උග්‍ර ඖෂධ හිඟයෙන් රෝගීන් දැඩි පීඩාවකට . . .

ඖෂධ හිඟය උග්‍ර වීම නිසා කරාපිටිය ශික්‍ෂණ රෝහලේ නේවාසික හා බාහිර රෝගීහු දෙපිරිසම දැඩි දුෂ්කරතාවට පත්ව සිටිති විශේෂයෙන්ම රෝගීන්ට අවශ්‍ය ප්‍රතිජීවක ඖෂධ විශාල ප්‍රමාණයක හිඟයක් පවතින නිසා බාහිර රෝගී අංශයෙන් ප්‍රතිකාර ගැනීමට පැමිණෙන රෝගීන් මෙන්ම නේවාසික රෝගීන්ද දැඩි පීඩාවකට පත්ව ඇතැයිද එහි ප්‍රකාශකයෙක් පැවසීය.

එම ප්‍රකාශකයා පැවසුවේ බාහිර රෝගී අංශයෙන් ප්‍රතිකාර ගැනීම සඳහා දිනකට දහසකට අධික රෝගීන් සංඛ්‍යාවක් පැමිණෙන අතර ඔවුනට ආරක්ෂිතව ඖෂධ ලබා දීමට කවර පවා නොමැති බවය. බෙහෙත් දැමීම සඳහා කවර නැති බවට දැන්වීමක්ද රෝහලේ අලවා ඇත. එක් දහස් පන්සියයකට ආසන්න රෝගීන් සංඛ්‍යාවක් නේවාසිකව සිටින අතර ඔවුන්ගේ ඊ.සී.ජී. පරික්ෂණ දත්ත ලබා ගැනීම සඳහා අවශ්‍ය කඩදාසි පටිවල පවා හිඟයක් පවතී.

දකුණු පළාතේ පමණක් නොව බදුල්ල, අම්පාර වැනි දුර ප්‍රදේශවලින් ද පිළිකා රෝගීන් පැමිණෙන නමුත් එපමණ දුරක් ගෙවා බලාපොරොත්තු තබා ගෙන පැමිණෙන රෝගීන්ට මේ වන විට පිළිකා ඖෂධ හිඟය තදින්ම බලපා ඇති බව ද එම ප්‍රකාශකයා කීය. වැඩිපුරම අවශ්‍ය වන පෙනහලු පිළිකා සහ ආන්ත්‍රික පිළිකා සඳහා වන ඖෂධ එම රෝගීන්ට පිටතින් ලබා ගැනීමේදී එම ඖෂධයක් රුපියල් විසි දහසක් (20,000/=) පමණ වන බවත් ඒ අනුව පෙනහලු පිළිකා රෝගියෙකුට මාසයකට රුපියල් ලක්ෂයක් පමණ වැය කිරීමට සිදුව ඇති බව ත් එම නිලධාරියා පැවසීය.

එයට අමතරව ලිංකෝමා පිළිකා රෝගින්ට අවශ්‍ය ඖෂධයක් රුපියල් එක් ලක්ෂ හැට දහසක් (160,000/=) පමණ වන බව පෙන්වා දුන් ඔහු වැඩිදුරටත් කියා සිටියේ, මේ නිසා දැන් සායනවලට පැමිණෙන රෝගීන්ගේ අඩුවක්ද තිබෙන බව ය. මෙම තත්ත්වය පිළිබඳ ආණ්ඩුවට දන්වා ඇති බවද කෙසේ වෙතත් පරිත්‍යාගශීලීන් විසින් ගෙනැවිත් දෙනු ලබන ඖෂධ ප්‍රමාණය නොමැති නම් පිළිකා වාට්ටු වසා දැමීමට සිදුවන බව ද ඔහු පැවසීය.

  • ෆර්හාන් නිසාම්දින් – ගාල්ල, එස්. දීයගහගේ – අහංගම
Subscribe
Notify of
0 Comments
Inline Feedbacks
View all comments

Next Post

ඉන්ධන ඇණවුම් නොකිරීමෙන් ඉන්ධනහල් ඉදිරිපිට දිගු පෝලිම් . . .

Fri Nov 4 , 2022
මේ සතියේ ඉන්ධන මිල සංශෝධනයක් සිදු නොවන බව විදුලිබල හා බලශක්ති රාජ්‍ය අමාත්‍යාංශය නිවේදනය කළා. මේ වන විට ඉන්ධනහල් ඉදිරිපිට පෝලිම් ඇති වී ඇත්තේ ඉන්ධන මිල අඩු වේ යැයි උපකල්පනය මත ඉන්ධනහල් හිමියන් ඉන්ධන ඇණවුම් නොකිරීමෙන් බව ද අමාත්‍යාංශය වැඩිදුරටත් අවධාරණය කළා. ඉදිරි සති කිහිපයට ප්‍රමාණවත් ඉන්ධන තොග තෙල් සංස්ථාව සහ […]

හැඳින්වීම

” ජනමිණ ”

සිහනෙත් මාධ්‍ය ජාලයට අයත් වෙබ් අවකාශයකි. මෙම වෙබ් අවකාශය හරහා ප්‍රවෘත්ති හා විශේෂාංග තුලනාත්මක හා අරුත්බර මුහුණුවරකින් ඔබ වෙත රැගෙන ඒම අපේ අභිප්‍රායයි. ” ජනමිණ ” පාඨක ජනවින්‍යාසය වෙත නැවුම් පරිකල්පනයන් විවර කරන හරවත් නිර්මාණාත්මක ලේඛනයෙන් පොහොණි ය.

0
Would love your thoughts, please comment.x
()
x