ෂාෆ්ටර්ගේ දේහය තැන්පත් කර ඇති ස්ථානයට පොලිස් ආරක්ෂාව . . .

ප්‍රකට ව්‍යාපාරිකයකුවු දිනේෂ් ෂාෆ්ටර් ගේ මළ සිරුර තැන්පත් කර ඇති බොරැල්ල සුසාන භූමියේ එම වල ආසන්නයට ගිනි අවි සහිත පොලිස් ආරක්ෂාව යෙදවූ බව උසස් පොලිස් නිලධාරියකු පැවැසීය. බොරැල්ල පොලිසියේ නිලධාරීන් සිව් දෙනෙකු ඒ සඳහා යොදවා ඇත.

ෂාෆ්ටර්ගේ මරණයට හේතුව සෙවීම සඳහා ඔහුගේ දේහය ගොඩ ගැනීමට අවශ්‍යව බව ඒ වෙනුවෙන් පත් කළ පංච පුද්ගල විශේෂ වෛද්‍ය මණ්ඩලය කොළඹ මහේස්ත්‍රාත් අධිකරණයෙන් ඉකුත් ඉකුත් 18 වැනිදින ලිඛිතව ඉල්ලීමක් කළේය.

මරණයට අදාළව හේතුව නිරීක්ෂණය කිරීම සඳහා මරණකරුගේ දේහය ගොඩගෙන පරීක්ෂාවට ලක් කළ යුතුව ඇති බැවින් ඒ සඳහා අවසර ලබාදෙන ලෙස පංච පුද්ගල විශේෂ වෛද්‍ය මණ්ඩලය මහේස්ත්‍රාත් රජින්දා ජයසූරියගෙන් ඉල්ලා තිබිණි.

දිනේෂ් ෂාෆ්ටර් ගේ මරණය සීය දිවි හානිකර ගැනීමක් ද ? ඝාතනයක්ද? යන්න තීරණයක් ගැනීම සඳහා පංච පුද්ගල විශේෂ වෛද්‍ය මණ්ඩලයක් පත්කිරීමට විශේෂඥ වෛද්‍යවරුන්ගේ නාම ලේඛනයක් අධිකරණයට ඉදිරිපත් කරන ලෙස කොළඹ අතිරේක මහෙස්ත්‍රාත්වරිය සෞඛ්‍ය අධ්‍යක්ෂක ජනරාල් වරයාට ඉකුත් පෙබරවාරි 17 නියෝග නිකුත් කළේය

ඒ අනුව ජනශක්ති සමූහ ව්‍යාපාරයේ අධ්‍යක්ෂක දිනේෂ් ෂාෆ්ටර් ගේ දේහය එළඹෙන බ්‍රහස්පතින්දා 25 ගොඩ ගැනීමට නියමිතව ඇතැයි උසස් පොලිස් නිලධාරියෙකු වැඩිදුරටත් පැවසීය.

Subscribe
Notify of
0 Comments
Inline Feedbacks
View all comments

Next Post

මොහු ගැන දන්නවා නම් පොලීසියට කියන්න . . .

Sun May 21 , 2023
අවිස්සාවේල්ල ලංගම බස් නැවතුම්පොළේ නගරසභා ගොඩනැගිල්ලේ පිහිටි ජංගම දුරකථන අලෙවි හා උපාංග අළෙවි කිරීමේ මධ්‍යස්ථානයක් වෙත රාත්‍රීකාලයේ දී ඇතුළු වූ පුද්ගලයෙක් එහි දේපළ සොරකම් කර තිබේ. එම දේපළ සොරකම් කරන අයුරු සිසිටිවි කැමරාවේ සටහන්ව තිබිණි. වෙළෙඳසැලට ඇතුළුවන පුද්ගලයා ගිණිකූරු දල්වමින් දේපල සොරකම් කරන අයුරු එහි සටහන් වේ. ඉකුත් කාලයේ පුරා මේ ආකාරයෙන් […]

හැඳින්වීම

” ජනමිණ ”

සිහනෙත් මාධ්‍ය ජාලයට අයත් වෙබ් අවකාශයකි. මෙම වෙබ් අවකාශය හරහා ප්‍රවෘත්ති හා විශේෂාංග තුලනාත්මක හා අරුත්බර මුහුණුවරකින් ඔබ වෙත රැගෙන ඒම අපේ අභිප්‍රායයි. ” ජනමිණ ” පාඨක ජනවින්‍යාසය වෙත නැවුම් පරිකල්පනයන් විවර කරන හරවත් නිර්මාණාත්මක ලේඛනයෙන් පොහොණි ය.

0
Would love your thoughts, please comment.x
()
x