අභිරහස් ලෙස මියගිය දිනේෂ් ෂාෆ්ටර් වෙනුවෙන් රක්ෂණ මුදල් ගෙවීම සතියක කාලයක් දක්වා අත්හිටුවන ලෙස දන්වමින් කොළඹ අතිරේක මහෙස්ත්‍රාත් රජින්ද්‍රා රාජසූරිය අදාළ රක්ෂණ සමාගම්වල බලධාරීන්ට  නියෝග කර තිබේ. ෂාෆ්ටර්ගේ මරණය අපරාධයක් බවට තහවුරුවී ඇති බැවින් ඒ පිළිබඳව සිදු කෙරෙන විමර්ශන කටයුතු සඳහා සහාය දැක්වීමක් ලෙස සතියක කාලයක් යනතෙක් අදාළ අයට එම […]

ව්‍යාපාරික දිනේෂ් ෂාෆ්ටර්ගේ මරණය ගෙල සහ මුහුණ මත ඇති වූ පීඩනයක් මත සිදු වී ඇති බව කොළඹ මහේස්ත්‍රාත් අධිකරණය අද (01) තීන්දු කළේය. ඒ අනුව මෙම සිද්ධිය හරහා අපරාධයක් සිදු වී ඇතැයි තීන්දු කළ මහේස්ත්‍රාත්වරිය ඊට සම්බන්ධ සැකකරුවන් අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කරන ලෙස අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂවරයාට නියෝග කර […]

ප්‍රවීණ ක්‍රිකට් විස්තර විචාරකයකු වූ බ්‍රයන් තෝමස් ට එරෙහිව නීතිපතිවරයා ඊයේ (05) කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් ප්‍රසන්න අල්විස් ඉදිරියේ චෝදනා ගොනු කර තිබෙනවා. ඒ නිමි ඇඳුම් ගණුදෙනු සඳහා කෝටි 144කට අධික මුදලක් සඳහා අගරු චෙක්පත් දීමේ චෝදනාවක් සම්බන්ධයෙන්. අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ මූල්‍ය අපරාධ කොට්ඨාසය මඟින් කළ විමර්ශනයක් අනුව නීතිපතිවරයා මෙම නඩුව […]

ව්‍යාපාරික දිනේෂ් ෂාෆ්ටර්ගේ දේහය නැවතත් ඔහුගේ පවුලේ ඥාතීන් වෙත භාරදෙන ලෙසට අධිකරණය නියෝග කර ඇත. එහිදී කොළඹ අතිරේක මහෙස්ත්‍රාත්වරයා වැඩිදුරටත් නියෝග කර ඇත්තේ පශ්චාත් මරණ පරීක්ෂණය අවසන් බැවින් මෙලෙස දේහය නැවත ඥාතීන් වෙත භාරදෙන ලෙසටය. අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව වෙත කොළඹ අතිරේක මහෙස්ත්‍රාත්වරයා විසින් මෙම නියෝගය නිකුත් කර තිබේ.  

අභිරහස් ලෙස මියගිය ව්‍යාපාරික දිනේෂ් ෂාෆ්ටර්ගේ දෙඅත් බැඳ තිබූ සිප් ටයි පටියේ සටහන්ව තිබූ ආගන්තුක ජෛව සාම්පලය, පොලිස් නිලධාරියකුගේ බව තහවුරු වී ඇති බව අපරාධ පරීක්ෂක දෙපාර්තමේන්තුව, විසින් ඊයේ (28) අධිකරණයට දැනුම් දී තිබෙනවා. ඒ, අනුව එම ආගන්තුක ජෛව සාම්පලය, අපරාධ ස්ථාන පරීක්ෂණ නිලධාරී (සෝකෝ) පොලිස් සැරයන් (29541) සුනිල්ගේ ඩී.එන්.ඒ.සමඟ […]

  ජනශක්ති රක්ෂණ සමූහ ව්‍යාපාරයේ අධ්‍යක්ෂ දිනේෂ් ෂාෆ්ටර් භාවිත කළ ජංගම දුරකතනය සහ සිම්කාඩ්පත ඔවුන්ගේ ඥාතීන්ට ලබාදීමට රජයේ රස පරීක්ෂකවරයා විරුද්ධ බව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් අධිකරණය හමුවේ අද (20) ප්‍රකාශ කළේය. සිද්ධියට අදාළ නඩුව අධිකරණය හමුවේ කැඳවූ අවස්ථාවේදී මෙම කරුණු ඉදිරිපත් විණී. මෙම දුරකතනය සහ සිම්කාඩ් පත […]

