මේ දිනවල ශ්‍රී ලංකාවට දැඩි උණුසුම් කාලගුණ තත්ත්වයක් බලපා තිබේ. දිවයිනේ සියලුම දිස්ත්‍රික්ක සඳහා මෙම තත්ත්වය බලපා ඇති අතර කුරුණෑගල, රත්නපුර, අනුරාධපුර දිස්ත්‍රික්කවල ඊයේ (15) දිනයේත් පැවතියේ ඉහළ උණුසුම් කාලගුණයකි. එම අධික උණුසුම් කාලගුණ තත්ත්වයත් සමග චර්ම රෝග ඇතිවීමේ අවදානමක් පවතින බව විශේෂඥ වෛද්‍යවරු පෙන්වා දෙයි. හිරු එළිය සම මතට […]

අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී උද්දික ප්‍රේමරත්න සිය මන්ත්‍රී ධුරයෙන් ඉල්ලා අස්වී ඇත. මන්ත්‍රීවරයා අද (27) උදෑසන කතා නාකයවරයාට සිය ඉල්ලා අස්වීම යොමු කොට තිබේ. උද්දික ප්‍රේමරත්න ජාතික නිදහස් පෙරමුණ නියෝජනය කරමින් 2020 වර්ෂයේදී පළමු වරට පාර්ලිමේන්තුවට තේරී පත්විය. පසුගිය වසරේ දී උද්දික ප්‍රේමරත්න මන්ත්‍රීවරයා අනුරාධ පුරයේදී වෙඩි ප්‍රහාරයකටද ලක්විය. පාර්ලිමේන්තුවට […]

අනුරාධපුර පොලිස් කොට්ඨාස අපරාධ විමර්ශන ඒකකයට ලැබුණු තොරතුරකට අනුව අනුරාධපුර, ශ්‍රාවස්තිපුර ප්‍රදේශයේදී ඊයේ (20) සවස මෙම ජාවාරම්කාරිය හා ඇගේ සැමියා පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන තිබේ. මේ සම්බන්ධයෙන් විමර්ශන ක්‍රියාත්මක කරන අනුරාධපුර පොලිසිය පවසන්නේ දැනට බූස්ස අධිආරක්ෂිත බන්ධනාගාරයේ සිටින ‘ රැවුල් කුමාර හා ගලහා කුමාර ‘ අනුවර්තන නම්වලින් හඳුන්වනු ලබන M.G.මහින්ද […]

සෞඛ්‍ය වෘත්තීය සමිති 72ක් ඉල්ලීම් කිහිපයක් මුල් කර ගනිමින් ක්‍රියාත්මක කරනු ලබන වැඩ වර්ජනය හේතුවෙන් යළි අඩාළ වූ රෝහල් කටයුතු බාධාවකින් තොරව සමාන්‍ය පරිදි පවත්වාගෙන යාම සඳහා පස්වරු 1:00 වන විට යුද්ධ හමුදා සාමාජිකයින් 1026ක් යොදවා ඇති බව යුද්ධ හමුදා මාධ්‍ය ප්‍රකාශක මේජර් ජෙනරල් රසික කුමාර පවසයි. mawbima.lk සිදු කළ […]

ලෝකයේ පැරැණිතම පූජනීය වෘක්ෂයන් අතරට ගැනෙන අනුරාධපුර ජය ශ්‍රී මහා බෝධින් වහන්සේට සියවස් විසිපහකට ආසන්න කාලයක් තිස්සේ රැකවරණය සපයන ‘බුලන්කුලම – නුවරවැව’ පවුල පිළිබඳ බොහෝ දෙනකු නොදන්නවා විය හැකිය. ජය ශ්‍රී මහා බෝධින් වහන්සේ මෙරටට වැඩම කරවාගෙන පැමිණි පිරිසෙන් එක් අයකු වූ බෝධිගුත්ත නම් කුමාරයාගේ පරපුරෙන් ඔවුන් පැවැත එන අතර පසු කලෙක මෙරට රාජ්‍යත්වය සඳහා […]

