පාස්කු ප්‍රහාරයෙන් මියගිය පුද්ගලයින් සිහිකර අද (21) දිවයින පුරා සියලුම දේවස්ථානවල විනාඩි 2ක නිහඬතාවයක් පැවැත්විය. කොළඹ අගරදගුරු පදවියේ සන්නිවේදන ඒකකය සඳහන් කළේ අද පෙරවරු 8.45ට එලෙස විනාඩි දෙකක නිහඬතාවයක් පැවැත්වූ බවය. පාස්කු ඉරු දින ත්‍රස්ත ප්‍රහාරය සිදුව අදට පස් වසරක් සපිරේ. ඒ දුක්බර දිනය සිහිපත් කරමින් කොච්චිකඩේ සිට කටුවපිටිය දේවස්ථානය […]

හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන විදෙස් ගතවීම සම්බන්ධයෙන් සැකයක් පවතින බව සමගි ජන බලවේගය පක්ෂයේ කාවින්ද ජයවර්ධන මන්ත්‍රීවරයා පවසයි. මෛත්‍රීපාල සිරිසේන විසින් පාස්කු ප්‍රහාරය සම්බන්ධයෙන් ආන්දෝලනාත්මක ප්‍රකාශයක් සිදුකර ඇති තත්ත්වයක් තුළ ඔහු මෙලෙස විදෙස් ගත වීම ගැටලුවක් බව මන්ත්‍රීවරයා පෙන්වාදෙයි. එම ප්‍රකාශය සම්බන්ධයෙන් විමර්ශනයක් සිදුකරන ලෙස ඉල්ලා කාවින්ද ජයවර්ධන මන්ත්‍රීවරයා විසින් […]

පාස්කු ප්‍රහාරය සම්බන්ධයෙන් කළ ප්‍රකාශයට අදාළව නැවත හෙට (04) දිනයේ අධිකරණය හමුවේ ප්‍රකාශයක් ලබාදීමේ අවශ්‍යතාවයක් නොමැති බව හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන අධිකරණයට දැනුම්දී තිබේ. හිටපු ජනාධිපතිවරයා සිය නීතිඥවරු මාර්ගයෙන් මෝසමක් ගොනු කරමින් මාලිගාකන්ද මහෙස්ත්‍රාත් අධිකරණය වෙත මේ බව දැනුම්දී ඇත. පාස්කු ප්‍රහාරය සම්බන්ධයෙන් කළ ප්‍රකාශයට අදාළව මේවනවිටත් තමන් අපරාධ පරීක්ෂණ […]

පාස්කු ප්‍රහාරය පිළිබඳව හිටපු ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන අපරාධ පරීක්ෂණ  දෙපාර්තමේන්තුවට ලබාදුන් ප්‍රකාශය සමාලෝචනය කිරීමෙන් පසු අධිකරණයට කරුණු වාර්තා කිරීමට නීතිපති දෙපාර්තමේන්තුව සූදානම් වේ. ඒ අදාළ ප්‍රකාශය නීතිපති දෙපාර්තමේන්තුවට අද (26 වැනිදා) සවස ලැබීමෙන් අනතුරුවය. අදාළ සමාලෝචනය සඳහා නීතිපති දෙපාර්තමේන්තුවේ ජ්‍යෙෂ්ඨ නිලධාරිනියක් අනුයුක්ත කර තිබේ. පාස්කු ප්‍රහාරය සිදු කළේ කවුරුන්දැයි තමා […]

පාස්කු ප්‍රහාරය සම්බන්ධයෙන් සිදුකළ ප්‍රකාශය පිළිබඳව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේනගෙන් ප්‍රකාශයක් ලබාගැනීමට නියමිත බව පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් පවසයි. ඒ අනුව ඊට අදාළ ප්‍රකාශය අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් හෙට (25) ලබාගන්නා බව පොලිස්පතිවරයා සඳහන් කළේය. aruna

