පැනමා නැවකට හොරෙන් රිංගයි . . .

කොළඹ වරායේ නැංගුරම්ලා තිබු පැනමා රාජ්‍යයට අයත් නෞකාවකට හොරෙන් ඇතුලුවි නිතිවිරෝධි ලෙස විදේශගත විමට උත්සාහ කළ පුද්ගලයන් හතර දෙනකු නෞකාවේ සිටියදී එහි සේවකයන්  හඳුනා ගැනිමෙන් පසු අත් අඩංගුවට ගෙන නෞකාව අද (10) සවස ගාල්ල වරායට පැමිණ ඔවුන් හතර දෙනා ගාල්ල වරායේ ආගමන විගමන නිලධාරින්ට බාරදී ඇත.

මෙසේ අත් අඩංගුවට ගෙන ඇත්තේ යාපනය වේලනයි,තොන්ඩමනාරු,පුදුකුඩිඉරුප්පු,සහ අරාලි උතුර යන ප්‍රදේශවල පදිංචි 21,22,35 යන වයස්වල පසුවන ද්‍රවිඩ ජාතිකයින් හතර දෙදෙනකි.

ආගමන විගමන නිලධාරින් පැවසුවේ තම පරික්ෂණ අවසන්විමෙන් පසු අධිකරණයට ඉදිරිපත් කිරිම සඳහා ඔවුන් වරාය පොලිසිය වෙත බාරදෙනු ලබන බවය.

  • ඩී.ජී.සුගතපාල

 

Subscribe
Notify of
0 Comments
Inline Feedbacks
View all comments

Next Post

සාමාන්‍ය පෙළ විභාගය තවදුරටත් කල් යයි . . .

Mon Apr 10 , 2023
පාසැල්වල අමතරව රැඳී සිටින සාමාන්‍ය පෙළ සිසුන් තුන්ලක්ෂයක පමණ පිරිසකට පන්ති කාමර ඉඩකඩ සොයා ගැනීම සම්බන්ධයෙන් පාසැල් ප්‍රධානීහු දැඩි අර්බුදයකට මුහුණ දී සිටිනවා. මෙම අර්බුදය ඇති වී තිබෙන්නේ 2022 වසරට අදාළ සාමාන්‍ය පෙළ විභාගය පැවැත්වීමට මෙතෙක් නොහැකි වීම නිසාය. මේ නිසා පසුගිය වසරේ මෙන්ම මෙම වසරේ ද සාමාන්‍ය පෙළ සිසුන් හයලක්ෂයකට(600000) […]

හැඳින්වීම

” ජනමිණ ”

සිහනෙත් මාධ්‍ය ජාලයට අයත් වෙබ් අවකාශයකි. මෙම වෙබ් අවකාශය හරහා ප්‍රවෘත්ති හා විශේෂාංග තුලනාත්මක හා අරුත්බර මුහුණුවරකින් ඔබ වෙත රැගෙන ඒම අපේ අභිප්‍රායයි. ” ජනමිණ ” පාඨක ජනවින්‍යාසය වෙත නැවුම් පරිකල්පනයන් විවර කරන හරවත් නිර්මාණාත්මක ලේඛනයෙන් පොහොණි ය.

0
Would love your thoughts, please comment.x
()
x