අනුරාධපුර ශ්‍රාවස්තිපුර  වදාකඩ ප්‍රදේශයේදී වන අලි පහර දීමකින්  තරුණයකු ජීවිතක්ෂයට පත්වීම නිසා ප්‍රකෝප වූ ගම්වාසීහු පිරිසක්, වන අලි ගැටලුවට විසඳුම් ඉල්ලා අද (28) දහවල්  අනුරාධපුර – කුරුණෑගල  ප්‍රධාන මාර්ගය ශ්‍රාවස්තිපුර  පහේ ඇල ප්‍රදේශයෙන් වසා දමමින් දැවැන්ත උද්ඝෝෂණයක නිරත වූහ.  වන අලි පහර දීම හේතුවෙන් මෙලෙස ජීවිතක්ෂයට පත්ව ඇත්තේ, 262 තුලාන, […]

පසුගිය දින කිහිපය පුරා පොලිස් විශේෂ කාර්ය බලකා නිලධාරීන් පාසල් ළමුන් ඉලක්ක කර මත් පෙති හා කරල් විකුණන ජාවාරම්කරුවන් රැසක් අත්අඩංගුවට ගෙන ඇත. මේ පිළිබඳ තොරතුරු සොයාබැලීමේ දී අනාවරණය වන්නේ වැඩි වශයෙන් කොළඹින් දුර බැහැර අනුරාධපුර ආදී නගරවල මත් පෙති හා මත්කරල් ජාවාරමට වැඩි වශයෙන් පාසල් සිසු සිසුවියන් ඇබ්බැහි වී […]

අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න ගමන් කළ මෝටර් රියට කිසියම් පිරිසක් අනුරාධපුර ගුවන්තොටුපොළ පාරේ ඔහුගේ පියාගේ නිවෙස අසලදී  වෙඩි තබා ඇතැයි අනුරාධපුර මූලස්ථාන පොලීසිය පවසයි. කෙසේ වෙතත් වෙඩි තැබීමෙන් මන්ත්‍රීවරයාට හෝ වෙනත් කිසිවකුටත් අනතුරක්වී නැතැයි පොලීසියේ නිලධාරියෙක් ලංකාදීපයට පැවැසීය. මන්ත්‍රීවරයා නිවෙසට පැමිණෙමින් සිටියදී වෑන් රියකින් පැමිණි […]

අනුරාධපුර ඓතිහාසික ජය ශ්‍රී මහා බෝධීන් වහන්සේ ඇතුළු අටමස්ථාන වැඳ පුදාගැනීමට පැමිණෙන බැතිමතුන්ගේ පහසුව සඳහා අනුරාධපුර ප්‍රධාන දුම්රිය ස්ථානයේ සිට ජය ශ්‍රි මහා බෝධීන් වහන්සේ දක්වා විශේෂ බස් රථ සේවාවක් අද (අගෝ. 30) සිට ආරම්භ කර ඇත. අටමස්ථානාධිපති පූජ්‍ය පල්ලේගම හේමරතන නාහිමිපාණන් වහන්සේ විසින් ප්‍රවාහන හා ජනමාධ්‍ය අමාත්‍ය බන්දුල ගුණවර්ධනගෙන් […]

පූජ්‍ය රාජාංගණයේ සද්ධාරතන හිමි ලබන 5වන දා දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කිරීමට අද අධිකරණය නියෝග කර තිබේ. ආගමික සහජීවනයට හානි සිදුවන ආකාරයේ ප්‍රකාශ සිදුකළ බවට එම හිමි අනුරාධපුර ප්‍රදේශයේදී අත්අඩංගුවට ගෙන රිමාන්ඩ් බන්ධනාගාරගතකර තිබුණි.

හැඳින්වීම

” ජනමිණ ”

සිහනෙත් මාධ්‍ය ජාලයට අයත් වෙබ් අවකාශයකි. මෙම වෙබ් අවකාශය හරහා ප්‍රවෘත්ති හා විශේෂාංග තුලනාත්මක හා අරුත්බර මුහුණුවරකින් ඔබ වෙත රැගෙන ඒම අපේ අභිප්‍රායයි. ” ජනමිණ ” පාඨක ජනවින්‍යාසය වෙත නැවුම් පරිකල්පනයන් විවර කරන හරවත් නිර්මාණාත්මක ලේඛනයෙන් පොහොණි ය.