පාස්කු ප්‍රහාරය සිදුකළේ කවුරුන්දැයි තමා දන්නා බවට හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන සිදුකළ ප්‍රකාශය සම්බන්ධයෙන් අද (23) සමගි ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී කාවින්ද ජයවර්ධන අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට පැමිණිල්ලක් ඉදිරිපත් කර ඇත. පැමිණිල්ල ඉදිරිපත් කිරීමෙන් පසු මාධ්‍යයට අදහස් දක්වමින් මන්ත්‍රීවරයා පැවසුවේ එම ප්‍රකාශය සම්බන්ධයෙන් හිටපු ජනාධිපතිවරයා අත්අඩංගුවට ගෙන විමර්ශන සිදුකළ යුතු බවය. “මේක […]

ජනාධිපති රනිල් වික්‍රමසිංහ පසුගිය සෙනසුරාදා සවස හදිසියේ නීතිපති කැඳවා උපදෙස් ලබාගෙන ඇති අතර ඒ කිනම් කරුණක් පිළිබඳවද යන්න බරපතළ සැකයක් මේ වනවිට වර්ධනය වී තිබේ. ජනාධිපතිට සමීප ආරංචිමාර්ග සඳහන් කරන්නේ ලබන වසරේ පැවැත්වීමට නියමිත ජනාධිපතිවරණය සම්බන්ධයෙන් ව්‍යවස්ථාමය තත්වය විමසා බැලීමට මෙම කැඳවීම කරන ලද බවය. එහෙත් දේශපාලන ආරංචිමාර්ග සඳහන් කරන්නේ […]

  පාස්කු දා ප්‍රහාරය සම්බන්ධයෙන් Channel 04 නාලිකාව විසින් පසුගියදා විකාශය කරන ලද වාර්තාමය වැඩසටහනෙන් එල්ල කරන ලද චෝදනා සම්බන්ධයෙන් කරුණු දක්වමින් තම ස්ථාවරය පැහැදිළි කරමින් හිටපු ජනාධිපති ශෝඨාභය රාජපක්ෂ විසින් මාධ්‍ය නිවේදනයක් නිකුත් කර තිබේ. හිටපු ජනපති විසින් නිකුත් කළ අදාල මාධ්‍ය නිවේදනය පහතින්,

පාස්කු ප්‍රහාරය  සම්බන්ධ ජනාධිපති කොමිෂන් සභා වාර්තාවේ පිටපත් රජය ශ්‍රී ලංකා කතෝලික  රදගුරු සංගමයට අද බාර දුන්නේය. කොළඹ රදගුරු පදවියේ සන්නිවේදන කටයුතු බාර කමිටුවේ සාමාජික  සිරිල් ගාමිණී පියතුමන් පැවැසූයේ අදාළ කොමිෂන් සභා වාර්තාවේ පිටපත් ඇතුළත් සී.ඩී තැටි රජය විසින් ලබාදුන් බවත් ඒවායේ සම්පූර්ණ විස්තර තිබේ දැයි බැලිය යුතු බවත් ය. […]

පාස්කු ත්‍රස්තවාදී ප්‍රහාරය එල්ල කිරීම සම්බන්ධයෙන් මේ දක්වා තීරණාත්මක සාධකයක් වී තිබූ පුලස්තිනී හෙවත් සාරා ජස්මින් මිය ගොස් ඇති බවට පොලිස් මාධ්‍ය කොට්ඨාසය විසින් ඊයේ (29) නිකුත් කරන ලද නිවේදනය සම්බන්ධයෙන් දැඩි ආන්දෝලාත්මක තත්වයක් ඇතිවී තිබේ. මෙයට පෙර හෙළිවී තිබුණු සියලු කරුණු අනුව අදාළ ප්‍රහාරය දේශපාලන අරමුණකින් සිදුකරන ලද බව […]

හැඳින්වීම

” ජනමිණ ”

සිහනෙත් මාධ්‍ය ජාලයට අයත් වෙබ් අවකාශයකි. මෙම වෙබ් අවකාශය හරහා ප්‍රවෘත්ති හා විශේෂාංග තුලනාත්මක හා අරුත්බර මුහුණුවරකින් ඔබ වෙත රැගෙන ඒම අපේ අභිප්‍රායයි. ” ජනමිණ ” පාඨක ජනවින්‍යාසය වෙත නැවුම් පරිකල්පනයන් විවර කරන හරවත් නිර්මාණාත්මක ලේඛනයෙන් පොහොණි ය.