කොළඹ ප්‍රධාන මහෙස්ත්‍රාත් අධිකරණයේ නඩු භාණ්ඩ කාමරයේ ගබඩා කොට තිබූ හෙරොයින් මත්ද්‍රව්‍ය ග්‍රෑම් 750 ක් පොලිස් කොස්තාපල්වරයකු සමග විකුණූ බව කියන එම අධිකරණයේ නඩු භාණ්ඩ කාමරයේ භාරකරු සොයා මෙහෙයුමක් ආරම්භ කර ඇතැයි පොලිස් මත්ද්‍රව්‍ය කාර්යාංශය අධිකරණයට කරුණු වාර්තාකර ඇත.

මීටර 400 කඩුලු පැන දිවීමේ ශ්‍රී ලංකා ශූරිය වන කෞෂල්‍යා මධුෂානි, කුලියාපිටියේ පිහිටි සිය නිවසේදී ගෙළවැලදාගෙන අද (24) පෙරවරුවේ සියදිවි නසාගෙන තිබේ.

අද රාත්‍රියේ ඉන්ධන මිල ඉහළ යාමක් සම්බන්ධයෙන් සමාජ මාධ්‍ය තුළ පැතිර යන වාර්තා අසත්‍ය බව විදුලිබල හා බලශක්ති අමාත්‍ය කාංචන විජේසේකර මහතා පවසයි. තව..

ශ්‍රී ලංකන් ගුවන් සේවය සතු ගුවන් යානා 24 න් යානා 11 ක් ඉදිරි වසරක කාලය තුළ අඩුවන බවත් ගුවන් යානා සංඛ්‍යාව අඩුවුවහොත් ජාත්‍යන්තර ගුවන් සමාගම් සමඟ තරග කළ නොහැකි බවත් ශ්‍රී ලන්කන් ගුවන් සමාගමේ ශ්‍රී ලංකා නිදහස් සේවක සංගමය පවසයි.

මේගන් තී ස්ටාලියන් රැප් ගායකයෙකු විසින් වෙඩි තැබූ බව කියන ඇයගේ පළමු රූපවාහිනී සම්මුඛ සාකච්ඡාව සඳහා වාඩි වී සිටී Tory Lanez. තුළ පෙරදසුන් පසුරු සමඟ ඇයගේ හැඟීම්බර සම්මුඛ සාකච්ඡාව CBS උදෑසනසඳුදා (අප්‍රේල් 25) විකාශය වන, හූස්ටන් රැප් ගායිකාව, හොලිවුඩ් හිල්ස් හි පැවති සාදයකින් පසු Lanez තමාගේ පාදයට වෙඩි තැබූ බව […]

කොළඹ අවට ඇතැම් මාර්ග බාධකවල පොලිසිය යොදන ලද මාර්ග බාධකවල උල් ඇණ වැනි දේ සවිකොට කළු ඉටිකොළවලින් ආවරණය කර තිබූ ආකාරය දිස් වූ බවත්, එම තත්ත්වය හේතුවෙන් උද්ඝෝෂණයේ නිරත ජනතාව බරපතල ලෙස තුවාල සිදුවිය හැකි තතත්වයක් මතුව ඇතැයි ශ්‍රී ලංකා නීතිඥ සංගමය පවසයි.

අප්‍රේල් 25 සිට අප්‍රේල් 27 දක්වා ඉදිරි දින තුන සඳහා පැය 3 යි මිනිත්තු 20 ක විදුලි කප්පාදුවක් පනවන ලෙස ලංකා විදුලිබල මණ්ඩලය කළ ඉල්ලීම අනුමත කළ බව ශ්‍රී ලංකා මහජන උපයෝගිතා කොමිෂන් සභාව (PUCSL) පවසයි. තව..

ඉන්දියාව චීන ජාතිකයින්ට නිකුත් කර ඇති සංචාරක වීසා අත්හිටුවා ඇති බව ජාත්‍යන්තර ගුවන් ප්‍රවාහන සංගමය (IATA) එහි සාමාජිකයින් සඳහා වන චක්‍රලේඛයක සඳහන් කරයි. තව..

උත්සව ශාලා සහ ආහාර පාන සැපයීම වෙනුවෙන් දැනට පවතින මිල ගණන් සියයට 40කින් ඉහළ දැමීමට තීරණය කොට ඇතැයි සමස්ත ලංකා උත්සව සහ ආහාර සපයන්නන්ගේ සංගමයෙහි සභාපති අතුල කලුආරච්චි මහතා පැවසීය.

නව අමාත්‍ය මණ්ඩලයේ පළමු කැබිනට් රැස්වීම ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාගේ ප්‍රධානත්වයෙන් කොටුව ජනාධිපති මන්දිරයේ දී හෙට (25) පස්වරු 5.00ට පැවැත්වේ.

හැඳින්වීම

” ජනමිණ ”

සිහනෙත් මාධ්‍ය ජාලයට අයත් වෙබ් අවකාශයකි. මෙම වෙබ් අවකාශය හරහා ප්‍රවෘත්ති හා විශේෂාංග තුලනාත්මක හා අරුත්බර මුහුණුවරකින් ඔබ වෙත රැගෙන ඒම අපේ අභිප්‍රායයි. ” ජනමිණ ” පාඨක ජනවින්‍යාසය වෙත නැවුම් පරිකල්පනයන් විවර කරන හරවත් නිර්මාණාත්මක ලේඛනයෙන් පොහොණි ය.