාපිත කිරීමට කැබිනට් අනුමැතිය හිමි ඇත. ඒ අනුව මෙගාවොට් 135ක සූර්ය බලශක්ති ව්‍යාපෘතියක් අදියර දෙකකින් ඒකාබද්ධව ක්‍රියාත්මක කෙරෙයි.

හැඳින්වීම

” ජනමිණ ”

සිහනෙත් මාධ්‍ය ජාලයට අයත් වෙබ් අවකාශයකි. මෙම වෙබ් අවකාශය හරහා ප්‍රවෘත්ති හා විශේෂාංග තුලනාත්මක හා අරුත්බර මුහුණුවරකින් ඔබ වෙත රැගෙන ඒම අපේ අභිප්‍රායයි. ” ජනමිණ ” පාඨක ජනවින්‍යාසය වෙත නැවුම් පරිකල්පනයන් විවර කරන හරවත් නිර්මාණාත්මක ලේඛනයෙන් පොහොණි ය.

0
Would love your thoughts, please comment.x
()
x