ක්‍රෙඩිට් කාඩ්පත් වාර්ෂික පොලී අනුපාතිකය ඉහලට . . .

ක්‍රෙඩිට් කාඩ්පත් සඳහා අය කරනු ලබන වාර්ෂික පොලී අනුපාතික තවදුරටත් වැඩි කිරීමට මෙරට වානිජ බැංකු කිහිපයක් විසින් මේ වනවිට පියවර ගෙන ඇත.

ඔවුන් සඳහන් කර සිටින්නේ ක්‍රෙඩිට් කාඩ්පත් හරහා සිදුකරනු ලබන ගනුදෙනු වෙනුවෙන් අයකරනු ලබන වාර්ෂික පොලී අනුපාතිකය 36% ක් දක්වා ඉහළ නංවා ඇති බවයි. ණය කාඩ්පත් සඳහා පනවා තිබූ උපරිම පොලී අනුපාතික සීමා ඉවත් කිරීමට ශ්‍රී ලංකා මහ බැංකුවේ මුදල් මණ්ඩලය පසුගිය අප්‍රේල් 08 දින තීරණය කරනු ලැබීය. එම තීරණයෙන් පසු එතෙක් 18% ක්ව පැවති ණය කාඩ්පත් පොලිය 24% ක් දක්වාත් ඉන්පසු 30%ක් දක්වාත් ඉහළ යන ලදී.

අද වනවිට එය 36% ක් දක්වා ඉහළ දමා ඇත.

Subscribe
Notify of
0 Comments
Inline Feedbacks
View all comments

Next Post

විමල් ඇමතිකමකට මාන බලයි . . .

Sun Jul 24 , 2022
ඉදිරියේදී රනිල් වික්‍රමසිංහ විසින් පත්කිරීමට නියමිත විශාල කැබිනට් මණ්ඩලයේ ඇමති ධුර බාර ගැනීමට විමල් වීරවංශ සහ උදය ගම්මන්පිල ඇතුළු පිරිස ද සූදානමින් සිටින බවට තොරතුරු අනාවරණය වේ. මේ සඳහා සුදුසුකම් සම්පූර්ණ කර රනිල් වික්‍රමසිංහට සහතික කිරීමක් වශයෙන් වීරවංශ ඇතුළු කණ්ඩායම රට නොමඟ යැවීමේ විවිධ ප්‍රකාශ කිරීමට පටන් ගෙන තිබේ. රනිල් […]

හැඳින්වීම

” ජනමිණ ”

සිහනෙත් මාධ්‍ය ජාලයට අයත් වෙබ් අවකාශයකි. මෙම වෙබ් අවකාශය හරහා ප්‍රවෘත්ති හා විශේෂාංග තුලනාත්මක හා අරුත්බර මුහුණුවරකින් ඔබ වෙත රැගෙන ඒම අපේ අභිප්‍රායයි. ” ජනමිණ ” පාඨක ජනවින්‍යාසය වෙත නැවුම් පරිකල්පනයන් විවර කරන හරවත් නිර්මාණාත්මක ලේඛනයෙන් පොහොණි ය.

0
Would love your thoughts, please comment.x
()
x