රටේ එමට ප්‍රශ්න ඇතත් කිසිදු ප්‍රශ්නයකට විසඳුම් පේන තෙක් මානයක නොමැත. ප්‍රශ්නවලට විසඳුම් නැතත් රටේ ආණ්ඩුවක් ඇත. මේ වනවිට ආණ්ඩුවේ ඇමතිවරුන්ගේ ප්‍රධාන කාර්යය වී තිබෙන්නේ දිනපතා මාධ්‍ය හමු පවත්වමින් අර්බුදයේ ගැඹුර ජනතාවට පැහැදිලි කිරීමයි. එහෙත්, ජනතාව ඉල්ලා සිටින්නේ අර්බුදයේ ගැඹුර හොඳින්ම දන්නා බැවින් අර්බුදය පැහැදිලි කිරීම වෙනුවට අර්බුදයට විසඳුම් ලබාදෙන ලෙසයි. විසඳුම් […]

විදුලි බිල වැඩිකිරීම සඳහා ලංකා විදුලිබල මණ්ඩලය කළ ඉල්ලීම පිළිබඳව සහ ඒ සඳහා මහජන උපයෝගීතා කොමිසම ඉදිරිපත් කර ඇති ප්‍රතියෝජනා සම්බන්ධයෙන් මහජන අදහස් කැඳවීමට එම කොමිසම තීරණය කර තිබේ. ඊයේ පැවති මාධ්‍ය හමුවකට එක්වෙමින් මහජන උපයෝගීතා කොමිසමේ සභාපති ජනක රත්නායක මහතා මේ බව පැවසීය. ඒ අනුව අදාළ තොරතුරු අද මහජන […]

ආරක්ෂිත ප්‍රවාහන මාධ්‍යයක් වශයෙන් පාපැදි භාවිතය ප්‍රචලිත කෙරේ. විවිධ වයස් කාණ්ඩ අතර විනෝදාංශයක් හා ක්‍රීඩාවක් වශයෙන් පමණක් නොව ආරක්ෂිත ප්‍රවාහන මාධ්‍යයක් වශයෙන් පාපැදි භාවිතය ප්‍රචලිත කිරීමේ අරමුණින් නව වැඩසටහනක් සැලසුම් කර ඇතැයි ප්‍රවාහන හා මහාමාර්ග අමාත්‍යාංශයේ අතිරේක ලේකම් බර්නාඩ් වසන්ත මහතා ප්‍රකාශ කළේය. රට මුහුණ පා ඇති ආර්ථික අර්බුදය සහ […]

පාසලට පැමිණිමේදී ප්‍රවාහන අපහසුතා ඇති තම පාසලේ දරුවන් පාසල් බස්රථයෙන් ප්‍රවාහනය කර අධ්‍යාපනයේ දෙවීමට මැදිරිගිරිය සිරිමාවෝ බණ්ඩාරණායක ප්‍රාථමිකයේ විදුහල්පති ජේ.කේ චමින්ද ප්‍රියශාන්ත කටයුතු කරයි. බස් රථයේ රියැදුරු ලෙස විදුහල්පතිවරයා කටයුතු කරයි. ඉන්ධන අර්බුදය හේතුවෙන් දිවයිනපුරා පාසල් වසා දැමීමට කටයුතු කළ අවස්ථාවක තම පාසල වසා දැමීමට කටයුතු නොකළ විදුහල්පතිවරයා ප්‍රවාහන අපහසුතා […]

බොලිවුඩයේ සුපිරි නලු ෂාරුක් ඛාන්ට කොවිඩ් වෛරසය ආසාදනය වී තිබෙනවා. මීට පෙර කාර්තික් ආර්යන්, කත්රිනා කයිෆ් සහ ආදිත්‍ය රෝයි කපූර්ට ද කොරෝනා වෛරසය ආසාදනය වී ඇතැයි අනාවරණ වුණා. අක්ශය කුමාර්ද පසුගියදා COVID-19 ආසාදනයෙන් පසු සුවය ලබා තිබෙනවා. ෂාරුක් ඛාන්ට කොවිඩ් වෛරසය ආසාදනය වී ඇතැයි තොරතුරු අනාවරණ වුව ද ඔහු ප්‍රතිකාර […]

