ශ්‍රී ලංකාවේ විශාලතම ලෝහමය ශ්‍රී සුමන සමන් දේව ප්‍රතිමාව නල්ලතන්නිය ශ්‍රී පාද මාර්ගයේ පිහිටි කල්ප රුක්ෂ විහාරස්ථානයේ තැන්පත් කිරීම අද (23 වැනිදා) යෙදෙන බක් පොහෝ දිනයේදී සිදු කරන බව එම විහාරස්ථානයේ විහාරාධිපති දෙහිපේ නන්ද හිමියන් පැවසීය. කොළඹ ගංගාරාම විහාරස්ථානයේ සිට මහනුවර හරහා නල්ලතන්නිය දක්වා වැඩම කරවනු ලබන ශ්‍රී ලංකාවේ විශාලතම […]

මන්නාරමේ සිලාවතුර කොක්තුපරයාන් වනයේ කොටි සංවිධානය වැළලූ රන් භාණ්ඩ සොයා එම කැලෑවේ කැණීම් කිරීමට පැමිණි පුද්ගලයන් පස්දෙනකු නාවික හමුදාව මගින් අත්අඩංගුවට ගෙන මන්නාරම පොලිසියට භාරදී ඇත. සැකකරුවන් අතරින් එක් අයකු අනුරාධපුර ප්‍රදේශයේ පොලිසියක සේවය කරන සැරයන්වරයකු බව පැවසේ. සිද්ධිය සම්බන්ධයෙන් සිලාවතුර පොලිසිය පෙරේදා (21දා) විමර්ශනයන් පැවැත් වූ අතර එහිදී හෙළි […]

යාපනය පුංගුඩුතිව් කන්නකායි අම්මාන් කෝවිලක පැවති වෙන්දේසියක දී සාරියක් රුපියල් ලක්ෂ 16කට වෙන්දේසි වී තිබේ. ඓතිහාසික පුංගුඩුතිව් කන්නකායි අම්මාන් කෝවිලේ තීර්ථ මංගල්‍යයේ ඊයේ (22) පැවැති අතර, මේ සඳහා බැතිමතුන් විශාල පිරිසක් සහභාගී වී ඇත. එහිදී දෙවියන් වෙනුවෙන් නිර්මාණය කළ සාරියක් වෙන්දේසි කළ අතර, එම උත්සවය සඳහා පැමිණ සිටි කාන්තාවක් එම […]

පිරමීඩාකාර ව්‍යාපාරවල නිරත වන බවට හඳුනාගත් තවත් මූල්‍ය ආයතන අටක් ශ්‍රී ලංකා මහ බැංකුව විසින් ඊයේ (22 වැනිදා) ප්‍රකාශයට පත්කර ඇත. ශ්‍රී ලංකා මහ බැංකුව වෙත ලැබුණු පැමිණිලිවලට අනුව 1988 අංක 30 දරන බැංකු පනතේ 83(ඇ) වගන්තිය උල්ලංඝනය කරමින් තහනම් යෝජනා ක්‍රම ක්‍රියාත්මක කරන්නේද යන්න සම්බන්ධයෙන් විමර්ශනයක් කර ඇත. එම […]

දුම්රිය සමාන්‍යාධිකාරී එච්.එම්.කේ .ඩබ්ලිව් බණ්ඩාර අද (23) අළුයම අනුරාධපුරයේ දුම්රිය නිවාඩු නිකේතනයේ සිටියදි අභාවප්‍රාප්ත වී ඇතිබව දුම්රිය දෙපාර්තමේන්තුව පවසයි. මේ වනවිට දුම්රිය සාමාන්‍යාධිකාරීවරයාගේ දේහය අනුරාධපුර රෝහලේ මෘත ශරීරාගාරයේ තැන්පත් කර තිබේ. අනුරාධපුර දුම්රිය ස්ථානයට අනුුබද්ධව ඉදිකෙරෙන ගොඩනැගිල්ලක් හා මහව අනුරාධපුර දුම්රිය ස්ථාන අතර ඉදිකෙරෙන දුම්රිය මාර්ගයේ ඉදිකිරීම් නිරීක්ෂණය කිරීම සදහා […]

