චීවරධාරී විශ්ව බුද්ධි යළි උසාවියට . . .

බුදු දහමට අපහාස කිරීම සම්බන්ධයෙන් රක්ෂිත බන්ධනාගාරගතව සිට ඇප මත මුදාහැර සිටින විශ්ව බුද්ධිමුණි හෙවත් රත්නපුරේ විමල බුද්ධි යන තැනැත්තා අධිකරණයේ අවවාද නොතකා තවදුරටත් එකී ක්‍රියාකාරකම්වල නිරත වන බව කියන සිද්ධියට අදාළව ඔහුව මෙම මස 24 දින අධිකරණය හමුවට ඉදිරිපත් කිරීමට පියවර ගන්නා ලෙස කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් ප්‍රසන්න අල්විස් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට ඊයේ (ජන. 18) නියෝග කළේ ය.

ටික් ටොක් සමාජ මාධ්‍ය ජාලාව උපයෝගි කර ගනිමින් බුදු දහමට නිගාවක් වන ආකාරයේ ක්‍රියාකාරකම්වල යෙදීම හා චීවරය සුනඛයෙකුට පෙරවීම ඇතුළු චෝදනා කිහිපයක් යටතේ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව මගින් පසුගිය දිනෙක අත්අඩංගුවට ගත් මෙම චීවරධාරියා රක්ෂිත බන්ධනාගාරගත කර සිට මුදාහැරීමෙන් අනතුරුවද අධිකරණයේ අවවාද නොතකා ඔහු නැවත නැවතත් එකී ක්‍රියාකාරකම්වල යෙදෙන බවට කරුණු අනාවරණය වී ඇති බැවින් මෙම සැකකාර චීවරධාරියා අධිකරණය හමුවට ඉදිරිපත් කිරීම සඳහා නියෝගයක් ලබාදෙන ලෙස අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව කළ ඉල්ලීමක් සලකා බැලීමෙන් අනතුරුව අධිකරණයෙන් එසේ නියම කෙරිණි.

අංක 1/32, තිහාරිය, කලගෙඩිහේන, ලිපිනයෙහි රැඳී සිටි බව කියන විශ්ව බුද්ධිමුණි හෙවත් රත්නපුරේ විමල බුද්ධි නමැති චීවරධාරියෙකුට අධිකරණය හමුවේ පෙනී සිටීමට එසේ නියෝග කෙරිණි. සිවිල් හා දේශපාලන අයිතිවාසිකම් පිළිබඳ සම්මුති පනත යටතේ සැකකරුට එරෙහිව නඩු පැවැරීමට නොහැකි වුව ද දණ්ඩ නීති සංග්‍රහයේ 290 වගන්තිය යටතේ සැකකරුට එරෙහිව නඩු පැවැරීමට හැකියාව ඇති බව පෙන්වා දෙමින් මහේස්ත්‍රාත්වරයා පෙර නඩු වාරයේදී සැකකාර චීවරධාරියා ඇප මත මුදාහැර තිබිණි.

මෙම සැකකරුගේ ගිණුම්වලට පසුගිය කාලයේ මුදල් ලැබී ඇත්තේ කෙසේ ද යන්න පිළිබඳව තවදුරටත් විමර්ශන සිදුකර අධිකරණයට කරුණු වාර්තා කරන බව ද අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව පෙර නඩු වාරයේදී අධිකරණයට දැනුම් දී තිබිණි.

Subscribe
Notify of
0 Comments
Inline Feedbacks
View all comments

Next Post

අංක තහඩුව වෙනුවට පරුෂ වචන ප්‍රදර්ශනය කරලා . . .

Fri Jan 19 , 2024
දෙනෝ දහසක් බලා සිටියදී  අංක තහඩුව වෙනුවට “පරුෂ වචනයක්” ප්‍රදර්ශනය කරමින් බොරලැස්ගමුව නගරය හරහා  ධාවනය වූ යතුරු පැදියක් පුද්ගලයින් දෙදෙනෙකු සමග අද (19) දා අත්අඩංගුවට ගත් බව බොරලැස්ගමුව පොලිසිය පවසයි. මෙසේ අත්අඩංගුවට ගෙන ඇත්තේ බොරලැස්ගමුව හා බෙල්ලන්විල ප්‍රදේශවල පදිංචි (18) හැවිරිදි දෙදෙනෙකු බව පොලිසිය කියයි . බොරලැස්ගමුව පොලිසියේ රථ වාහන […]

හැඳින්වීම

” ජනමිණ ”

සිහනෙත් මාධ්‍ය ජාලයට අයත් වෙබ් අවකාශයකි. මෙම වෙබ් අවකාශය හරහා ප්‍රවෘත්ති හා විශේෂාංග තුලනාත්මක හා අරුත්බර මුහුණුවරකින් ඔබ වෙත රැගෙන ඒම අපේ අභිප්‍රායයි. ” ජනමිණ ” පාඨක ජනවින්‍යාසය වෙත නැවුම් පරිකල්පනයන් විවර කරන හරවත් නිර්මාණාත්මක ලේඛනයෙන් පොහොණි ය.

0
Would love your thoughts, please comment.x
()
x