නොරච්චෝලේ මෙගාවොට් 300ක ගල් අඟුරු බලාගාරය නැවත ක්‍රියාත්මක වන තෙක්  පැය දෙකහමාරක විදුලි කප්පාදුවක් සිදු කරන බව විදුලිබල හා බලශක්ති අමාත්‍ය කංචන විජේසේකර බදාදා (22) ප්‍රකාශ කළේය. “නොරොච්චෝලේ බලාගාරය නැවත විදුලිබල පද්ධතියට සම්බන්ධ කරන තුරු පැය දෙකහමාරක විදුලි කප්පාදුව එලෙසම පවත්වාගෙන යාමට සැලසුම් කරමි” යනුවෙන් අමාත්‍යවරයා බදාදා (22) ට්විටර් පණිවුඩයක්ද […]

ඇෆ්ගනිස්තානයේ ඇති වූ ප‍්‍රබල භූමිකම්පාවකින් පුද්ගලයන් 250ක් පමණ මිය ගොස් තිබෙනවා. අනතුරින් සියයකට වැඩි පිරිසක් තුවාල ලබා ඇති බවයි විදෙස් මාධ්‍ය වාර්තා කලේ. ගිනිකොණ දිග ඛෝස්ට් නගරයේ සිට කිලෝමීටර් 44ක් පමණ දුරින් පිහිටි ප‍්‍රදේශයක මෙම භූ කම්පනය හටගෙන ඇති බව සඳහන්. යුරෝපීය මධ්‍යධරණී භූ කම්පන මධ්‍යස්ථානය සඳහන් කලේ ඇෆ්ගනිස්ථානය, පාකිස්ථානය හා ඉන්දියාවේ […]

අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහගේ කොළඹ පිහිටි පෞද්ගලික නිවස ඉදිරිපිට විරෝධතාවක් ආරම්භ කර තිබේ. අග්‍රාමාත්‍යවරයාගේ නිවස ඉදිරිපිට පැවැත්වෙන එම විරෝධතාවට හිරුණිකා ප්‍රේමචන්ද්‍ර ඇතුළු කාන්තා සංවිධාන නියෝජිතයින් සහ පිරිසක් සහභාගී වී සිටින බව වාර්තා වෙයි. විරෝධතාව හේතුවෙන් අදාළ ස්ථානයට විශේෂ ආරක්ෂාවක් යොදවා ඇති බව ද වාර්තා වෙයි. කෙසේවෙතත් මේ වනවිට හිරුණිකා ප්‍රේමචන්ද්‍ර ඇතුළු කාන්තා […]

පෞද්ගලික අංශයේ කම්කරුවන්ගේ අවම වැටුප ඉහළ දැමීම සඳහා සාකච්ඡා පවත්වා තිබෙන බවත්, ඒ සම්බන්ධයෙන් පනතක් පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරන බවත් කම්කරු හා විදේශ රැකියා අමාත්‍ය මනූෂ නානායක්කාර පවසනවා. ඊයේ (21දා) පාර්ලිමේන්තුවේ පැවැති විවාදයට එක්වෙමින් ඔහු මේ බව සඳහන් කළා. එමෙන්ම වතු කම්කරුවන්ගේ වැටුප දැනෙන ආකාරයෙන් ඉහළ දැමීම සඳහා කම්කරු අමාත්‍යාංශය පැත්තෙන් පෙනී […]

වෙළඳපලේ ඇසුරුම් කරන ලද භාණ්ඩ රැසක මිල ගණන් යලි ඉහළ දමා තිබෙනවා. එදිනෙදා භාවිතයට ගන්නා සබන්, දත් බෙහෙත්, බිස්කට් වර්ග හා නුඩ්ලස් ඇතුළු තවත් භාණ්ඩ රැසක මෙලෙස ඉහළ ගොස් ඇති බවයි වෙළඳපල ආරංචිමාර්ග සඳහන් කළේ. මීට සති 2කට පමණ පෙර රුපියල් 135 ක් පමණ මිලක පැවති ඇඟ ගල්වන සබන් කැටයක මිල […]

