ගම්පහ දුම්රිය ස්ථානයේ නවතා තිබූ දුම්රියක හදිසියේ ගින්නක් ඇති වී තිබෙනවා. තෙල් දුම්රියක මෙලෙස ගින්නක් ඇති වූ බවටයි තොරතුරු වාර්තා වන්නේ. මෙම ගින්න අද (11) උදෑසන ඇති වූ බව සඳහන්. දුම්රිය සේවකයින් එය පාලනය කිරීමට උත්සහා කරමින් සිටිනවා. ගින්නට හේතුව මෙතෙක් හඳුනාගෙන නැහැ. monara

කොළොන්නාවේ හෝටලයක දෙවන මහළේ ගින්නක් හට ගෙන තිබේ. ගෑස් පිපීරිමක් හේතුවෙන් මෙම ගින්න හට ගෙන ඇති බව වාර්තා වේ. මේ වන විට ගින්නෙන් පුද්ගලයෙකු බේරාගෙන කොළඹ ජාතික රෝහලට ඇතුළත් කර ඇති බව වාර්තා වෙයි. මෙම තත්ත්වය පාලනය කිරීම සඳහා ගිනි නිවීමේ රථ දෙකක් යොදවා ඇති බව ගිනි නිවීම් සේවා දෙපාර්තමේන්තුව […]

අද (10) අලුයම් කාලයේ අලුත් කඩේ සිවිල් අභියාචනාධිකරණ සංකීර්ණයේ ගින්නක් හටගෙන තිබේ. පොලීසිය පැවසුවේ ගින්න හට ගෙන ඇති බව එහි ආරක්ෂක නිලධාරියා කෙසෙල්වත්ත පොලීසිය දැනුවත් කළ බවයි. ගිනි නිවීම් සේවා රථ පැමිණ ගින්න නිවා දමා ඇත. ඒ සඳහා යොදාගත් සේවා රථ සංඛ්‍යාව 03කි. ගින්නෙන් අධිකරණයේ දේපොළවලට කිසිදු හානියක් සිදුව නැතැයි, පොලීසිය […]

රත්නපුර ලෙල්ලෝපිටිය වැලිමළුව ප්‍රදේශයේ පෞද්ගලික තේ කර්මාන්ත ශාලාවක අද (23) අලුයම ගින්නක් හටගෙන තිබේ. අමාත්‍ය පවිත්‍රා වන්නිආරච්චි ගේ පවුලට අයත් තේ කර්මාන්තශාලාවක ගින්නක් හටගෙන ඇත. ගින්න කර්මාන්ත ශාලාවට පුරා පැතිර ගොස් ඇති අතර තේ කර්මාන්ත ශාලාවට අයත් ලොරි රථ පහක් ද ගින්නෙන් විනාශ වී ඇත.  

සපුගස්කන්ද ප්ලාස්ටික් කර්මාන්ත ශාලාවක ගින්නක් හටගෙන ඇති බවට වාර්තා වෙයි. ගින්න මැඩපැවැත්වීම සඳහා ගිනි නිවන රථ 06 ක් යොමුකර ඇති බව ගිනි නිවීමේ ඒකකය පවසයි.

හැඳින්වීම

” ජනමිණ ”

සිහනෙත් මාධ්‍ය ජාලයට අයත් වෙබ් අවකාශයකි. මෙම වෙබ් අවකාශය හරහා ප්‍රවෘත්ති හා විශේෂාංග තුලනාත්මක හා අරුත්බර මුහුණුවරකින් ඔබ වෙත රැගෙන ඒම අපේ අභිප්‍රායයි. ” ජනමිණ ” පාඨක ජනවින්‍යාසය වෙත නැවුම් පරිකල්පනයන් විවර කරන හරවත් නිර්මාණාත්මක ලේඛනයෙන් පොහොණි ය.