අධිකරණ ඇමැති මිලියන 500ක් වන්දි ඉල්ලයි . . .

සමාජ මාධ්‍ය ඔස්සේ ද්වේශ සහගත ලෙස ප්‍රවෘත්ති පළකර තම කීර්ති නාමයට හානි සිදුකළ බව කියන සිද්ධියක් සම්බන්ධයෙන් රුපියල් මිලියන පන්සියයක වන්දියක් ඉල්ලා අධිකරණ ඇමැති ආචාර්ය විජයදාස රාජපක්ෂ එන්තරවාසියක් යොමුකර තිබේ.

කීර්ති රත්නායක නමැති අයකුට එරෙහිව නීතිඥ අමා සඳමිණි එදිනාදුර මගින් අධිකරණ ඇමැතිවරයා අදාළ එන්තරවාසිය යොමු කර ඇත.

කීර්ති රත්නායක නමැත්තා විසින් පවත්වාගෙන යනු ලබන සමාජ මාධ්‍ය ජාලයක් උපයෝගි කරගෙන තමාට එරෙහිව ද්වේශ සහගත ලෙස ප්‍රවෘත්ති පළ කිරීම මගින් සිය කීර්තිනාමයට වූ හානිය වෙනුවෙන් වන්දි ඉල්ලා අධිකරණ ඇමැතිවරයා අදාළ එන්තරවාසිය යොමුකර තිබේ.

  • ඉෂාර රත්නකාර
Subscribe
Notify of
0 Comments
Inline Feedbacks
View all comments

Next Post

වලාකුළු වල ක්ෂුද්‍ර ප්ලාස්ටික් . . .

Thu Sep 28 , 2023
ජපානයේ පර්යේෂකයන් විසින් වලාකුළු වල ක්ෂුද්‍ර ප්ලාස්ටික් පවතින බව තහවුරු කර ගෙන තිබේ. ඒවා තවමත් සම්පූර්ණයෙන් වටහාගෙන නොමැති ආකාරවලින් දේශගුණයට බලපෑම් සිදුකරන බව එම පර්යේෂකයන් සඳහන් කරයි. Environmental Chemistry Letters හි ප්‍රකාශයට පත් කරන ලද අධ්‍යයනයක දී, විද්‍යාඥයන් ෆුජි සහ ඔයමා කඳු මුදුන්වලින් වැසී ඇති මීදුමෙන් ජලය රැස් කිරීම සඳහා […]

හැඳින්වීම

” ජනමිණ ”

සිහනෙත් මාධ්‍ය ජාලයට අයත් වෙබ් අවකාශයකි. මෙම වෙබ් අවකාශය හරහා ප්‍රවෘත්ති හා විශේෂාංග තුලනාත්මක හා අරුත්බර මුහුණුවරකින් ඔබ වෙත රැගෙන ඒම අපේ අභිප්‍රායයි. ” ජනමිණ ” පාඨක ජනවින්‍යාසය වෙත නැවුම් පරිකල්පනයන් විවර කරන හරවත් නිර්මාණාත්මක ලේඛනයෙන් පොහොණි ය.

0
Would love your thoughts, please comment.x
()
x