මීළඟ ජනාධිපතිවරණය සඳහා පාර්ලිමේන්තු මන්ත්‍රී රොෂාන් රණසිංහ ද අපේක්ෂකයෙකු ලෙස තරග වදින බව ජාතික ප්‍රජාතන්ත්‍රවාදී පෙරමුණ සඳහන් කරයි. එමෙන්ම පාර්ලිමේන්තු මැතිවරණය සඳහාද තම පක්‍ෂයේ අපේක්ෂකයන් දිස්ත්‍රික විසි දෙකකට ඉදිරිපත් කරන බවද එම පක්ෂයේ නායක රුවන් මලින්ද කියා සිටියි. දූෂණයට නාස්තියට විරුද්ධ මැති ඇමතුම රැසක් ඉදිරියේදී තම පක්‍ෂයට එකතු වන බවද […]

විදේශ රැකියා ලබාදෙන බව පවසා මුදල් වංචා කළ පුද්ගලයෙකු බඩල්ගම ප්‍රදේශයේ දී අත්අඩංගුවට ගෙන තිබේ. විදේශ රැකියා ආයතනයක් පවත්වාගෙන යමින් කැනඩාවේ සහ වෙනත් යුරෝපීය රටවල රැකියා ලබාදෙන බව පවසා මුදල් වංචා කිරීම සම්බන්ධයෙන් සැකකරු අත්අඩංගුවට ගෙන ඇති බව පොලීසිය පැවසුවේය. අත්අඩංගුවට ගෙන ඇත්තේ 29 හැවිරිදි සඳලංකාව ගොඩැල්ල ප්‍රදේශයේ පදිංචිකරුවෙකු බව […]

කලවාන නගරයේ පිහිටි පුද්ගලික මූල්‍ය ආයතනයක් බිඳ රන් භාණ්ඩ සොරකම් කළ සැකකරුවන් දෙදෙනෙකු අත්අඩංගුවට ගෙන තිබේ. එලෙස අත්අඩංගුවට ගෙන ඇත්තේ එම ආයතනයේම අලෙවි නිලධාරියෙකු හා රන් භාණ්ඩ අංශය භාර නිලධාරියෙකි. අත්අඩංගුවට ගත් සැකකරුවන් කලවාන ප්‍රදේශයේ පදිංචි අවුරුදු 26ත් 33ත් අතර වයස්වල පසුව පුද්ගලයින් දෙදෙනෙක් බව පොලීසිය පැවසීය. එම මූල්‍ය ආයතනයේ […]

ශ්‍රී ලන්කන් ගුවන් සමාගම ප්‍රතිව්‍යුහගතකරණය සඳහා කළ අභිලාෂ කැඳවීම්වලට කැමැත්ත පළ කළ සමාගම් අතර දේශීය සමාගම් සමූහයක් වන හේලීස් සමාගම සිටින බව මුදල්, ආර්ථික ස්ථායීකරණ සහ ජාතික ප්‍රතිපත්ති අමාත්‍යංශය සඳහන් කරනවා. මෙම හේලීස් සමාගමේ කොටස් ප්‍රාග්ධනයෙන් 51% කට වැඩි ප්‍රතිශතයක් හිමි වන්නේ, ප්‍රසිද්ධ ව්‍යාපාරික සහ පාර්ලිමේන්තු මන්ත්‍රී ධම්මික පෙරේරා ටයි. […]

මාධ්‍යවේදී චමුදිත සමරවික්‍රම නැවත වරක් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව වෙත කැඳවා තිබේ. ඒ ඔහු විසින් පවත්වාගෙන යන අන්තර්ජාල නාලිකාවක සිදුකළ සාකච්ඡාවක් සම්බන්ධයෙන් ප්‍රශ්න කිරීමටයි. මහේස්ත්‍රාත් තිලින ගමගේ ඝාතනය කිරීමට පාතාලය විසින් සිදුකළ සැලසුමක් සම්බන්ධයෙන් වන හඬ පටයක් ඔහු එම නාලිකාවේ විකාශය කර තිබිණි. ඒ අනුව එම මාධ්‍ය සාකච්ඡාවට අදාළ සියලු විස්තර […]

හැඳින්වීම

” ජනමිණ ”

සිහනෙත් මාධ්‍ය ජාලයට අයත් වෙබ් අවකාශයකි. මෙම වෙබ් අවකාශය හරහා ප්‍රවෘත්ති හා විශේෂාංග තුලනාත්මක හා අරුත්බර මුහුණුවරකින් ඔබ වෙත රැගෙන ඒම අපේ අභිප්‍රායයි. ” ජනමිණ ” පාඨක ජනවින්‍යාසය වෙත නැවුම් පරිකල්පනයන් විවර කරන හරවත් නිර්මාණාත්මක ලේඛනයෙන් පොහොණි ය.