ගෝඨාභය බලයෙන් නෙරපීමේ කුමන්ත්‍රණය පිටුපස සිටි රාජක්ෂවරු . . .

හිටපු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ ජනාධිපති තනතුරින් නෙරපීම සඳහා රට තුළ ඉන්ධන, ගෑස් ඇතුළු පෝලිම් නිර්මාණය කළේ හිටපු අමාත්‍යවරුන් වන බැසිල් රාජපක්ෂ සහ නාමල් රාජපක්ෂ බව ව්‍යවසායක දිලිත් ජයවීර අවධාරණය කර සිටිනවා.

රූපවාහිනී නාලිකාවක ඊයේ (14) රාත්‍රියේ සජීවීව විකාශය වූ “ප්‍රහාරය” දේශපාලන වැඩසටහනට එක්වෙමින් දිලිත් ජයවීර මේ බව සඳහන් කළේ ය.

ඒ, අනුව ඔහු මෙහිදී චෝදනා කර සිටියේ, ගෝඨාභය රාජපක්ෂ හිටපු ජනාධිපතිවරයා බලයෙන් පහ කිරීමේ කුමන්ත්‍රණය දියත් කරනු ලැබුවේ බැසිල් රාජපක්ෂ සහ නාමල් රාජපක්ෂ බවයි.

එවක ආණ්ඩුව තුළ වගකිවයුතු අමාත්‍යාංශ රැසක් බැසිල් රාජපක්ෂ සහ නාමල් රාජපක්ෂ යටතේ පැවති බව සඳහන් කළ දිලිත් ජයවීර රට තුළ ඇති වූ පෝලිම්වලට එම අමාත්‍යාංශ වගකිව යුතු බවත් ඔහු මෙහිදී වැඩිදුරටත් අවධාරණය කළේ ය.

මේ පිළිබඳ වැඩි විස්තර පහත වීඩියෝවෙන් නරඹන්න.

  • Aruna

Subscribe
Notify of
0 Comments
Newest
Oldest Most Voted
Inline Feedbacks
View all comments

Next Post

වෙසක් සැරසිලි සඳහා පොලිතීන් එපා . . .

Wed May 15 , 2024
වෙසක් සමයේ විවිධාකාරයෙන් සිදු කරනු ලබන සැරසිලි සඳහා පොලිතීන්, ප්ලාස්ටික් භාවිත නොකරන ලෙස මධ්‍යම පරිසර අධිකාරිය මහජනතාවගෙන් ඉල්ලා සිටී. වෙළෙඳපොළ නිරීක්ෂණය කරන විට පොලිතීන් ප්ලාස්ටික්වලින් සමන්විත විවිධාකාරයේ වෙසක් සැරසිලි මේ දිනවල දැකගත හැකිය. එවැනි නිෂ්පාදන සඳහා පරිසර හිතකාමී විකල්ප රාශියක් පවතී. එබැවින් වෙසක් සැරසිලි සිදුකිරීමේ දී සෑම විටම පොලිතීන් ප්ලාස්ටික් […]

හැඳින්වීම

” ජනමිණ ”

සිහනෙත් මාධ්‍ය ජාලයට අයත් වෙබ් අවකාශයකි. මෙම වෙබ් අවකාශය හරහා ප්‍රවෘත්ති හා විශේෂාංග තුලනාත්මක හා අරුත්බර මුහුණුවරකින් ඔබ වෙත රැගෙන ඒම අපේ අභිප්‍රායයි. ” ජනමිණ ” පාඨක ජනවින්‍යාසය වෙත නැවුම් පරිකල්පනයන් විවර කරන හරවත් නිර්මාණාත්මක ලේඛනයෙන් පොහොණි ය.

0
Would love your thoughts, please comment.x
()
x