මොනරාගලින් මහින්ද අගමැති සටන අරඹයි . . .

නැවත වතාවක් අගමැති ධූරය ලබා ගැනීමේ මෙහෙයුම ආරම්භ කරමින් හිටපු අගමැති මහින්ද රාජපක්ෂ හෙට (12) දිනයේදී මොනරාගල දිස්ත්‍රික් සමුලුවට සහභාගී වීමට නියමිතය. හිටපු අමාත්‍ය ශෂීන්ද්‍ර රාජපක්ෂ විසින් මෙම දිස්ත්‍රික් සමුලුව සංවිධාන කර ඇති බව වාර්තා වේ.

පසුගිය දිනෙක රාජපක්ෂ පවුලේ නැගනියකගේ කොළඹ නිවසේ රාත්‍රී භෝජන සංග්‍රහයක් පැවැත්වී ඇති අතර එහිදී මහින්ද රාජපක්ෂ නැවත වතාවක් අගමැති ධූරය ලබා ගත යුතු බවට සාකච්ඡාවක් සිදුවී ඇති බවක් දැනගන්නට තිබේ. එහි ප්‍රතිපලයක් ලෙස ශෂීන්ද්‍ර රාජපක්ෂ විසින් මෙම මොනරාගල දිස්ත්‍රික් සමුලුව සංවිධාන කොට ඇති බව පැවසේ.

කෙසේවෙතත් එළඹෙන පළාත් පාලන මැතිවරණය ඉලක්ක කර පවත්වන ප්‍රචාරක රැලියක් ලෙස මෙය සංවිධාන කොට ඇති බවත්, අනතුරුව දිස්ත්‍රික් මට්ටමින් මෙම සමුලු සංවිධාන කිරීමට ‌පොහොට්ටුව තීන්දු කොට ඇති බවත් දැනගන්නට ඇත.

Subscribe
Notify of
0 Comments
Inline Feedbacks
View all comments

Next Post

තරංග නෙල්සන් ගායකයකු ලෙස දොරට වඩී . . .

Sat Mar 11 , 2023
ජනප්‍රිය වේග රිද්ම ගායක නිහාල් නෙල්සන්ගේ ගීත යළිත් ජනතාවට නෙල්සන් පවුලේ හඩින්ම ශ්‍රවනය කිරීමේ අවස්ථාවක් උදාවී තිබේ. ඒ, නිහාල් නෙල්සන්ගේ පුත් තරංග නෙල්සන් ගායකයකු ලෙස දොරට වැඩීමේ උත්සවයත් සමගය. කොළඹ මහවැලි කේන්ද්‍රයේ මෙම උත්සවය පැවැත්විණ.

හැඳින්වීම

” ජනමිණ ”

සිහනෙත් මාධ්‍ය ජාලයට අයත් වෙබ් අවකාශයකි. මෙම වෙබ් අවකාශය හරහා ප්‍රවෘත්ති හා විශේෂාංග තුලනාත්මක හා අරුත්බර මුහුණුවරකින් ඔබ වෙත රැගෙන ඒම අපේ අභිප්‍රායයි. ” ජනමිණ ” පාඨක ජනවින්‍යාසය වෙත නැවුම් පරිකල්පනයන් විවර කරන හරවත් නිර්මාණාත්මක ලේඛනයෙන් පොහොණි ය.

0
Would love your thoughts, please comment.x
()
x