හිටපු ව්‍යාපාරික දිනේෂ් ෂාෆ්ටර් ගේ දේහය අද (25) යළි ගොඩගැනුණා.. ඒ, ෂාෆ්ටර් ගේ මරණයට හේතුව සෙවීම සඳහා ඔහුගේ දේහය ගොඩගැනීමට අවශ්‍යව ඇති බව අදාළ මරණය සම්බන්ධයෙන් සොයාබැලීමට පත්කළ පංච පුද්ගල විශේෂ වෛද්‍ය මණ්ඩලය කොළඹ මහෙස්ත්‍රාත් අධිකරණයෙන් සිදු කළ ඉල්ලීමත් සමඟයි. ඒ අනුව අදාළ දේහය ගොඩගැනීම සඳහා මහෙස්ත්‍රාත් අධිකරණ විසින් අවසර […]

ප්‍රකට ව්‍යාපාරිකයකුවු දිනේෂ් ෂාෆ්ටර් ගේ මළ සිරුර තැන්පත් කර ඇති බොරැල්ල සුසාන භූමියේ එම වල ආසන්නයට ගිනි අවි සහිත පොලිස් ආරක්ෂාව යෙදවූ බව උසස් පොලිස් නිලධාරියකු පැවැසීය. බොරැල්ල පොලිසියේ නිලධාරීන් සිව් දෙනෙකු ඒ සඳහා යොදවා ඇත. ෂාෆ්ටර්ගේ මරණයට හේතුව සෙවීම සඳහා ඔහුගේ දේහය ගොඩ ගැනීමට අවශ්‍යව බව ඒ වෙනුවෙන් පත් කළ පංච පුද්ගල විශේෂ […]

ජනශක්ති සමූහ ව්‍යාපාරයේ අධ්‍යක්ෂ දිනේෂ් ෂාෆ්ටර්ගේ අබිරහස් මරණය සියදිවි නසා ගැනීමක් බවට අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව තහවුරු කරගෙන ඇත. දිනේෂ් ෂාෆ්ටර් සියදිවි නසා ගැනීමට දින පහකට පෙර එනම් දෙසැම්බර් 10 වැනිදාත් බොරැල්ල පොදු සුසාන භූමියේ සිද්ධිය වූ ස්ථානයට පැමිණ පෙර අත්හදා බැලීමක් කර ඇති බවද මෙතෙක් කරන ලද විමර්ශනවලින් සනාථ වී […]

  ජනශක්ති සමාගමේ අධ්‍යක්ෂ දිනේෂ් ෂාෆ්ටර්ගේ රුධිර සාම්පල්, නියපොතු ඇතුළු දේහ කොටස් මෙන්ම අපරාධ ස්ථානයේ තිබී විමර්ශන නිලධාරීන් සොයාගත් ස්ථානීය සාක්කි කිහිපයක් සම්බන්ධයෙන් ඩී එන් ඒ පරික්ෂාව සිදු කිරීම සඳහා රජයේ රස පරික්ෂකවරයා වෙත යොමු කිරීමට කොළඹ අතිරේක මහෙස්ත්‍රාත් රජින්ද්‍රා ජයසූරිය මහත්මිය ඊයේ (02 දා) අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට අවසර ලබා […]

හැඳින්වීම

” ජනමිණ ”

සිහනෙත් මාධ්‍ය ජාලයට අයත් වෙබ් අවකාශයකි. මෙම වෙබ් අවකාශය හරහා ප්‍රවෘත්ති හා විශේෂාංග තුලනාත්මක හා අරුත්බර මුහුණුවරකින් ඔබ වෙත රැගෙන ඒම අපේ අභිප්‍රායයි. ” ජනමිණ ” පාඨක ජනවින්‍යාසය වෙත නැවුම් පරිකල්පනයන් විවර කරන හරවත් නිර්මාණාත්මක ලේඛනයෙන් පොහොණි ය.