“පොලිසිය හා සන්නද්ධ හමුදා ක්‍රියා කළ යුතු පුරවැසි අයිතිය තහවුරු කර ඇත” අද (24) දිනයේදී අවට සමහර මාර්ග බාධකවල උල් ඇට වැනි යමක් සවිකොට කළු ඉටිකොළවලින් ආවරණය කර තැබීමෙන් බරපතල තුවාල ඇති විය හැකි තතවයක් මතුවීම පිළිබඳව ශ්‍රී ලංකා නීතීඥ සංගමයේ දැඩි අවධානය යොමු වී ඇත. නිවේදනයක් නිකුත් කරමින් නීතීඥ […]

මීටර 400 කඩුලු පැන දිවීමේ ශ්‍රී ලංකා ශූරිය වන කෞෂල්‍යා මධුෂානි, කුලියාපිටියේ පිහිටි සිය නිවසේදී ගෙළවැලදාගෙන අද (24) පෙරවරුවේ සියදිවි නසාගෙන තිබේ.

කොළඹ කොටුව පිවිසුම් මාර්ග කීපයක්ම වසා දමා ජනමාධ්‍යවේදීන්ගේ රාජකාරියට බාධාකළ බව සඳහන් කරමින් සහ මූලික මිනිස් අයිතිවාසිකම් උල්ලඝනය කළ බවට චෝදනා කරමින් ජනමාධ්‍යවේදීහු පිරිසක් අද පෙරවරුවේ පොලිසිය සහ ශ්‍රී ලංකා මානව හිමිකම් කොමිසමටත් පැමිණිල්ලක් කළහ.

රට තුළ මතුව ඇති ආර්ථික අර්බුදය හමුවේ කඩදාසි ඇතුළු මුද්‍රණ ද්‍රව්‍ය හිඟවීම හා ඒවායේ මිල ඉහළයාම හේතුවෙන් මතුව ඇති ගැටලු සම්බන්ධයෙන් විරෝධය පා සහ ජනාධිපතිවරයා ඇතුළු ආණ්ඩුව ඉල්ලා අස්වන ලෙස බලකරමින් ලේඛක ලේඛිකාවන්, පොත් ප්‍රකාශකයන් සහ මුද්‍රණකරුවන් එක්ව සංවිධානය කළ විරෝධතා පා ගමනක් කොල්ලුපිටිය මංසන්ධියේ සිට ගාලු මුවදොර විරෝධතා භූමිය […]

“අද ගුරුවරු ඉන්නේ නරක අර්බුදයක” ගුරුවරුන් සහ විදුහල්පතිවරුන් හෙට (25) දින ලෙඩ නිවාඩු දමා සේවයට වාර්තා කිරීමෙන් ඒ සියල්ල තීරණය කර ඇත. ලංකා ගුරු සංගමය විසින් කරන ලද ගුරු වෘත්තිකයන්ට, සිසුන්ට සහ මව්පියන්ට පවතින ගැටලු නිසා රටේ පවතින අර්බුදකාරී වාතාවරණය නිමා කරන ලෙස ආණ්ඩුවට බල කිරීම සඳහා මෙම තීරණය ගෙන […]

හෙට (25) ජනාධිපති මන්දිරයේදී සිදුවන්න යන දේ නව අමාත්‍ය මණ්ඩලයේ පළමු කැබිනට් රැස්වීම හෙට (25) පැවැත්වීමට නියමිතයි. ජනාධිපති රාජපක්ෂගේ ප්‍රධාන කොටුව ජනාධිපති මන්දිරයේ දී හෙට 5.00ට පළමු කැබිනට් රැස්වීම. මේ අතර, නව අමාත්‍ය මණ්ඩලයේ ඇමතිවරුන් පැවරෙන ආයතන සහ විෂය පථයන් ඇතුළත් ගැසට් නිවේදනය අද (24) රාත්‍රියේ නිකුත් කිරීමට නියමිතව තිබේ. […]

මීටර 400 කඩුලු පැන දිවීමේ ශ්‍රී ලංකා ශූරිය වන කෞෂල්‍යා මධුෂානි, කුලියාපිටියේ පිහිටි සිය නිවසේදී ගෙළවැලදාගෙන අද (24) පෙරවරුවේ සියදිවි නසාගෙන තිබේ.

විදුලි කාලසටහනේ ලොකු වෙනසක් හෙට සිට ලබන බදාදා දක්වා විදුලි පවතින කාල සටහන ප්‍රකාශයට පත් කර තිබේ. ඒ අනුව එක් කලාපයක් සඳහා දිනකට පැය 4 1/2 ක විදුලියක් සඳහා නියමිතයි. ‘ඒ’ සිට ‘ඩබ්ලිව්’ දක්වා කලාප කලාප 20 ට පෙරවරු 8.30 සිට පස්වරු 6.00 දක්වා දහවල් කාලයේ වරින්වර පැය 3 ක් […]

හැඳින්වීම

” ජනමිණ ”

සිහනෙත් මාධ්‍ය ජාලයට අයත් වෙබ් අවකාශයකි. මෙම වෙබ් අවකාශය හරහා ප්‍රවෘත්ති හා විශේෂාංග තුලනාත්මක හා අරුත්බර මුහුණුවරකින් ඔබ වෙත රැගෙන ඒම අපේ අභිප්‍රායයි. ” ජනමිණ ” පාඨක ජනවින්‍යාසය වෙත නැවුම් පරිකල්පනයන් විවර කරන හරවත් නිර්මාණාත්මක ලේඛනයෙන් පොහොණි ය.