රටපුරා බොහෝ ප්‍රදේශවල තවදුරටත් ඉන්ධන හිඟයක් පවතින බව වාර්තාකරුවන් කියති. ඇතැම් පිරවුම්හල ඉදිරිපිට ඉන්ධන පෝලිමේ ද දක්නට ලැබෙන තවත් ඉන්ධනහල් ප්‍රමාණයක් ඉන්ධන නොමැති බව දන්නා පුවරු එල්ලා ඇත. මේ මස පළමු වනදා ඉන්ධන මිල අඩු වේ එය බලාපොරොත්තුවෙන් ඉන්ධන පිරවුම්හල් රැසක් ඉන්ධන ඇණවුම් කිරීමෙන් වැළකී සිටි බව විදුලි බල හා […]

  මෙම සතියේ සෙනසුරාදා සහ ඉරිදා දිනවල ඉන්ධන බෙදාහැරීම අඛණ්ඩව සිදුකරන ලෙස ලංකා ඛනිජ තෙල් සංස්ථාව සහ ඛනිජ තෙල් තොග ගබඩා පර්යන්තය වෙත උපදෙස් ලබා දී තිබෙනවා. විදුලි බල සහ බලශක්ති අමාත්‍ය කංචන විජේසේකර ට්විටර් පණිවුඩයක් නිකුත් කරමින් මේ බව පැවසූ අතර අතිකාල වියදම් අඩුකිරීමේ අරමුණ සහිතව පසුගිය මාස 4ක […]

ලබන මාසයේ සිට ඉන්ධන කෝටාව දෙගුණයකින් ඉහළ දැමීමට හැකිවනු ඇති බව විදුලිබල හා බලශක්ති අමාත්‍ය කංචන විජේසේකර පවසනවා. අමාත්‍යවරයා පෙන්වාදෙන්නේ ඉන්ධන මිල සංශෝධනයට සමගාමීව එම සංශෝධනයද සිදුකිරීමට සැලසුම් කර ඇති බවයි. කංචන විජේසේකර අමාත්‍යවරයා එම අදහස් පළකළේ, වැලිගම ප්‍රදේශයේ පැවති ජන හමුවකට එක්වෙමින්. “මීට මාස එකහමාරකට පෙර අපි අලුත් අවුරුදු […]

ඒකක බින්දුවේ සිට 30 දක්වා  විදුලිය පරිභෝජනය කරන ලක්ෂ දාහතකට  වැඩි පිරිසකගේ විදුලිබිල ජුලි මාසයේ සිට  සියයට 23 කින් අඩු කිරීමට යෝජනා කර ඇතැයි විදුලි බල හා බලශක්ති අමාත්‍ය කංචන විජේසේකර පාර්ලිමේන්තුවේදී  අද (24) පැවසීය. එසේම සියයට 31 සිට  හැට  දක්වා පාරිභෝගිකයන්ගේ විදුලි බිල සියයට නවයකින් අඩු කිරීමට යෝජනා කර […]

ජුලි මස 01 වනදා සිට ක්‍රියාත්මක කිරීමට නියමිත විදුලි ගාස්තු සංශෝධනය සම්බන්ධයෙන් විදුලිබල මණ්ඩලය සකස් කළ විදුලි ගාස්තු යෝජනාව ඊයේ (15) පස්වරුවේ මහජන උපයෝගිතා කොමිසම වෙත භාර දෙනු ලැබීය. ඒ අනුව සියයට 3 ක ප්‍රතිශතයකින් විදුලි ගාස්තු අඩු කිරීමට යෝජනා කර තිබෙනවා. විදුලි ජනන දත්ත සහ විකුණුම් දත්ත, ඉන්ධන, ගල් අඟුරු […]

දින 100ක කාලයක් සඳහා නොරොච්චෝලේ බලාගාරයේ 03 වන ඒකකය වසා තැබෙන බව විදුලිබල සහ බලශක්ති අමාත්‍ය කංචන විජේසේකර පවසයි. ඒ අනුව ට්විටර් පණිවුඩයක් නිකුත් කරමින් අමාත්‍යවරයා පවසන්නේ එළඹෙන ජුනි මස 13 වනදා සිට දින 100ක කාලයක් සඳහා බලාගාරයේ 03 වන ඒකකය වසා තැබෙන බවය. මේ අතර අදාළ කාලසීමාව තුළදී කිසිදු ආකාරයක […]

