ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ(IMF) සහ ලෝක බැංකුවේ වසර මැද සමුළුව අමෙරිකාවේ වොෂින්ටන් නුවරදී අද (15) ආරම්භ වෙයි. මුදල් රාජ්‍ය අමාත්‍ය ශෙහාන් සේමසිංහ පැවසුවේ , අත්‍යවශ්‍ය අරමුදල්වල මීළඟ වාරිකය ලබාගැනීමට සහ කඩිනමින් ණය ප්‍රතිව්‍යුහගතකරණය අවසන් කිරීම සම්බන්ධයෙන් එහිදී ඵලදායී සාකච්ජා වල නිරත වීමට අපේක්ෂා කරන බවයි. ජාත්‍යන්තර මූල්‍ය අරමුදල, ලෝක බැංකුව සහ […]

අමෙරිකාවේ නිව්යෝර්ක් ඇතුළු නැගෙනහිර වෙරළ තීරයට ආසන්න නගරවලට රික්ටර් මාපකයේ ඒකක 4.8ක භූකම්පනයකින් බලපෑම් එල්ල විය. එරට වේලාවෙන් උදෑසන 10.23ට පමණ සිදුවූ එම කම්පනය ෆ්ලඩෙල්ෆියා සිට නිව්යෝර්ක් දක්වා දැනුණු බව විදෙස් මාධ්‍ය වාර්තා කර තිබුණි. මේ අතර ප්‍රධාන භූකම්පනයෙන් පසුව පසු කම්පන 11ක් පමණ වාර්තා වී තිබුණු බවද විදෙස් මාධ්‍ය […]

අමෙරිකාවේ බැල්ටිමෝ වරායේ සිදු වූ අනතුරට හේතුව නැවේ විදුලිබලය අහිමිවීම නිසා සිදු වූවක් බවට හෙළිව තිබේ. මීටර් 289 ක දිගින් යුත් ඩාලි නෞකාව බැල්ටිමෝ වරායේ සිට බහාලුම් රැගෙන ශ්‍රී ලංකාව බලා යාත්‍රා කරමින් තිබුණි. දින 27 ක කාලයක් තුළ එහි චාරිකාව සැළසුම් කර තිබූ අතර ගමන් ආරම්භ කර ටික වේලාවක් […]

මෙවර අමෙරිකාවේදී පවත්වන ප්‍රධාන වෙසක් උත්සවය එරට ජනාධිපති ජෝ බයිඩ්න්ගේ ප්‍රධානත්වයෙන් ධවල මන්දිරයේදී සැමරීමට අමෙරිකාවේ ශ්‍රී ලංකා තානාපති කාර්යාලය තීරණය කර තිබේ. වොෂින්ටන්හි පිහිටි ශ්‍රී ලංකා තානාපති කාර්යාලය පසුගිය දා රැස්වීමක් පවත්වා මීට අදාළ යෝජනාව සම්මත කරගෙන ඇත. අමෙරිකානු තානාපති මහින්ද සමරසිංහගේ නිල නිවසේදී මෙම රැස්වීම පවත්වා තිබේ. මෙම අවස්ථාවට […]

අමෙරිකාව, බ්‍රිතාන්‍ය සහ ප්‍රංශය එක්ව, හූති ඩ්‍රෝන යානා 28ක් බිම හෙලා ඇත. රතු මුහුද සහ ඒඩ්න් බොක්ක ආශ්‍රිතව යාත්‍රා කෙරුණු වාණිජ නෞකා සහ ඩිස්ට්‍රොයර් වර්ගයේ අමෙරිකානු යුධ නෞකා ඉලක්ක කර ගනිමින්, හූති කැරළිකරුවන් ඊයේ (09) මෙම ප්‍රහාර එල්ල කර තිබූ අතර කෙසේ නමුත් අදාළ ප්‍රහාර වලින් නෞකාවලට කිසිදු හානියක් සිදුවී […]

අමෙරිකාවේ Intuitive machines තාක්ෂණ සමාගම නාසා ආයතනය සමග එක්ව සඳ මත සාර්ථකව අභ්‍යවකාශ යානයක් ගොඩබැස්වූ පළමු පෞද්ගලික සමාගම ලෙස ඉතිහාසයට එක්විය. ඒ, ඔඩිසියස් නමැති යානය, සඳේ දක්ෂිණ ධ්‍රැවය වෙත ගොඩ බස්වමින් ය. අමෙරිකාවේ නාසා ආයතනය මැදිහත් වී, මේ අයුරින් සඳට යානයක් ගොඩබෑම කළේ ඇපලෝ චන්ද්‍ර මෙහෙයුම් අවසන් වී, වසර 52 […]