ඊයේ (20 දා) දිනයේ බත්තරමුල්ල ආගමන විගමන දෙපාර්තමේන්තුවට අති විශාල පිරිසක් සේවයන් ලබා ගැනීමට පැමිණ සිටි බව වාර්තාවේ. විදෙස් ගමන් බලපත් ලබා ගැනීම සදහා වන එක් දින සේවාවේ සේවය ලබා ගැනීම සදහා පැමිණි සිටි පිරිස රැදී සිටි පෝලිම කිලෝමීටර එක හමාරකට වඩා දිගු වූ බවයි එම දෙපාර්තමේන්තුවේ නිලධාරියකු අප කල […]

ගෘහ සේවය ආශ්‍රිත රැකියා සඳහා විදෙස්ගත වන ලාංකික කාන්තාවන්ගේ අවම වයස අවුරුදු 21 ක් ලෙස සංශෝධනය කිරීමට කැබිනට් මණ්ඩලය තීරණය කර තිබෙනවා. ශ්‍රී ලාංකික කාන්තාවන් සඳහා ගෘහ හා ගෘහ ආශ්‍රිත විදේශ රැකියාවක නිරත වීම සඳහා දැනට පවතින අවම වයස් සීමාව සෞදි අරාබිය සඳහා අවුරුදු 25 ක් ද අනෙකුත් මැදපෙරදිග රටවල් […]

උතුරු කොරියාවේ අවම වශයෙන් පවුල් 800 ක් පමණ හඳුනා නොගත් අමාශය ආශ්‍රිත රෝගයකින් පීඩා විඳින බව විදෙස් මාධ්‍ය වාර්තා කරනවා. දකුණු කොරියානු බලධාරීන් ප්‍රකාශ කර ඇත්තේ, හඳුනා නොගත් යැයි උතුරු කොරියා බලධාරීන් පවසන මෙම රෝගය කොළරාව හෝ ටයිපොයිඩ් උණ විය හැකි බවයි. KCNA පුවත් සේවය වාර්තා කර ඇත්තේ උතුරු කොරියානු නායක […]

    ජනාධිපති කාර්යාලය සඳහා ලෝටස් මාවත දෙසින් භාවිත කරමින් තිබූ පිවිසුම් දෙක සහ මුදල් අමාත්‍යාංශය මෙන් ම මහා භාණ්ඩාගාරයට පිවිසීම සඳහා භාවිත කරමින් තිබූ දොරටු දෙකද අවහිර කරමින් විරෝධතාවයේ නිරතවු 21 දෙනෙකු පොලිසිය අත්අඩංගුවට ගෙන තිබෙනවා. පොලිස් මාධ්‍ය ප්‍රකාශක කාර්යාලය සඳහන් කළේ මෙම පිරිස අතර හිමි නමක්, කාන්තාවන් හතරදෙනෙකු සහ […]

  පෞද්ගලික පොදු ප්‍රවාහන බස් රථ, විදේශ සංචාරයින්, පාසල් දරුවන් සහ පෞද්ලික අංශයේ කාර්ය මණ්ඩල ප්‍රවාහන බස් සහ වෑන් රථ සඳහා ලංකා ගමනා ගමන මණ්ඩලයේ ඩිපෝවලින් හෙට (20) සිට ඩීසල් ලබාදෙන බවත් මාර්ග අංක සහිත මාර්ගවල ධාවනය වන පොදු ප්‍රවාහන බස් රථ මින් ඉදිරියට වෙනත් පිරවුම්හල්වල පෝලිම්වලට සිටීමේ අවශ්‍යතාවක් නොමැති […]

හැඳින්වීම

” ජනමිණ ”

සිහනෙත් මාධ්‍ය ජාලයට අයත් වෙබ් අවකාශයකි. මෙම වෙබ් අවකාශය හරහා ප්‍රවෘත්ති හා විශේෂාංග තුලනාත්මක හා අරුත්බර මුහුණුවරකින් ඔබ වෙත රැගෙන ඒම අපේ අභිප්‍රායයි. ” ජනමිණ ” පාඨක ජනවින්‍යාසය වෙත නැවුම් පරිකල්පනයන් විවර කරන හරවත් නිර්මාණාත්මක ලේඛනයෙන් පොහොණි ය.