දිවයිනපුරා බොහෝ වෙළඳුන් තවමත් පාලන මිලට වැඩියෙන් බිත්තර අලෙවි කරන බව පාරිභෝගිකයෝ මැසිවිලි නගති. රුපියල් 44ක් සහ 46ක් වශයෙන් පාලන මිල ක්‍රියාත්මක වුවද බොහෝ වෙළඳුන් බිත්තරයක් රුපියල් 47 සිට 60 දක්වා වැඩි මිලට අලෙවි කරමින් පාරිභෝගිකයන් ගසා කන බව පෙන්වාදෙන ඔවුහු මේ දිනවල වෙළඳපොලේ බිත්තර හිගයක් ද පවතින බව කියා […]
ටිකිරි කොබ්බෑකඩුව සබරගමු පළාත් ආණ්ඩුකාර ධුරයෙන් අනිද්දා (10) සිට ඉල්ලා අස්වන බවට ජනාධිපති රනිල් වික්‍රමසිංහ ට ලිපියක් මගින් දැනුම් දී ඇත. ඉල්ලා අස්වීමේ ලිපිය ඊයේ (7) සවස ෆැක්සි මගින් ජනාධිපති කාර්යාලයට යැවූ බව ආණ්ඩුකාර කාර්යාලයේ ප්‍රකාශකයෙක් කීය. සති කීපයක් විදෙස් ගතව සිට යළි දිවයිනට පැමිණි ටිකිරි කොබ්බෑකඩුව ඉල්ලා අස්වීම යොමු […]
දැනට රුසියාවේ පාලනය යටතේ පවතින යුක්රේනයේ නෝවා කශ්කෝවා හි පිහිටි ප්‍රධාන වේල්ල පුපුරා ගොස් ගම්මාන 80ක් පමණ ජලයෙන් යට වී තිබෙනවා. එමඟින් දහස් ගණනක් ජනතාව ප්‍රදේශයෙන් ඉවත් කර ඇති බවයි වාර්තා වන්නේ. මෙම වේල්ල පිහිටි ජලාශය යුක්රේනයේ ප්‍රධාන වශයෙන් ජල විදුලි උත්පාදන මාර්ගය වන අතර එමගින් ජාතික පද්ධතියට එක් කෙරෙන විදුලි […]
තමන් ජනාධිපති ධුරයට සුදුසු නැතැයි කිසිවකු හෝ පවසන්නේ නම් ඒ මන්දැයි එක්සත් ජනරජ පෙරමුණේ නායක පාර්ලිමේන්තු මන්ත්‍රී චම්පික රණවක පවසයි. තමන් ජාත්‍යන්තර තලයේ ප්‍රධාන ආයතනවල ප්‍රධාන ධුරයන් දරා ඇති බවද මෙරට දැවැන්ත ව්‍යාපෘති ගණනාවක් තමන්ගේ නායකත්වයෙන් බොහෝ සාර්ථකව අවසන් කිරීමට හැකි වූ බවත් හෙතෙම පෙන්වා දේ. තමන්ට මෙතෙක් කිසිදු දූෂන […]
ආනමඩුවේ නිදන් හොරකන් කළ පිරිසක් ප්‍රදේශවාසීන් විසින් අල්ලා මදුරන්කුලියම පොලීසියට භාර දී තිබෙනවා. මෙහිදී ප්‍රදේශවාසීන් සදහන් කළේ මෙම නිවස තුළ කාන්තාවක් සහ දරුවකු නිවෙස් හිමියා විසින් බලහත්කාරයෙන් රදවා ගෙන සිටි බවයි. එසේම එම ප්‍රදේශයේ තිබී අදාළ කාන්තාවකගේ හා දැරියගේ යැයි සැක කෙරෙන ඇදුම් කිහිපයක්ද සොයා ගෙන ඇති අට්ගර ඔවුන් පිළිබද […]
ස්වර්ණමහල් ෆිනෑන්ෂල් සර්විසස් පීඑල්සී හි තැන්පත් කරුවන් හෝ ඔවුනගේ නීත්‍යානුකූල උරුමකරුවන්ට වන්දි මුදල් ගෙවීමට ශ්‍රී ලංකා මහ බැංකුව තීරණය කර ඇත. නිවේදනයක් නිකුත් කරමින් මහ බැංකුව පවසන්නේ 2023.06.09 දින සිට මහජන බැංකුවේ ඕනෑම ශාකාවකින් උපරිමය රුපියල් 1,100,000 යටත්ව වන්දි මුදල් ලබා ගන්නා ගත හැකි බවයි.
රක්ෂිත බන්ධනාගාර ගත කර සිටින නතාෂා එදිරිසූරිය සහ බෘෘනෝ දිවාකර ලබන 21 වනදා දක්වා තවදුරටත් රක්ෂිත බන්ධනාගාර ගත කිරීමට අධිකරණය අද නියෝග කලේය. බුදුදහමට අපහාස කළේ යැයි එල්ල වූ චෝදනා මත අත්අඩංගුවට ගත් ඔවුන් දෙදෙනා පසුගිය දා ගෙන රක්ෂිත බන්ධනාගාර ගත කරන අද දිනයේ යළි අධිකරණය හමුවට ඉදිරිපත් කිරීමෙන් පසු […]
ගෑස් මිල අඩු වුවද බේකරි නිෂ්පාදන වල මිල අඩු කළ නොහැකි බව සමස්ත ලංකා බේකරි හිමියන්ගේ සංගමය සඳහන් කරයි. මෙරට බේකරි වලින් 25%ක් පමණ ගෑස් භාවිතා නොකිරීම නිසා එසේ මිල අඩු කිරීමට නොහැකි බව සංගමයේ සභාපති එන් කේ ජයවර්ධන පැවසීය. ගෑස් මිල වැඩි වූ කිසි අවස්ථාවක බේකරි නිෂ්පාදනවල මිල ඉහළ […]
අද වන විට රුපියල ශක්තිමත් වී ඇත්තේ කෘතිම පාලනයක් හේතුවෙන් නිසා බවත් වැඩි කලක් යාමට පෙර එය වෙනස් වී යන බවත් හිටපු මහ බැංකු අධිපති අජිත් නිවාඩ් කබ්රාල් සඳහන් කරයි. බාහිර රට වලින් ඇමරිකානු ඩොලර් මිලියන 500 ක් ශ්‍රී ලංකාවට ඉහළ පොලියක් යටතේ ගෙන්වා ගැනීම හේතුවෙන් මෙසේ රුපියල ශක්තිමත් වී […]
ගාලුමෝදර ගෝඨාගෝගම අරගලයට පහර දීමේ සිද්ධියේ සැකකරුවන් වශයෙන් නම් කර සිටින හිටපු අමාත්‍ය ජොන්ස්ටන් ප්‍රනාන්දු, සනත් නිශාන්ත, මිලාන් ජයතිලක ඇතුළු සැකකරුවන් පිරිසකට එරෙහි පැමිණිල්ල ජූලි මස 19 වනදා යළි කැඳවන ලෙස කොළඹ කොටුව මහේස්ත්‍රාත් අධිකරණය අද නියම කරනු ලැබුවා. මෙම පැමිණිල්ල කොළඹ කොටුව මහේස්ත්‍රාත් තිලිණ ගමගේ ඉදිරියේ කැඳවනු ලැබීය. එහිදී […]