කරන්දෙණිය සමෘද්ධි බැංකුවේ විශාල මුදල් වංචාවක් . . .

කරන්දෙණිය සමෘද්ධි බැංකුවේ සිදු වි ඇතැයි කියන රුපියල් ලක්ෂ 30 කට ආසන්න මුදල් වංචාවක් සම්බන්ධයෙන් වහාම පරික්ෂණය ආරම්භ කල බව ගාල්ල දිස්ත්‍රික් සමෘද්ධි කාර්යාලය කියයි.

සමෘද්ධිලාභින්ගේ සහනාධාර තැන්පතු හා සමෘද්ධි සහනාධාර ගෙවීම් වලදී මෙසේ රුපියල් ලක්ෂ 30 කට ආසන්න මුදල් වංචා සහගත ලෙස සිය පරිහරණයට බැහැර කරගෙන ඇත්දැයි පරික්ෂණ සිදු කිරීමට එම කාර්යාලය දින දෙකකට සීල් තැබීමට සිදු වු බවත් පරික්ෂණ කණ්ඩායමේ ප්‍රකාශකයෙක් සදහන් කළේය.

කරන්දෙණිය පොලිසිය අසල පිහිටි සමෘද්ධි බැංකුවේ සේවය කරන කළමණාකාරවරුන් දෙදෙනෙක් සම්බන්ධයෙන් මෙම පරික්ෂණ ආරම්භ වී ඇති බවත් මුදල් වංචාව සම්බන්ධයෙන් අවශ්‍ය කරන සියලුම ලිපි ලේඛන තමන් භාරයට ගත් බවත් ගාල්ල දිස්ත්‍රික් සමෘද්ධි බැංකු විගණන අංශයේ ප්‍රකාශකයෙකු ප්‍රකාශ කළේය.

මේ සම්බන්ධයෙන් කරන්දෙණිය ප්‍රාදේශය ලේකම් රුවිනි චන්දිමා මහත්මියගෙන් අප කල විමසූ විට මෙසේ පැවසීය.

සමෘද්ධි බැංකුවේ සිදු වී ඇති බව කියන මුදල රුපියල් ලක්ෂ  20 කට වැඩි විය හැකියි. ඒ සම්බන්ධයෙන් නියමිත පරික්ෂණ ගාල්ල දිස්ත්‍රික් සමෘද්ධි බැංකු අංශයෙන් ආරම්භ කරල තිබෙනවා. ඊට අදාල සියලුම ලිපි ලේඛන සියල්ල මගේ භාරයට ගෙන ප්‍රාදේශිය ලේකම් කාර්යාලයේ විශේෂ ආරක්ෂාව යටතේ තබාගෙන තිබෙනවා. මේ සම්බන්ධයෙන් පරික්ෂණ සිදු කරනවා. වංචාකර ඇති නිශ්චිත මුදල රුපියල් ලක්ෂ 20 කට වැඩි විය හැකි බවත් හරියටම ගණන් හිලවු පැවසීම කල නොහැකි බවත් එම මහත්මිය වැඩි දුරටත් ප්‍රකාශ කළාය.

– ජයකාන්ත ලියනගේ

Subscribe
Notify of
0 Comments
Inline Feedbacks
View all comments

Next Post

අග්‍රාමාත්‍ය ධුරය භාරගන්නා ලෙස පුන පුනා ඉල්ලා සිටියා . . .

Fri Nov 25 , 2022
තමන්ට අගමැතිකම ලබාදෙන ලෙස හිටපු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂට ලිපියක් යැවුයේ තමාගේ තනි මතයට නොව පක්ෂයේ සියලු දෙනාගේ අදහස මත බව විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස සඳහන් කරයි. ඒ හැර තමන් මල් වට්ටියක් රැගෙන ගොස් අගමැති කම ලබා ගැනීමට ඉල්ලුම් පතක් කිසිදිනෙක ඉදිරිපත් නොකල බවද හෙතෙම කියා සිටියේය. රනිල් වික්‍රමසිංහ විසින් ඊයේ දින […]

හැඳින්වීම

” ජනමිණ ”

සිහනෙත් මාධ්‍ය ජාලයට අයත් වෙබ් අවකාශයකි. මෙම වෙබ් අවකාශය හරහා ප්‍රවෘත්ති හා විශේෂාංග තුලනාත්මක හා අරුත්බර මුහුණුවරකින් ඔබ වෙත රැගෙන ඒම අපේ අභිප්‍රායයි. ” ජනමිණ ” පාඨක ජනවින්‍යාසය වෙත නැවුම් පරිකල්පනයන් විවර කරන හරවත් නිර්මාණාත්මක ලේඛනයෙන් පොහොණි ය.

0
Would love your thoughts, please comment.x
()
x