විමල් ඇමතිකමකට මාන බලයි . . .

ඉදිරියේදී රනිල් වික්‍රමසිංහ විසින් පත්කිරීමට නියමිත විශාල කැබිනට් මණ්ඩලයේ ඇමති ධුර බාර ගැනීමට විමල් වීරවංශ සහ උදය ගම්මන්පිල ඇතුළු පිරිස ද සූදානමින් සිටින බවට තොරතුරු අනාවරණය වේ.

මේ සඳහා සුදුසුකම් සම්පූර්ණ කර රනිල් වික්‍රමසිංහට සහතික කිරීමක් වශයෙන් වීරවංශ ඇතුළු කණ්ඩායම රට නොමඟ යැවීමේ විවිධ ප්‍රකාශ කිරීමට පටන් ගෙන තිබේ. රනිල් වික්‍රමසිංහ ජනාධිපති ධුරයට පත්වූයේ අරගලය නිසා බව තහවුරු කිරීමේ ප්‍රකාශ මේ අතර ප්‍රමුඛව පවතී. මහජන අරගලය හේතුවෙන් විකෘතියක් ඇතිවී ඇති බවත් ඒ තුළ රනිල් වික්‍රමසිංහ බලයට පත්වුණු බවත් තහවුරු කිරීමට එම කණ්ඩායම විවිධ තර්ක ගොඩ නගමින් සිටිති. මේ අතර උදය ගම්මන්පිල බල ශක්ති අමාත්‍ය ධුරය දැරූ කාලයේ සිදු කරන ලද වංචා දූෂණ සහ සිදු කිරීමට සැලසුම් කර තිබූ මූල්‍ය අපරාධ ගෙන හැර දක්වමින් ඔහු ද රනිල්ගේ කැබිනට් මණ්ඩලයේ සාමාජිකයෙකු කර ගැනීමට මේ වනවිට සැලසුම් කර තිබේ.

තාවකාලිකව 18 දෙනෙකුගෙන් සමන්විත කැබිනට් මණ්ඩලයක් පත්කර ගෙන සිටියද එය ඉතා ඉක්මනින්ම 30 ඉක්වමා යාමට නියමිත බව අනාවරණය වේ.

Subscribe
Notify of
0 Comments
Inline Feedbacks
View all comments

Next Post

රුසියාවෙන් රනිල්ට ලියුමක් . . .

Mon Jul 25 , 2022
“කලාපීය ස්ථාවරත්වය සහ ආරක්‍ෂාව ශක්තිමත් කිරීම සඳහා ලාංකික  රාජ්‍ය නායකයා ලෙස ඔබගේ ක්‍රියාකාරකම් කෙරෙහි මම විශ්වාසය තබමි” යැයි රුසියා සමූහාණ්ඩුවේ ජනාධිපති ව්ලැදිමීර් පුටින් ජනාධිපති රනිල් වික්‍රමසිංහ වෙත සුබ පැතුම් පණිවුඩයක් එවමින් සඳහන් කරයි. ශ්‍රී ලංකාවේ රුසියා තානාපති යුරී වැ⁣ටෙරි මහතා අද (25) උදේ අග්‍රාමාත්‍ය ලේකම් කාර්‍යාලයට පැමිණ  රුසියා ජනාධිපතිවරයාගේ  ලිපිය […]

හැඳින්වීම

” ජනමිණ ”

සිහනෙත් මාධ්‍ය ජාලයට අයත් වෙබ් අවකාශයකි. මෙම වෙබ් අවකාශය හරහා ප්‍රවෘත්ති හා විශේෂාංග තුලනාත්මක හා අරුත්බර මුහුණුවරකින් ඔබ වෙත රැගෙන ඒම අපේ අභිප්‍රායයි. ” ජනමිණ ” පාඨක ජනවින්‍යාසය වෙත නැවුම් පරිකල්පනයන් විවර කරන හරවත් නිර්මාණාත්මක ලේඛනයෙන් පොහොණි ය.

0
Would love your thoughts, please comment.x
()
x