ලොව උසම මිනිසා මිටිම ගැහැනිය හමු වෙති . . .

ලොව උසම මිනිසා ලෙස ගිනස් වාර්තාවට හිමිකම් කියන තුර්කි ජාතික සුල්තාන් කෝසෙන් සහ ලොව මිටිම ගැහැනිය ලෙස ගිනස් වාර්තාවට හිමිකම් කියන ඉන්දීය ජාතික ජොයිති අම්ගේ පසුගියදා අමෙරිකාවේ කැලිෆෝනියා ප්‍රාන්තයේදී මුණ ගැසුණු බව විදෙස් මාධ්‍ය වාර්තා කළේය.

එකිනෙකාට හාත්පසින්ම වෙනස් මේ අසාමාන්‍ය පුද්ගලයන් දෙදෙනා එකට එක්වී සිටින අයුරු දැක බලා ගැනීමට ජනතාව එක්රොක් වූ බව ද වැඩිදුරටත් වාර්තා වේ.

41 හැවිරිදි සුල්තාන් කෝසෙන් අඩි 8කුත් අඟල් 2.8ක් උසැති පුද්ගලයකු වන අතර, අඩි දෙකක් උසැති 30 හැවිරිදි ජොයිති අම්ගේ සහ සුල්තාන් අතර උස පරතරය අඩි 6ක් බවත් වාර්තා වේ. කෝසෙන් උසම මිනිසා ලෙස ගිනස් වාර්තාපොතට ඇතුළත් වූයේ 2009 වසරේදිය. උසින් පමණක් නොව දිගම දෑතට ද ඔහු හිමිකම් කියන අතර, ඔහුගේ මැණික් කටුවේ සිට මැදැඟිල්ලේ අන්තිම කෙළවර දක්වා දිග සෙන්ටිමීටර් 11.22ක් බව ද වාර්තා වේ. ජොයිතිගේ උස දෙහැවිරිදි දරුවකුගේ සාමාන්‍ය උසට සමාන වන අතර, 18 හැවිරිදි වියේදී ඇගේ බර කිලෝග්‍රෑම් 5ක් පමණක් බවත් වාර්තා වේ.

  • dinamina
Subscribe
Notify of
0 Comments
Inline Feedbacks
View all comments

Next Post

වාරය සේවකයෝ වැඩ වරති . . .

Thu Feb 22 , 2024
වාරය සේවකයෝ මේ වන විට වැඩ වර්ජනයක් ආරම්භ කර ඇත. අසනීප නිවාඩු දීමනාව ලබා ගැනීමේදී  “උපයන විට බද්දට” යටත් වීමට සිදුවීම මීට හේතුව වී තිබේ.  වරාය සේවකයින්ට දින 21 අසනීප නිවාඩු හිමි කමක් ඇත. නමුත් වරාය සේවකයින් මෙකී නිවාඩු ලබා නොගෙන ඒ වෙනුවෙන් පිරිනමන දීමනාව ලබා ගැනීමට හුරු වී ඇත. මේ සඳහා […]

හැඳින්වීම

” ජනමිණ ”

සිහනෙත් මාධ්‍ය ජාලයට අයත් වෙබ් අවකාශයකි. මෙම වෙබ් අවකාශය හරහා ප්‍රවෘත්ති හා විශේෂාංග තුලනාත්මක හා අරුත්බර මුහුණුවරකින් ඔබ වෙත රැගෙන ඒම අපේ අභිප්‍රායයි. ” ජනමිණ ” පාඨක ජනවින්‍යාසය වෙත නැවුම් පරිකල්පනයන් විවර කරන හරවත් නිර්මාණාත්මක ලේඛනයෙන් පොහොණි ය.

0
Would love your thoughts, please comment.x
()
x