ලෝක ප්‍රවෘත්ති

රාත්‍රී සමාජ ශාලා සඳහා යොමුවන්නන් සඳහා ෆිල් නොහොත් (ඩාන්සින් ටැබ්ලට්) නමැති මත්පෙති මුදලට අලෙවි කළ පුද්ගලයෙකු වැල්ලම්පිටිය මීතොටමුල්ල නිවසකදී අත්අඩංගුවට ගත් බව කොළඹ අපරාධ කොට්ඨාසය කියයි. මෙලෙස අත්අඩංගුවට ගෙන ඇත්තේ මීතොටමුල්ලේ රෝයල් නමැති වයස අවුරුදු 22 ක පුද්ගලයෙකි. එම සැකකරු සමග විවිධ හැඩයෙන් යුත් ෆිල් මත් පෙති 15ක් එම ජාවාරමෙන් […]

මොරටුව සොයිසාපුර මහල් නිවාස සංකීර්ණයේ ‘සී’ කොටසේ ඉහළ මහලක බිත්තියක කොටසක් කඩා වැටී තිබේ. ප්‍රදේශවාසීන් පැවසුවේ ඊයේ (13) රාත්‍රීයේ මෙය සිදුවූ බවයි. මෙම අනතුරින් කිසිවෙකුටත් හානියක් සිදුවී නොමැත. මෙම මහල් නිවාස සංකීර්ණ පැරණි එකක් වන බවත්, මෙයට වඩා විශාල හානියක් සිදුවීමට පෙර බලධාරීන්ගේ අවධානය කඩිනමින් යොමුවිය යුතු බව ප්‍රදේශවාසීන් ඉල්ලා සිටියි. […]

ලාංකිකයන් රුසියානු යුද්ධය සඳහා කුලී හේවායන් ලෙස අලෙවි කරන ජාවාරමේ මහා මොලකරු රුසියාවේ හිටපු ශ්‍රී ලංකා තානාපති උදයංග වීරතුංග දැයි සැකයක් මතුවන බව පාර්ලිමේන්තු මන්ත‍්‍රී ගාමිණී වලේබොඩ පවසයි. රුසියානු යුද්ධයට යවා ඇති ලාංකිකයන් නිදහස් කරගැනීම ඉතා කෙටි කලත් තුළ තමන්ට හැකි බවට උදයංග වීරතුංග කළ ප්‍රකාශයක් හේතුවෙන් මෙම සැකය මතුවී […]

සෞඛ්‍ය අමාත්‍යාංශය ඇතුළු රජයේ ආයතන රැසක රැකියා දෙන බව පවසා රුපියල් කෝටි ගණනක මුදල් වංචා කරන ලදැයි කියන සිද්ධීන් සම්බන්ධයෙන් විමර්ශනයක් පවත්වන බව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව, අධිකරණයට ඊයේ (13 වැනිදා) දන්වා සිටියේය. කොළඹ ප්‍රධාන මහෙස්ත්‍රාත් අධිකරණය වෙත කරුණු වාර්තා කරමින් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ විශේෂ විමර්ශන ඒකක 03 හි ස්ථානාධිපති ප්‍රධාන […]

නකල්ස් රක්ෂිතයේ අනවසරයෙන් ගිනිමැල පත්තුකරමින් කූඩාරම් ගසාගෙන සිටි තරුණියන් 05 දෙනෙකු සහ තරුණයන් 17 දෙනෙකු අත්අඩංගුවට ගත් බව හුන්නස්ගිරිය අඩවි වන නිලධාරී කාර්යාලය පවසයි. මෙලෙස අත්අඩංගුවට ගත් සැකකරුවන් බණ්ඩාරවෙල, කොළඹ, බදුල්ල, මහනුවර ඇතුළු දිවයිනේ විවිධ ප්‍රදේශවල පදිංචිකරුවන් වන අතර, අවුරුදු 20 – 30 ත් අතර පසුවන තරුණ තරුණියන් බව සදහන් […]

