ජෙරම්ගේ මව්පියෝ සමාව අයදිති . . .

බුදුරජාණන් වහන්සේට සහ දේශනාවට අපහාසයක් වන ලෙස ප්‍රකාශයක් කළ බව කියන ජෙරම් ප්‍රනාන්දු ගේ මව සහ පියා මහා සංඝරත්නය හමුවේ අද සමාව ඉල්ලා සිටිය.

ආචාර්ය ඕමල්පේ සෝභිත නා හිමියන් බැහැදුටු එම දෙපළ පුතාගේ ප්‍රකාශයෙන් බුදු දහමට මෙන්න බෞද්ධ ජනතාවට වූ අපහාසයට සම්බන්ධයෙන් තමන් කනගාටුවන බවත් සිය දරුවා වෙනුවෙන්  මහා සංඝරත්නයෙන් මෙන්ම සමස්ථ බෞද්ධ ජනතාවගෙන් සමාව ඉල්ලා සිටින බව මහා සංඝරත්නය ඉදිරියේ ප්‍රතිඤ්ඤා දුන්හ. තමන්ට මෙම අවස්ථාව ලබාදිම සම්බන්ධයෙන් තමන් මහා සංඝරත්නයට ස්තුති වන්ත වන බවත් සියලු දෙනාගෙන් කෝටි වරයක් සමාව අයදින බව ද ජෙරම් ප්‍රනාන්දු ගේ මව පැවැසුවාය.

තමන් කළ වරද පිළිගෙන ඒ සම්බන්ධයෙන් සමාව අයදැන්නේ නම්  ඊට සමාදීමට බුදුරජානන් වහන්සේගේ ධර්මය තුළ ඉඩක් ඇති බවට ඊට කිසිදු බාධාවක් නැතැයි ඕමල්පේ සෝභිත හිමියෝ මෙහිදි ප්‍රකාශ කළහ.

ඉතාමත් සුහද ශීලිව සාකච්ඡාව පැවැති බව නා හිමියෝ ප්‍රකාශ කළහ.

 

Subscribe
Notify of
0 Comments
Inline Feedbacks
View all comments

Next Post

ඉම්රාන් ඛාන්ට වස පෙවීමේ අවදානමක් . . .

Sat Aug 19 , 2023
පාකිස්තානයේ හිටපු අග්‍රාමාත්‍ය ඉම්රාන් ඛාන්ට ලබා දී ඇති ආරක්ෂාව සම්බන්ධයෙන් තමා කනගාටු වන බව ඔහුගේ බිරිඳ වන බුෂිරා බීබී පවසා තිබේ. විදෙස් මාධ්‍ය වාර්තා සඳහන් කරන්නේ, බන්ධනාගාරය තුළ දී ඉම්රාන් ඛාන්ට වස පෙවීමේ අවදානමක් ඇති බව ඇය ප්‍රකාශ කර ඇති බවයි. බුෂ්රා බීබී පන්ජාබ් ස්වදේශ කටයුතු ලේකම් වෙත ලිපියක් යොමු […]

හැඳින්වීම

” ජනමිණ ”

සිහනෙත් මාධ්‍ය ජාලයට අයත් වෙබ් අවකාශයකි. මෙම වෙබ් අවකාශය හරහා ප්‍රවෘත්ති හා විශේෂාංග තුලනාත්මක හා අරුත්බර මුහුණුවරකින් ඔබ වෙත රැගෙන ඒම අපේ අභිප්‍රායයි. ” ජනමිණ ” පාඨක ජනවින්‍යාසය වෙත නැවුම් පරිකල්පනයන් විවර කරන හරවත් නිර්මාණාත්මක ලේඛනයෙන් පොහොණි ය.

0
Would love your thoughts, please comment.x
()
x