අටමස්ථාන වැඳ පුදාගන්න විශේෂ බස් රථ සේවාවක් . . .

අනුරාධපුර ඓතිහාසික ජය ශ්‍රී මහා බෝධීන් වහන්සේ ඇතුළු අටමස්ථාන වැඳ පුදාගැනීමට පැමිණෙන බැතිමතුන්ගේ පහසුව සඳහා අනුරාධපුර ප්‍රධාන දුම්රිය ස්ථානයේ සිට ජය ශ්‍රි මහා බෝධීන් වහන්සේ දක්වා විශේෂ බස් රථ සේවාවක් අද (අගෝ. 30) සිට ආරම්භ කර ඇත.

අටමස්ථානාධිපති පූජ්‍ය පල්ලේගම හේමරතන නාහිමිපාණන් වහන්සේ විසින් ප්‍රවාහන හා ජනමාධ්‍ය අමාත්‍ය බන්දුල ගුණවර්ධනගෙන් සිදු කරන ලද ඉල්ලීමකට අනුව නිකිණි පොහොය නිමිති කර ගෙන එම බස් රථ සේවාව ආරම්භ කර ඇති බව අප වාර්තාකරු සඳහන් කළේ ය.

මෙම බස් සේවාව රුපියල් පනහක් වැනි මුදලකට එක් අයෙකුට ගමන් කළ හැකි බව ත් සිකුරාදා, සෙනසුරාදා හා ඉරිදා ඇතුළු ව පොහෝ දිනයන්වලදී මෙම බස් රථ සේවාව බැතිමතුන් වෙනුවෙන් ක්‍රියාත්මක කරනු ඇත.

ලංකා ගමනාගමන මණ්ඩලය හා දුම්රිය දෙපාර්තමේන්තුව එක්ව මෙම වැඩපිළිවෙළ ක්‍රියාත්මක කරයි.

  • අමිල ප්‍රභාත්, පර්සි කුරුනේරු
Subscribe
Notify of
0 Comments
Inline Feedbacks
View all comments

Next Post

තිරිගුපිටි ආනයන බද්ද ඉහළට . . .

Wed Aug 30 , 2023
ඉන්දියාවෙන් තිරිඟු පිටි ආනයනය තහනම් කරමින් පැනවූ බලපත්‍ර ක්‍රමය අහෝසි කිරීමට රජය තීරණය කර ඇති බවත් එසේ වුවද තිරිඟු පිටි ආනයන බද්ද ඉහළ දමා ඇති බවත් අත්‍යවශ්‍ය ආහාර ආනයනකරුවන්ගේ සංගමයේ උපදේශක පැරකුම් අබේසේකර අද (30) ‘ලංකාදීප’යට පැවසීය. තිරිඟු පිටි ආනයනය බද්ද කිලෝවකට රුපියල් 16 ක් ලෙස පැවැති බවත් එය රුපියල් […]

හැඳින්වීම

” ජනමිණ ”

සිහනෙත් මාධ්‍ය ජාලයට අයත් වෙබ් අවකාශයකි. මෙම වෙබ් අවකාශය හරහා ප්‍රවෘත්ති හා විශේෂාංග තුලනාත්මක හා අරුත්බර මුහුණුවරකින් ඔබ වෙත රැගෙන ඒම අපේ අභිප්‍රායයි. ” ජනමිණ ” පාඨක ජනවින්‍යාසය වෙත නැවුම් පරිකල්පනයන් විවර කරන හරවත් නිර්මාණාත්මක ලේඛනයෙන් පොහොණි ය.

0
Would love your thoughts, please comment.x
()
x