ගෑස් මිල අඩු වුවද බේකරි නිෂ්පාදන වල මිල අඩු කළ නොහැකි බව සමස්ත ලංකා බේකරි හිමියන්ගේ සංගමය සඳහන් කරයි. මෙරට බේකරි වලින් 25%ක් පමණ ගෑස් භාවිතා නොකිරීම නිසා එසේ මිල අඩු කිරීමට නොහැකි බව සංගමයේ සභාපති එන් කේ ජයවර්ධන පැවසීය. ගෑස් මිල වැඩි වූ කිසි අවස්ථාවක බේකරි නිෂ්පාදනවල මිල ඉහළ […]

අද වන විට රුපියල ශක්තිමත් වී ඇත්තේ කෘතිම පාලනයක් හේතුවෙන් නිසා බවත් වැඩි කලක් යාමට පෙර එය වෙනස් වී යන බවත් හිටපු මහ බැංකු අධිපති අජිත් නිවාඩ් කබ්රාල් සඳහන් කරයි. බාහිර රට වලින් ඇමරිකානු ඩොලර් මිලියන 500 ක් ශ්‍රී ලංකාවට ඉහළ පොලියක් යටතේ ගෙන්වා ගැනීම හේතුවෙන් මෙසේ රුපියල ශක්තිමත් වී […]

ගාලුමෝදර ගෝඨාගෝගම අරගලයට පහර දීමේ සිද්ධියේ සැකකරුවන් වශයෙන් නම් කර සිටින හිටපු අමාත්‍ය ජොන්ස්ටන් ප්‍රනාන්දු, සනත් නිශාන්ත, මිලාන් ජයතිලක ඇතුළු සැකකරුවන් පිරිසකට එරෙහි පැමිණිල්ල ජූලි මස 19 වනදා යළි කැඳවන ලෙස කොළඹ කොටුව මහේස්ත්‍රාත් අධිකරණය අද නියම කරනු ලැබුවා. මෙම පැමිණිල්ල කොළඹ කොටුව මහේස්ත්‍රාත් තිලිණ ගමගේ ඉදිරියේ කැඳවනු ලැබීය. එහිදී […]

පාර්ලිමේන්තු මන්ත්‍රී ගජේන්ද්‍රකුමාර් පොන්නම්බලම් අද (07) පෙරවරුවේ කොළඹ පිහිටි ඔහුගේ නිවසේ දී පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන තිබෙනවා. මරදන්කේනි පොලිසියේ උපදෙස් මත ජයපුරම් පොලිසියේ ස්ථානාධිපති ඇතුළු කණ්ඩායමක් විසින් ඔහු අත්අඩංගුවට ගත් බවයි වාර්තා වෙන්නේ. පසුගියදා වඩමාරච්චි ප්‍රදේශයේ විභාග මධ්‍යස්ථනයක් අසලදී පොලිස් නිලධාරීන් පිරිසක් අතර ඇති කරගත් ආරවුල සම්බන්ධයෙන් එම අත්අඩංගුවට ගැනීම […]

ඉල්ලීම් කිහිපයක් මුල්කරගෙන අන්තර් විශ්ව විද්‍යාල ශිෂ්‍ය බලමණ්ඩලය විසින්  සංවිධානය කළ විරෝධතා පා ගමනයට ජයවර්ධනපුර විශ්ව විද්‍යාලය අසලදී පොලිසිය ජල හා කදුළු  ගෑස් ප්‍රහාර එල්ල කළේය. විරෝධතා පා ගමන ජයවර්ධනපුර සරසවිය  ඉදිරිපිටින්  විජේරාම  මංසද්ධිය දෙසට ගමන් ගත් අවස්ථාවේ රබර්වත්ත හංදියේ දී පොලිසිය එම ගමන වලක්වමින් මෙම ප්‍රහාරය එල්ල කළේය. මුදිතා […]

ඓතිහාසික ඇහැලේපොල වලව්ව  මහනුවර ශ්‍රී දළදා මාලිගාව වෙත පවරාදීමට අදාළ කැබිනට් පත්‍රිකාව අමාත්‍ය මණ්ඩලයට ඉදිරිපත් කර තිබෙි. නාගරික සංවර්ධන හා නිවාස අමාත්‍ය ප්‍රසන්න රණතුංග විසින් ඊට අදාළ කැබිනට් පත්‍රිකාව  අමාත්‍ය මණ්ඩලයට ඉදිරිපත් කළේය. මහනුවර රජවීදියේ පිහිටි ඇහැළේපොළ වලව්ව ශ්‍රී වික්‍රම රාජසිංහ රජුගේ පාලන සමයේදී ඇහැලේපොල මහ අධිකාරම් සහ ඔහුගේ පවුලේ […]