වෛද්‍යවරුන් ඇතුළු සෞඛ්‍ය කාර්ය මණ්ඩලවලට රජය පොරොන්දු වූ පරිදි ඉන්ධන ලබාදීමට කටයුතු නොකිරීම නිසා අඟහරුවාදා (28) දිනයේ සිට කරාපිටිය රෝහල ඇතුළු ගාල්ල දිස්ත්‍රික්කයේ සියලුම රෝහල් සහ සෞඛ්‍ය ආයතනවල හදිසි සේවා පමණක් පවත්වාගෙන යාමට කටයුතු කරන අතර අනෙකුත් සේවා පවත්වාගෙන යාමට නොහැකි තත්වයක් උද්ගතව ඇති බව රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය පවසයි. ගාල්ල […]

හිටපු අමාත්‍යවරයකුට අයත් කුරුණෑගල ඉන්ධන පිරවුම්හලකින් සාමාන්‍ය ජනතාවට පෝලිමේ ගොස් ඉන්ධන ලබා ගැනීමට නොහැකි ආකාරයට එම ස්ථානයේ පාලනය එක්තරා මැර කල්ලියක් අතට පත්ව ඇති බවට ජනතාව චෝදනා කරති. මෙම ඉන්ධන පිරවුම්හලේ ආරක්ෂාව සඳහා පොලිස් නිලධාරීන් සහ හමුදා සාමාජිකයන් පිරිසක් යොදවා සිටියද එම මැර කල්ලිය ආරක්ෂක අංශ නිලධාරීන් ගණනකටවත් නොගෙන රිසි […]

ශ්‍රී ලංකාව සතුව මේ වන විට ඇත්තේ දිනකටවත් ප්‍රමාණවත් නොවන ඉන්ධන සංචිතික් බව ඩේලි මිරර් පුවත්පත තෙල් සංස්ථාවේ ඉහළ නිලධාරීන් උපුටමින් කියා සිටියි. දැනට ඇත්තේ පෙට‍්‍රල් ටොන් 1100ක් සහ ඩීසල් 7500ක් පමණක් බවත් එම වාර්තාව සඳහන් කරයි. ශ්‍රී ලංකාව ණය ගෙවීම අතහැරීම නිසා ජාත්‍යන්තර සමාගම් ශ්‍රී ලංකාව අසාදු ලේඛන ගත කර […]

අධිවේගී මාර්ගයට යතුරුපැදියක් ධාවනය කර රිය අනතුරක් සිදුකළ බවට පොලිස් කොස්තාපල්වරයෙකු දක්ෂිණ අධිවේගී මාර්ග රථවාහන පොලීසිය මඟින් අත්අඩංගුවට ගෙන තිබේ. සැකකාර පොලිස් කොස්තාපල්වරයා බීමතින් සිට ඇති බවට අනාවරණය වී ඇති බව පොලීසිය පැවසුවේය. කොතලාවල පිවිසුමෙන් අධිවේගී මාර්ගයට සිය යතුරුපැදිය ඇතුළු කර ඇති ඔහු පොලිස් අණ නොතකා කොට්ටාව දෙසට ගමන් කර යළි […]

ඉන්ධන මිල ඉහළ යාමත් සමග වහාම ක්‍රියාත්මක වන පරිදි බස් ප්‍රවේශ පත් ගාස්තුව හෙට (27) සිටම ඉහළ දැමිම සිදුකළ යුතු බව සමස්ත ලංකා පෞද්ගලික බස් හිමියන්ගේ සංගමයේ ප්‍රධාන ලේකම් අංජන ප්‍රියන්ජිත් මහතා පවසයි. මේ අනුව නව ගාස්තුව ලෙස පවතින අවම මිල ගණන් 35% ත් 40% අතර ප්‍රමාණයකින් වැඩිවිය යුතු බව […]

හැඳින්වීම

” ජනමිණ ”

සිහනෙත් මාධ්‍ය ජාලයට අයත් වෙබ් අවකාශයකි. මෙම වෙබ් අවකාශය හරහා ප්‍රවෘත්ති හා විශේෂාංග තුලනාත්මක හා අරුත්බර මුහුණුවරකින් ඔබ වෙත රැගෙන ඒම අපේ අභිප්‍රායයි. ” ජනමිණ ” පාඨක ජනවින්‍යාසය වෙත නැවුම් පරිකල්පනයන් විවර කරන හරවත් නිර්මාණාත්මක ලේඛනයෙන් පොහොණි ය.