මුහුණු පොත හරහා අමතර ආදායමක් ලෙස මුදල් ඉපැයිය හැකි බව පවසමින් සිදුකරනු ලබන මුදල් වංචාවක් සම්බන්ධයෙන් මේ දිනවලදී තොරතුරු වාර්තා වන බව විදුලි සංදේශන නියාමන කොමිසමේ අධ්‍යක්ෂ අනුකූලතා මේනකා පතිරණ පැවැසීය. තම පෞද්ගලික තොරතුරු ලබාදීමෙන් පසුව මේ හරහා යම්කිසි මුදලක් යෙදවූ විට එම මුදල දෙගුණයක් බවට පත්ව තම බැංකු ගිණුම […]

අධිවේගි කොළඹ පිටත වටරවුම් මාර්ගයේ අතුරුගිරිය අන්තර් හුවමාරු මධ්‍යස්ථානයේ සිදු වී ඇති බව කියන රුපියල් කෝටි ගණනාවක මුදල් වංචාවක් සම්බන්ධයෙන් ප්‍රධාන මුදල් අයකැමි ඇතුළු අයකැමිවරුන් 22කුගේ වැඩ තහනම් කළ බව මාර්ග සංවර්ධන අධිකාරියේ අධ්‍යක්ෂ ජනරාල් එස්.පී.එම්. සූරිය බණ්ඩාර පැවැසීය. අධ්‍යක්ෂ ජනරාල්වරයාගේ අනුමැතියෙන් (අධ්‍යක්ෂ, අධිවේගි මාර්ග මෙහෙයුම් නඩත්තු හා කළමනාකරණ අංශයේ) […]

වැලිකඩ පොලිස් වසමේ ශ්‍රී ජයවර්ධනපුර කෝට්ටේ ප්‍රදේශයේ පවත්වාගෙන ගිය ආයතනයක සේවය කළ සැකකරුවෙකු අත්අඩංගුවට ගැනීමට පොලීසිය මහජන සහාය අපේක්ෂා කරයි. අදාළ ආයතනය මඟින් එංගලන්තය සහ පෝලන්තය යන විදේශ රටවල රැකියා ලබදෙන බව පවසා විවිධ ප්‍රදේශවල පුද්ගලයින් රවටා රුපියල් 17,500,000කට අධික මුදලක් වංචා කිරීම සම්බන්ධයෙන් අවශයව සිටින සැකකරුවෙක් බව පොලීසිය පවසයි. […]

පුද්ගලයෙකු රට යවන බව පවසමින් රුපියල් ලක්ෂ තිහක මුදලක් වංචා කිරීමේ සිදුවීම සම්බන්ධයෙන් රංගන ශිල්පිණි දමිතා අබේරත්න හා ඇගේ සැමියා මෙතෙක් අත්අඩංගුවට ගැනීමට අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තු නිලධාරින් අසමත්ව ඇත. පසුගිය 27 වැනිදා ඔවුන්ගේ බොරලැස්ගමුව පැපිලියාන පිහිටි නිවසට පොලිස් නිලධාරින් ගියද ඒ වන විටත් ඔවුන් දෙදෙනා එම නිවසෙන් පලා ගොස් තිබිණ. […]

නියාගම ප්‍රාදේශීය සභාවේ හිටපු සභාපතිවරයා මුදල් වංචාවක් සම්බන්ධයෙන් අද (30) අත්අඩංගුවට ‌ගෙන තිබේ. අලුත්ගම ප්‍රදේශයේ පුද්ගලයකු විසින් සිදුකළ පැමිණිල්ලකට අනුව සැකකරු කළුතර විශේෂ අපරාධ විමර්ශන ඒකකය විසින් අත්අඩංගුවට ගත් බව පොලිසිය පැවසීය. විදේශ රටවල රැකියාවට යවන බව පවසමින් රුපියල් ලක්ෂ තිස් තුනකට අධික මුදලක් වංචා කර ඇති බවට පැමිණිල්ලේ සඳහන් බව […]