මේ දිනවල සමාජ මාධ්‍යය තුළ කුඩා දරුවෙකු පන්දුයවන ආකාරය දැක්වෙන වීඩියෝවක් සම්බන්ධයෙන් දැඩි කතාබහට ලක්වී තිබුණා. ඒ, ලොව බිහිවූ විශිෂ්ටතම පන්දු යවන්නෙක් වන ‘ලසිත් මාලිංග’ පසුගියදා සිය ෆේස්බුක් ගිණුමේ වීඩියෝවක් පළකර එම දරුවා සොයාදෙන ලෙස සිදු කර තිබූ ඉල්ලීමත් සමඟයි. දිනෙත් අනුහස් නම් මෙම පුංචි පුතා පදිංචි වී සිටින්නේ, වීරවිල […]

මන්ත්‍රීවරුන් හෝ අමාත්‍යවරුන් නොවන අයගේ ආරක්ෂාව සඳහා ප්‍රභූ ආරක්ෂක නිලධාරීන් 5,400ක් අනුයුක්ත කර ඇති බව මහජන ආරක්ෂක අමාත්‍ය ටිරාන් අලස් පැවසීය. ඔහු ඒ බව පැවසුවේ පාර්ලිමේන්තුවේදී මන්ත්‍රී අජිත් මාන්නප්පෙරුම නැගූ ප්‍රශ්නයකට පිළිතුරු දෙමිනි. ඒ සම්බන්ධයෙන් තමා වාර්තාවක් කැඳවා ඇති බව පැවසූ අමාත්‍යවරයා එහි සඳහන් කරුණු අනුව අවශ්‍ය වෙනස්කම් සිදුකරන බව […]

ගුවන් යානා කටුනායක ගුවන් තොටුපොළට ගොඩබෑමේ ගාස්තු වසරක් දක්වා සියයට  50 කින් අඩු කිරීමට රජය තීරණය කර ඇතැයි  වරාය නාවික සහ ගුවන් සේවා අමාත්‍ය නිමල් සිරිපාල ද සිල්වා පාර්ලිමේන්තුවේදී අද (6) පැවසීය. මත්තල ගුවන් තොටුපොළට වැඩි ගුවන් යානා ප්‍රමාණයක් ආකර්ෂණය කරගැනීමට වැඩපිළිවෙළක් අරඹා ඇති බවත් ඒ අනුව පළමු අවුරුදු හතරේදී ගුවන් සමාගම්වලට […]

පාසැල් දරුවන් වෙනුවෙන් විද්‍යුත් තැපෑල (E-mail) ගිණුම් සැකසීමේදී දෙමවුපියන්‌ගේ දත්ත ඇතුළත් නොකරන ලෙසත් දරුවන්ගේ නිවැරදි වයස ඇතුළු දත්ත ඇතුළත් කරන ලෙසත් පොලිස් අපරාධ අංශයේ උසස් නිලධාරීන් ප්‍රතිසංධානය සහ ජාතික සමගිය පිළිබඳ ආංශික අධීක්ෂණ කාරක සභාවේදී පැවසීය. මවුපියන්ගේ දත්ත ඇතුළත් කිරීම නිසා දරුවන්ට ඕනෑම වෙබ් අඩවියකට පිවිසීමේ අවස්ථාව ලැබෙන බව ඔවුන් […]

හැඳින්වීම

” ජනමිණ ”

සිහනෙත් මාධ්‍ය ජාලයට අයත් වෙබ් අවකාශයකි. මෙම වෙබ් අවකාශය හරහා ප්‍රවෘත්ති හා විශේෂාංග තුලනාත්මක හා අරුත්බර මුහුණුවරකින් ඔබ වෙත රැගෙන ඒම අපේ අභිප්‍රායයි. ” ජනමිණ ” පාඨක ජනවින්‍යාසය වෙත නැවුම් පරිකල්පනයන් විවර කරන හරවත් නිර්මාණාත්මක ලේඛනයෙන් පොහොණි ය.