ලොව උසම මිනිසා ලෙස ගිනස් වාර්තාවට හිමිකම් කියන තුර්කි ජාතික සුල්තාන් කෝසෙන් සහ ලොව මිටිම ගැහැනිය ලෙස ගිනස් වාර්තාවට හිමිකම් කියන ඉන්දීය ජාතික ජොයිති අම්ගේ පසුගියදා අමෙරිකාවේ කැලිෆෝනියා ප්‍රාන්තයේදී මුණ ගැසුණු බව විදෙස් මාධ්‍ය වාර්තා කළේය. එකිනෙකාට හාත්පසින්ම වෙනස් මේ අසාමාන්‍ය පුද්ගලයන් දෙදෙනා එකට එක්වී සිටින අයුරු දැක බලා ගැනීමට […]

ලෝක ගීත ක්ෂේත්‍රයේ විශිෂ්ටතම ගායක ගායිකාවන් ඇගැයීමට ලක් කෙරෙන සුප්‍රකට ග්‍රැමී සම්මාන උලෙළේදී ඉන්දියාවට සම්මාන 6ක් හිමි වූ බව විදෙස් මාධ්‍ය වාර්තා කළේය. මෙවර 66 වැනි වරටත් අමෙරිකාවේ ලොස් ඇන්ජලිස් නුවර පැවැති ග්‍රැමී සම්මාන උලෙළේදී ඉන්දීය සංගීතඥයන් පස්දෙනකු එම සම්මානයට පාත්‍ර වී ඇති අතර, සුප්‍රකට තබ්ලා වාදක සාකිර් හුසේන් සහ […]

අමෙරිකාවේ ඇලබාමා ප්‍රාන්තයේ මරන දඩුවම ක්‍රියාත්මක කිරීම සදහා නව ක්‍රමවේදයක් ලෙස ප්‍රථමවරට නයිට්‍රජන් වායුව භාවිත කෙරේ. මරණ දඬුවම නියම වූ කෙනත් ඉයුජින් ස්මිත් නැමති මෙම පුද්ගලයා නයිට්‍රජන් වායුව යොදාගනිමින් මරණයට ලක්කර ඇතැයි විදෙස් මාධ්‍ය සඳහන් කරයි. මෙම මතභේදාත්මක ක්‍රමය එක්සත් ජනපදයේ භාවිතා කරන පළමු අවස්ථාව මෙයවේ. 58 හැවිරිදි ස්මිත්ට අවසන් […]

ජපානය සඳ මත ගොඩබැස් වූ යානාවේ රොබෝ යන්ත්‍රයේ දෝෂයක් හටගෙන තිබේ. සඳ මත සාර්ථක ගොඩබැස්වීමක් සිදු කළද ජපන් යානාවේ රොබෝ යන්ත්‍රයේ සූර්ය බලශක්ති පද්ධතියේ දෝෂයක් හටගෙන ඇතැයි බීබීසී ප්‍රවෘත්ති සේවය වාර්තා කරයි. ඒ හේතුවෙන් සඳ මත මෙහෙයුම පැය කිහිපයකට පමණක් සීමා විය හැකි බව වාර්තාවේ. කෙසේ වෙතත්, මෙහෙයුම සුරැකීමට ඉංජිනේරුවන් කටයුතු […]

හැඳින්වීම

” ජනමිණ ”

සිහනෙත් මාධ්‍ය ජාලයට අයත් වෙබ් අවකාශයකි. මෙම වෙබ් අවකාශය හරහා ප්‍රවෘත්ති හා විශේෂාංග තුලනාත්මක හා අරුත්බර මුහුණුවරකින් ඔබ වෙත රැගෙන ඒම අපේ අභිප්‍රායයි. ” ජනමිණ ” පාඨක ජනවින්‍යාසය වෙත නැවුම් පරිකල්පනයන් විවර කරන හරවත් නිර්මාණාත්මක ලේඛනයෙන් පොහොණි ය.