ඉන්ධන ඇණවුම් නොකිරීමෙන් ඉන්ධනහල් ඉදිරිපිට දිගු පෝලිම් . . .

මේ සතියේ ඉන්ධන මිල සංශෝධනයක් සිදු නොවන බව විදුලිබල හා බලශක්ති රාජ්‍ය අමාත්‍යාංශය නිවේදනය කළා. මේ වන විට ඉන්ධනහල් ඉදිරිපිට පෝලිම් ඇති වී ඇත්තේ ඉන්ධන මිල අඩු වේ යැයි උපකල්පනය මත ඉන්ධනහල් හිමියන් ඉන්ධන ඇණවුම් නොකිරීමෙන් බව ද අමාත්‍යාංශය වැඩිදුරටත් අවධාරණය කළා.

ඉදිරි සති කිහිපයට ප්‍රමාණවත් ඉන්ධන තොග තෙල් සංස්ථාව සහ ඉන්දීය තෙල් සමාගම සතුව පවතින බවද එම අමාත්‍යාංශය නිවේදනයක් නිකුත් කරමින් තවදුරටත් කියා සිටියි. මේ අතර ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාවට අයත් ඉන්ධන පිරවුම්හල් සියයට 80 කට ආසන්න ප්‍රමාණයක මේ වනවිට ඉන්ධන අවසන් වී තිබෙනවා. මේ හේතුවෙන් ඉන්ධන පිරවුම්හල් ආශ්‍රිතව පෝලිම්ද දක්නට ලැබුණ බවයි අප වාර්තාකරුවන් පැවසුවේ.

ඉකුත් පළමුවනදා සිදුවීමට නියමිතව තිබූ මිල සංශෝධනය හේතුවෙන් පිරවුම්හල් හිමියන් අවශ්‍ය පරිදි ඉන්ධන ඇණවුම් නොකළ බවයි ඛනිජ තෙල් බෙදුම්කරුවන්ගේ සංගමයේ උප සභාපති කුසුම් සදනායක පැවසුවේ. කෙසේවෙතත් බලශක්ති අමාත්‍ය කංචන විජේසේකර පැවසුවේ, මෙම සතිය තුළ ඉන්ධන මිල පහළ දැමීමට කිසිදු තීරණයක් ගෙන නොමැති බවයි.

අවශ්‍යතා සපුරා ගැනීමට ප්‍රමාණවත් ඉන්ධන සංස්ථාව සතුව පවතින බැවින් ඉන්ධන ඇණවුම් කරන ලෙසටද අමාත්‍යවරයා ඉන්ධන පිරවුම්හල් හිමියන්ගෙන් ඉල්ලීමක්ද කළා.

Subscribe
Notify of
0 Comments
Inline Feedbacks
View all comments

Next Post

හිරුණිකා සජිත්ට බැන වදී . . .

Fri Nov 4 , 2022
විපක්ෂයේ දේශපාලන පක්ෂ සහ සිවිල් සංවිධාන කිහිපයක් එක්ව කොළඹ මරදාන ප්‍රදේශයේ පැවති උද්ඝෝෂණය අතරතුර විපක්ෂ නායක සජිත් ප්‍රේමදාසට හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රිනී හිරුණිකා ප්‍රේමචන්ද්‍ර  බැන වැදී තිබේ. ඒ පොලීසිය විසින් විරෝධතාකරුවන් ගමන් ගත් මාර්ගය අවහිර කරමින් යොදා තිබූ මිනිස් පලිය බිඳගෙන ඉදිරියට යාමට විරෝධතාකරුවන් උත්සාහ කරද්දී එය වැළැක්වීමට විපක්ෂ නායකයා උත්සාහ […]

හැඳින්වීම

” ජනමිණ ”

සිහනෙත් මාධ්‍ය ජාලයට අයත් වෙබ් අවකාශයකි. මෙම වෙබ් අවකාශය හරහා ප්‍රවෘත්ති හා විශේෂාංග තුලනාත්මක හා අරුත්බර මුහුණුවරකින් ඔබ වෙත රැගෙන ඒම අපේ අභිප්‍රායයි. ” ජනමිණ ” පාඨක ජනවින්‍යාසය වෙත නැවුම් පරිකල්පනයන් විවර කරන හරවත් නිර්මාණාත්මක ලේඛනයෙන් පොහොණි ය.

0
Would love your thoughts, please comment.x
()
x