අලුත් අවුරුදු උත්සවය  වෙනුවෙන්,  ඉහළ ඉන්ධන කෝටාව අඛණ්ඩව පවත්වාගෙන යෑමට තීරණය කළ බව විදුලිබල හා බලශක්ති අමාත්‍ය කංචන විජේසේකර පවසයි. ඒ අනුව සතියකට විශේෂ  ත්‍රීරෝද රථ  සඳහා ලබා දෙන ලද ලීටර් 10ක ඉන්ධන කෝටාව ලීටර් 15ක් දක්වාද, සාමාන්‍ය ත්‍රීරෝද රථ සඳහා ලබා දෙන ලද ලීටර් 05ක ඉන්ධන කෝටාව ලීටර් 08ක් […]

විදුලිබල සහ බලශක්ති අමාත්‍ය කංචන විජේසේකර ට්විටර් සටහනක් තබමින් සඳහන් කළේ, විදුලිය ඇනහිට තිබූ ප්‍රදේශ කිහිපයකට මේ වනවිට විදුලි සැපයුම යළි ලබාදීමට පියවර ගෙන ඇති බවයි. එම ට්විටර් සටහනේ වැඩිදුරටත් දැක්වෙන්නේ කොළඹ 4,5 සහ 7 ප්‍රදේශවලට මෙලෙස විදුලි සැපයුම යථාතත්ත්වයට පත්කර ඇති බවය. අද (24) පස්වරුවේ කොලොන්නාව උප බලාගාරයේ සම්ප්‍රේෂණ මාර්ගයේ […]

මෙරට ඉන්ධන බෙදා හැරීමේ කටයුතු සඳහා අවසර හිමි වූ විදෙස් සමාගම් තුන ඉදිරි මාස දෙක ඇතුළත සිය මෙහෙයුම් කටයුතු ආරම්භ කරනු ඇති බව විදුලිබල හා බලශක්ති ඇමැති කංචන විජේසේකර පවසනවා. ඔහු පෙන්වා දෙන්නේ අදාළ සමාගම් සමග ඉදිරි සති දෙක තුළ ගිවිසුම් ගතවීමට බලාපොරොත්තු වන බවයි. අමාත්‍යවරයා මේ බව ප්‍රකාශ කළේ, මාධ්‍ය […]

ඉන්ධන පිරවුම්හල් 40ක ඉන්ධන අලෙවිය අත්හිටුවීමට තීරණය කර ඇති බව බලශක්ති අමාත්‍ය කංචන විජේසේකර ප්‍රකාශ කරනවා. ඒ, QR කේතයට පරිබාහිරව දිගින් දිගටම ඉන්ධන අලෙවිය සිදුකරන ලද ඉන්ධන පිරවුම්හල්වලටයි. අමාත්‍යවරයා මෙම තීරණය ගෙන ඇත්තේ, ලංකා ඛණිජ තෙල් නීතිගත සංස්ථාවේ සහ තොග ගබඩා පර්යන්තයේ පාලන අධිකාරිය සහ නිලධාරීන් සමග ප්‍රගති සමාලෝචන හමුවකදීයි. ඊට […]

හැඳින්වීම

” ජනමිණ ”

සිහනෙත් මාධ්‍ය ජාලයට අයත් වෙබ් අවකාශයකි. මෙම වෙබ් අවකාශය හරහා ප්‍රවෘත්ති හා විශේෂාංග තුලනාත්මක හා අරුත්බර මුහුණුවරකින් ඔබ වෙත රැගෙන ඒම අපේ අභිප්‍රායයි. ” ජනමිණ ” පාඨක ජනවින්‍යාසය වෙත නැවුම් පරිකල්පනයන් විවර කරන හරවත් නිර්මාණාත්මක ලේඛනයෙන් පොහොණි ය.