විදේශයන්හි පුරවැසිභාවය ලැබූ මන්ත්‍රීවරුන් . . .

විදේශයන්හි පුරවැසිභාවය ලැබූ මන්ත්‍රීවරුන් තවත් දහයකට ආසන්න සංඛ්‍යාවක් සහ රාජ්‍ය සේවයේ උසස් නිලධාරීන් දෙසීයකට ආසන්න සංඛ්‍යාවක් සිටින බවට තොරතුරු වාර්තාවී ඇතැයි රජයේ ආරංචි මාර්ග සඳහන් කළේය.

මින් වැඩි පිරිසක් ද්‍රවිඩ ජාතික මන්ත්‍රීවරු වෙති.

විදේශයන්හි පුරවැසිභාවය ලැබූ සෙසු මන්ත්‍රීවරුන්ට එරෙහිවද ඉදිරියේදී අධිකරණය හමුවේ පෙත්සම් ගොනු කිරීමට බලාපොරොත්තු වන බව සිවිල් සංවිධාන නියෝජිතයෝ පිරිසක් අප සමග පැවසූහ.

මේ අයගේ පුරවැසිභාවය සම්බන්ධයෙන් මෙතෙක් කිසිවකු හෝ අභියෝගයට ලක් කර නැතැයි පැවසේ. යමකු එසේ අභියෝග කළහොත් ඔවුනට එරෙහිව අධිකරණයෙන් තීන්දුවක් ලැබෙන තෙක් පමණක් එම මන්ත්‍රී ධූරයන්හි රැඳී සිටිය හැකි බව අධිකරණ විශේෂඥයෝ පෙන්වා දෙති.

කෙසේ වෙතත් එහිදී මන්ත්‍රීවරුන්ගේ ද්විත්ව පුරවැසිභාවය පැහැදිලි වශයෙන් අධිකරණය හමුවේ ඔප්පු කළ යුතුව ඇතැයිද ඔවුහු සඳහන් කරති.

විදේශයන්හි පුරවැසිභාවය ලැබූ ගීතා කුමාරසිංහ සහ ඩයනා ගමගේ ගේ  මන්ත්‍රී ධූර ශ්‍රේෂ්ඨාධිකරණ නියෝග අනුව අහෝසි කෙරිණ. මේ සම්බන්ධයෙන් පැවති දීර්ඝ නඩු විභාගවලින් අනතුරුවය, ඒ. හිටපු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ ජනාධිපතිවරණයට ඉදිරිපත් වීමට පෙර ඇමරිකානු පුරවැසිභාවය නිත්‍යානුකූලව ඉවත් කර ගත්තේය.

බැසිල් රාජපක්ෂ ගේ ද්විත්ව පුරවැසිභාවය සම්බන්ධයෙන්ද පසුගිය කාලයේදී සමාජයේ ලොකු කතාබහක් ඇතිවූ නමුත් ඔහු මන්ත්‍රී ධූරයෙන් ඉල්ලා අස්වීමත් සමඟ එම ගැටලුව නිරාකරණයවිය.

  • සුජිත් හේවාජුලිගේ
Subscribe
Notify of
0 Comments
Newest
Oldest Most Voted
Inline Feedbacks
View all comments

Next Post

දේවගැති ජෙරම් ගැන ශ්‍රේෂ්ඨාධිකරණයෙන් නීතිපතිට නියෝගයක් . . .

Mon May 13 , 2024
බුදු දහම ඇතුළු අන්‍ය ආගම් වලට අපහාසාත්මක වන ආකාරයේ ප්‍රකාශයක් සිදු කළේ යැයි කියනු ලබන දේවගැති ජෙරොම් ප්‍රනාන්දු සම්බන්ධයෙන් මෙතෙක් සිදු කළ විමර්ශනවල ප්‍රගතිය දැක්වෙන වාර්තාවක් සහ ඊට අදාලව මහේස්ත්‍රාත් අධිකරණවල ගොනුකර තිබෙන සියලුම “බී” වාර්තා වල පිටපත් ඉදිරි දෙසතිය තුළ අධිකරණය හමුවේ ගොනු කිරීමට පියවර ගන්නා ලෙස ශ්‍රේෂ්ඨාධිකරණය අද […]

හැඳින්වීම

” ජනමිණ ”

සිහනෙත් මාධ්‍ය ජාලයට අයත් වෙබ් අවකාශයකි. මෙම වෙබ් අවකාශය හරහා ප්‍රවෘත්ති හා විශේෂාංග තුලනාත්මක හා අරුත්බර මුහුණුවරකින් ඔබ වෙත රැගෙන ඒම අපේ අභිප්‍රායයි. ” ජනමිණ ” පාඨක ජනවින්‍යාසය වෙත නැවුම් පරිකල්පනයන් විවර කරන හරවත් නිර්මාණාත්මක ලේඛනයෙන් පොහොණි ය.

0
Would love your thoughts, please comment.x
()
x