ජනාධිපති ලේකම් කාර්යාලයේ මාධ්‍ය අධ්‍යක්ෂවරයකු අල්ලස් ඉල්ලීම සහ ඒ පිළිබඳ පුත්තලම දිස්ත්‍රික්කයේ ප්‍රාදේශීය ලේකම්වරයකු මුහුණු පොතේ (ෆේස්බුක්) සටහනක් තැබීම සම්බන්ධයෙන් අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාව පරීක්ෂණයක් ආරම්භ කර තිබේ. ජනාධිපති ලේකම් කාර්යාලය විසින් අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාවට ලිඛිතව දැනුම් දීමත් සමග මෙම පරීක්ෂණය ආරම්භ කර […]

විශ්වවිද්‍යාල අනධ්‍යයන සේවකයින්ගේ වැටුප් ගැටලුව විසඳීම සඳහා කැබිනට් මණ්ඩලයට ඉදිරිපත් වූ යෝජනාව සම්මතවීම තවදුරටත් ප්‍රමාද වී තිබේ. අධ්‍යාපන අමාත්‍ය සුසිල් ප්‍රේමජයන්ත විසින් අදාළ යෝජනාව ඊයේ (13) රැස්වූ කැබිනට් මණ්ඩලයට ඉදිරිපත් කර ඇති අතර එම යෝජනාව අඩංගු කරුණු සඳහා මුදල් අමාත්‍යංශයේ අනුමැතිය ලබාගැනීමට එහිදී තීරණය වී ඇති බව වාර්තා වේ. ඒ […]

අද (14) සිට ලබන 16 වැනිදා දක්වා දින තුනක වෘත්තීය ක්‍රියාමාර්ගයක් සිදු කරන බව ග්‍රාම නිලධාරී වෘත්තීය සමිති එකමුතුව පවසනවා. ඒ සේවා ව්‍යවස්ථාවක් ඇතුළු ඉල්ලීම් කිහිපයක් මුල්කර ගනිමින් අද සිට දින තුනක් අසනීප නිවාඩු වාර්තා කිරීමේ වෘත්තීය සමිති ක්‍රියාමාර්ගයක නිරත වන බව ග්‍රාම නිලධාරී වෘත්තීය සමිති එකමුතුව පවසයි. පසුගිය සතියේ […]

ඌරෙකුගේ වකුගඩුවක් සාර්ථකව බද්ධ කිරීමට ලක්වූ 62 හැවිරිදි පුද්ගලයා එම සැත්කමෙන් මාස කිහිපයකට පසු මිය ගිය බව වාර්තා වේ. ලොව ප්‍රථම වරට සිදු කළ ජානමය වශයෙන් වෙනස් කරන ලද ඌරු වකුගඩු බද්ධ කිරීමේ සැත්කම වෛද්‍ය විද්‍යාවේ සංධිස්ථානයක් ලෙසට හඳුන්වනු ලැබීය. රික් ස්ලේමන් නම් පුද්ගලයා පසුගිය 2023 වසරේදී වකුගඩු රෝගය හඳුනා […]

පාකිස්තානයේ ප්‍රජානත්ත්‍රවාදී විරුවකු ලෙස සැලකෙන, පාකිස්තාන ජනතා පක්ෂය පිහිටුවීමේ පුරෝගාමියා ද වූ සුල්ෆිකාර් අලි බූතෝගේ රුව එරට මුදල් නෝට්ටුවලට යොදන්නැයි පාකිස්තාන ෆෙඩරල් රජයට බල කරමින්, පාකිස්තාන ජනතා පක්ෂය නව යෝජනාවලියක් ඉදිරිපත් කර තිබේ.  මේ වනවිට පාකිස්තානයේ බලයේ සිටින්නේ සන්ධාන රජයකි. එම සන්ධානය පවතින්නේ පාකිස්තාන මුස්ලිම් ලීගය එන් පක්ෂය සහ පාකිස්තාන […]

හැඳින්වීම

” ජනමිණ ”

සිහනෙත් මාධ්‍ය ජාලයට අයත් වෙබ් අවකාශයකි. මෙම වෙබ් අවකාශය හරහා ප්‍රවෘත්ති හා විශේෂාංග තුලනාත්මක හා අරුත්බර මුහුණුවරකින් ඔබ වෙත රැගෙන ඒම අපේ අභිප්‍රායයි. ” ජනමිණ ” පාඨක ජනවින්‍යාසය වෙත නැවුම් පරිකල්පනයන් විවර කරන හරවත් නිර්මාණාත්මක ලේඛනයෙන් පොහොණි ය.