ඩාන්සින් ටැබ්ලට් අලෙවි කළ අයෙක් මාට්ටූ . . .

රාත්‍රී සමාජ ශාලා සඳහා යොමුවන්නන් සඳහා ෆිල් නොහොත් (ඩාන්සින් ටැබ්ලට්) නමැති මත්පෙති මුදලට අලෙවි කළ පුද්ගලයෙකු වැල්ලම්පිටිය මීතොටමුල්ල නිවසකදී අත්අඩංගුවට ගත් බව කොළඹ අපරාධ කොට්ඨාසය කියයි.

මෙලෙස අත්අඩංගුවට ගෙන ඇත්තේ මීතොටමුල්ලේ රෝයල් නමැති වයස අවුරුදු 22 ක පුද්ගලයෙකි.

එම සැකකරු සමග විවිධ හැඩයෙන් යුත් ෆිල් මත් පෙති 15ක් එම ජාවාරමෙන් උපයාගත් රුපියල් 67250/= ක් පොලිස් භාරයට ගෙන ඇත.

යුක්තිය මෙහෙයුමට සමගාමීව කොළඹ අපරාධ කොට්ඨාසයේ බස්නාහිර පළාත් දූෂණ මර්දන අංශයේ උප පොලිස් පරීක්ෂක බුද්ධික රාජපක්ෂ නිලධාරියා ඇතුළු කණ්ඩායමක් වැල්ලම්පිටිය ප්‍රදේශයේ සංචාරය කරමින් සිටියදී ලද තොරතුරකට අනුව සැකකරු පදිංචිව සිටි නිවස වටලා තිබූ බව පොලිසිය කියයි. කාමරයේ තිබූ අල්මාරියක බහා තිබූ ඇඳුම් අතර ඩෙනිම් කලිසමක සාක්කුවක ඉතා සූක්ෂම අයුරින් සඟවා තිබූ ෆිල් නමැති විවිධ හැඩයෙන් යුත් මත් පෙති තොගය සොයා ගැනීමට හැකි වූ බව පොලිසිය සඳහන් කරයි.

විවිධ හැඩයෙන් සහ පාටින් යුත් ෆිල් නමැති මත්පෙත්තක් සැකකරු රුපියල් 5000/= මිලකට අලෙවි කර ඇති බවට ප්‍රශ්න කිරීමේදී අනාවරණය වූ බව පොලිසිය කියයි. සැකකරු කාලයක සිට මෙම මත් පෙති ජාවාරම සිදු කරගෙන ගොස් ඇති බව පවසන පොලිසිය මත්පෙති ලබා දෙන පුද්ගලයා සම්බන්ධයෙන් අනාවරණය කර ගැනීම සඳහා සිදුකරන බව පොලිසිය කියයි. සැකකරු අධිකරණය වෙත ඉදිරිපත් කිරීමට නියමිතය. කොළඹ අපරාධ කොට්ඨාසයේ අධ්‍යක්ෂ සහකාර පොලිස් අධිකාරි නෙවිල්ද සිල්වා, ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරීක්ෂක ඇන්සලම් ද සිල්වා ගේ උපදෙස් මත බස්නාහිර පළාත් දූෂණ මර්දන අංශයේ උප පොලිස් පරීක්ෂක බුද්ධික රාජපක්ෂ ඇතුළු කණ්ඩායමක් පරීක්ෂණ පවත්වයි.

  • බණ්ඩාරගම – බිමල් ජයසිංහ
Subscribe
Notify of
0 Comments
Newest
Oldest Most Voted
Inline Feedbacks
View all comments

Next Post

ජනාධිපති ලේකම් කාර්යාලය ඉදිරිපිට උණුසුම් වේ . . .

Wed May 15 , 2024
ජනාධිපති ලේකම් කාර්යාලය අසල විරෝධතාවයක් හේතුවෙන් උණුසුම් තත්ත්වයක් හට ගෙන තිබෙනවා. “අල්ලස් දූෂණයට නාස්තියට එරෙහි පුරවැසි බලය සංවිධානය“ විසින් අද (15) උදෑසන ජනාධිපති ලේකම් කාර්යාලය ඉදිරිපිට විරෝධතාවයක් සංවිධානය කර තිබූ අතර විරෝධතාවය ආරම්භ කිරීමත් සමඟ පොලීසිය විසින් බැනර් හකුළා ඉවත් කරනු ලැබුවා. එහිදී විරෝධතාකරුවන් සමන උණුසුම් තත්ත්වයක් ඇති වූ අතර පසුව […]

හැඳින්වීම

” ජනමිණ ”

සිහනෙත් මාධ්‍ය ජාලයට අයත් වෙබ් අවකාශයකි. මෙම වෙබ් අවකාශය හරහා ප්‍රවෘත්ති හා විශේෂාංග තුලනාත්මක හා අරුත්බර මුහුණුවරකින් ඔබ වෙත රැගෙන ඒම අපේ අභිප්‍රායයි. ” ජනමිණ ” පාඨක ජනවින්‍යාසය වෙත නැවුම් පරිකල්පනයන් විවර කරන හරවත් නිර්මාණාත්මක ලේඛනයෙන් පොහොණි ය.

0
Would love your thoughts, please comment.x
()
x