රුමේනියාවේ රැකියා අවස්ථා ලබාදෙන බවට පවසමින් කොළඹ ප්‍රදේශයේ තරුණයින්ගෙන් මුදල් ලබාගත් කාන්තාවක් අත්අඩංගුවට ගෙන ති‌බේ. කොලොන්න ප්‍රදේශයේ පදිංචි එම කාන්තාව බත්තරමුල්ල ප්‍රදේශයේ ප්‍රසිද්ධ හෝටලයක් රැඳී සිටිය දී එලෙස අත්අඩංගුවට පත්ව තිබුණි. එම කාන්තාව විසින් කොළඹ ප්‍රදේශයේ තරුණයින් 5දෙනෙකුගෙන් රුපියල් ලක්ෂ 25ක මුදලක් වංචා කළ ඇති බවට විදේශ සේවා නියුක්ති කාර්යාංශයට පැමිණිල්ලක් […]

වත්මන් ආණ්ඩුව ජාත්‍යන්තර මූල්‍ය අරමුදල හරහා මුදල් ලබා ගැනීම පිළිබඳ කිසිදු වරදක් නොමැති බව 6 වන විධායක ජනාධිපති, ශ්‍රීලනිප සභාපති මෛත්‍රීපාල සිරිසේන පවසයි. ඊයේ (අප්‍රේල් 28) පොළොන්නරුවේදී මාධ්‍ය වෙත අදහස් පළ ඔහු මේ බව සඳහන් කළේ ය. තමා ජනාධිපති ධූරය දරන සමයේ ආණ්ඩුව පවත්වාගෙන යාමට ද ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ සහය ලබා […]

කටුගස්තොට – කහල්ල ප්‍රදේශයේ පිහිටි බැංකුවක් ඉදිරිපිට, සභාපතිවරයා රුපියල් කෝටි 7 කට වැඩි මුදලක් රැගෙන අතුරුදන්වී ඇති බව පවසමින් සහ තමන්ගේ තැන්පතු මුදල් ලබා දෙන ලෙස ඉල්ලමින් ගනුදෙනුකරුවන් පිරිසක් විරෝධතාවයක නිරත වුණා. ඔවුන් කියා සිටියේ දහසකට වැඩි පිරිසක් එහි මුදල් තැන්පත්කර ඇති බවයි. මේ අතර, ව්‍යාජ හැදුනුම්පතක් ඉදිරිපත් කර රුපියල් මිලියන […]

කරන්දෙණිය සමෘද්ධි බැංකුවේ සිදු වි ඇතැයි කියන රුපියල් ලක්ෂ 30 කට ආසන්න මුදල් වංචාවක් සම්බන්ධයෙන් වහාම පරික්ෂණය ආරම්භ කල බව ගාල්ල දිස්ත්‍රික් සමෘද්ධි කාර්යාලය කියයි. සමෘද්ධිලාභින්ගේ සහනාධාර තැන්පතු හා සමෘද්ධි සහනාධාර ගෙවීම් වලදී මෙසේ රුපියල් ලක්ෂ 30 කට ආසන්න මුදල් වංචා සහගත ලෙස සිය පරිහරණයට බැහැර කරගෙන ඇත්දැයි පරික්ෂණ සිදු […]

හැඳින්වීම

” ජනමිණ ”

සිහනෙත් මාධ්‍ය ජාලයට අයත් වෙබ් අවකාශයකි. මෙම වෙබ් අවකාශය හරහා ප්‍රවෘත්ති හා විශේෂාංග තුලනාත්මක හා අරුත්බර මුහුණුවරකින් ඔබ වෙත රැගෙන ඒම අපේ අභිප්‍රායයි. ” ජනමිණ ” පාඨක ජනවින්‍යාසය වෙත නැවුම් පරිකල්පනයන් විවර කරන හරවත් නිර්මාණාත්මක ලේඛනයෙන් පොහොණි ය.