ජේ්‍යෂ්ඨ මාධ්‍යවේදී, ප්‍රවීණ ක්‍රිඩා විස්තර විචාරක ප්‍රේමසර ඈපාසිංහයන් ගේ දිවි සැරියේ රසාලිප්ත තොරතුරු ඇතුලත් “ශ්‍රී ලංකා ක්‍රිකට් පිටියේ රන් ස්වරය – ප්‍රේමසර ඈපාසිංහ” ග්‍රන්ථය අද (06 දා) සවස 3.00ට නාලන්දා විද්‍යාලීය මලලසේකර ශාලාවේදී ප්‍රකාශයට පත්කෙරෙයි. මෙම සටහන ඒ නිමිත්තෙනි.  ශ්‍රී ලාංකිකයන්ගේ චිත්ත සන්තානයන්හි ක්‍රිකට් ක්‍රීඩාව කොයිතරම් දුරට කිඳා බැස ඇත්ද […]

ප්‍රවීණ සංගීතවේදියකු වූ ආනන්ද ගමගේ මහතා අභාවප්‍රාප්ත වේ. ඊයේ (01) ඒ මහතා අභාවප්‍රාප්තවන විට 73 වැනි වියේ පසුවිය. දකුණු කළුතර උපත ලද ආනන්ද ගමගේ හැදී වැඩී පාසැල් අධ්‍යාපනය නිමකලේද හලාවත මාදම්පේ ග්‍රාමයේය. කරුක්කුව සුගතානන්ද මහ විදුහල සහ මාදම්පා මධ්‍ය මහා විද්‍යාලය ඔහු උගත් පාසැල් විය . ඔහුගේ ප්‍රථම සංගීත ගුරුවරුන් වූයේ […]

දිගින් දිගටම පාඩු ලබන ශ්‍රී ලංකා රූපවාහිනි සංස්ථාව හා ශ්‍රී ලංකා ගුවන් විදුලි සංස්ථාව පොදු සමාගමක් බවට පත් කරන බව ජනමාධ්‍ය අමාත්‍ය ආචාර්ය බන්දුල ගුණවර්ධන එම අමාත්‍යාංශයීය උපදේශක කාරක සභාවේදී පැවසීය. ශ්‍රී ලංකා රූපවාහිනි සංස්ථාව මේ වසරේ රුපියල් කෝටි 28 ක පමණ පාඩුවක්ද ශ්‍රී ලංකා ගුවන් විදුලි සංස්ථාව මේ වසරේ රුපියල් කෝටි 46 ක පමණ […]

ප්‍රවාහන හා ජනමාධ්‍ය අමාත්‍ය බන්දුල ගුණවර්ධනගේ පුත් චතුර ශාන් ගුණවර්ධන  ගායන ශිල්පියෙක් ලෙස සහතික පත්‍රයක් ලබාගෙන තිබේ. ශ්‍රී ලංකා ගුවන් විදුලි සංස්ථාවේ ඒ ශ්‍රේණියේ සරල ගී ගායන ශිල්පියෙක් ලෙස ඔහු එම සහතික ලබාගෙන ඇත්තේ සංස්ථාවේ සභාපති හඩ්සන් සමරසිංහ අතිනි. අදාල පින්තූර ඔහු තම සමාජ ජාල ගිණුම් ඒ සඳහන් කර ඇත.

හැඳින්වීම

” ජනමිණ ”

සිහනෙත් මාධ්‍ය ජාලයට අයත් වෙබ් අවකාශයකි. මෙම වෙබ් අවකාශය හරහා ප්‍රවෘත්ති හා විශේෂාංග තුලනාත්මක හා අරුත්බර මුහුණුවරකින් ඔබ වෙත රැගෙන ඒම අපේ අභිප්‍රායයි. ” ජනමිණ ” පාඨක ජනවින්‍යාසය වෙත නැවුම් පරිකල්පනයන් විවර කරන හරවත් නිර්මාණාත්මක ලේඛනයෙන් පොහොණි ය.