සා/පෙළ විද්‍යාව ප්‍රශ්න දෙකකට සම්පූර්ණ ලකුණු . . .

විෂය නිර්දේශයෙන් පිට ප්‍රශ්න ඉදිරිපත් කළ බවට චෝදනා එල්ලවූ සාමාන්‍ය පෙළ (2023) විභාගයේ විද්‍යාව ප්‍රශ්න පත්‍රයේ ප්‍රශ්න දෙකකට සම්පූර්ණ ලකුණු ලබාදීමට කටයුතු කරන බව විභාග කොමසාරිස් අමිත් ජයසුන්දර පැවැසීය.

එය ‘නිදහස් ලකුණු’ සේ සැලකෙන බව ද ඔහු කීවේය.

සාමාන්‍ය පෙළ විභාගය පසුගිය 06 වැනිදා ආරම්භ කර ඊයේ (15දා) අවසන් වූ බවත් විභාගය ඉතා සාර්ථකව පැවැත්වූ බවත් ඔහු කීය.

සිසුන් හාරලක්‍ෂ පනස්තුන්දහසක් (453,000) පමණ සහභාගි වූ මෙම විභාගයේ ප්‍රතිඵල ලබන සැප්තැම්බර් මාසය ඇතුළත ලබාදීමට අදහස් කරන බවත් ඔහු කීය. විභාගයේ පිළිතුරු පත්‍ර පරීක්‍ෂා කිරීම සඳහා ගුරුවරුන් තිස්පන්දහසක් පමණ දෙනා සහභාගි කර ගෙන අදියර දෙකක් යටතේ සිදු කිරීමට කටයුතු කරන බවත් ඔහු කීය.

විභාගය අවසන් වුවත් එම විභාගයේ ප්‍රායෝගික පරීක්‍ෂණ ද පැවැත්විය යුතු බවත් ඔහු කීය. ඉංග්‍රීසි ප්‍රශ්න පත්‍රය අන්තර්ජාලයට යොමු කළ උපකාරක පන්ති ගුරුවරයෙක් හා ඊට අනුබල දුන් බව කියන ගුරුවරියක් අත්අඩංගුවට ගෙන තිබුණත් එම ප්‍රශ්න පත්‍රය පිටවීමක් හෝ වෙනත් අක්‍රමිකතාවක් සිදුවී ඇති බවට මෙතෙක් වාර්තා වී නැති බව ද ඔහු කීය.

  • චමින්ද සිල්වා
Subscribe
Notify of
0 Comments
Newest
Oldest Most Voted
Inline Feedbacks
View all comments

Next Post

කෝටි 240ක බෙහෙත් විසිකරලා . . .

Thu May 16 , 2024
රුපියල් මිලියන 2,482.12ක් වටිනා ඖෂධ, ශල්‍ය හා රසායනාගාර ද්‍රව්‍ය තත්ත්වයෙන් අසමත් වීම හේතුවෙන් ඉකුත් වර්ෂය තුළ (2023) භාවිතයෙන් ඉවත්කොට ඇති බැව් ජාතික විගණන කාර්යාලය මගින් නිකුත්කොට ඇති විගේෂ විගණන වාර්තාවක සඳහන් වේ. එමෙන් ම ඉකුත් වර්ෂය තුළ රුපියල් මිලියන 10.72ක් වටිනා වෛද්‍ය සැපයීම් තත්ත්වයෙන් අසමත් වීම හේතුවෙන් තාවකාලිකව භාවිතය අත්හිටුවා […]

හැඳින්වීම

” ජනමිණ ”

සිහනෙත් මාධ්‍ය ජාලයට අයත් වෙබ් අවකාශයකි. මෙම වෙබ් අවකාශය හරහා ප්‍රවෘත්ති හා විශේෂාංග තුලනාත්මක හා අරුත්බර මුහුණුවරකින් ඔබ වෙත රැගෙන ඒම අපේ අභිප්‍රායයි. ” ජනමිණ ” පාඨක ජනවින්‍යාසය වෙත නැවුම් පරිකල්පනයන් විවර කරන හරවත් නිර්මාණාත්මක ලේඛනයෙන් පොහොණි ය.

0
Would love your thoughts, please comment.x
()
x