මහ බැංකුවෙන් අලුත් කාසියක්

විස්සේ කාසි ලක්ෂ විස්සක් නිකුත් කරයි

ජන හා නිවාස සංගණනයේ 150 වන සංවත්සරය නිමිත්තෙන් රුපියල් 20ක වටිනාකමක් ඇති සමරු කාසියක් ශ්‍රී ලංකා මහ බැංකුව නිකුත් කර ඇත.

මුහුණතේ වටිනාකම රුපියල් 20කින් යුත් එම සංසරණ සම්මත සමරු කාසිය ජනාධිපති රාජපක්ෂ මහතා වෙත පිළිගැන්වීමේ ජනාධිපති ලේකම් කාර්යාලයේදී මහ බැංකු අධිපති අජිත් නිවාඩ් කබ්රාල් මහතා සහභාගී වූ අවස්ථාවේදී අද (21) සිදු විය.

නිකල් ආලේපිත වානේ කාසියක් වන මෙය පැති 7ක හැඩයකින් යුක්තයි.

එම කාසිය විශ්කම්භය මිලි මීටර් 28කින් හා ගණකම මිලි මීටර 2කින් යුක්ත බව මහ බැංකුව සඳහන් කළේය.

සඳහා කාසි ලක්ෂ විස්සක් නිකුත් කර ඇත.

The post මහ බැංකුවෙන් අලුත් කාසියක් appeared first on Aruna.

Next Post

පෙම්වතිය මරා කැලණි ගඟට දාලා

Mon Mar 21 , 2022
ගම්පහ දොරණාගොඩ ප්‍රදේශයේ නිවසේදී තම පෙම්වතියව ගෙල සිරකර ඝාතනය කර ඇති පෙම්වතා ඇයගේ මළ සිරුර කාර් රථයකින් රැගෙන ගොස් වැල්ලම්පිටිය කොහිලවත්ත ප්‍රදේශයේදී කැළණි ගඟට දමා තිබියදී සොයා ගෙන ඇති බව බෙම්මුල්ල පොලිසිය ගම්පහ මහේස්ත්‍රාත් මංජුල කරුණාරත්න මහතා හමුවේ අද (21) කරුණු වාර්තා කළේය .

හැඳින්වීම

” ජනමිණ ”

සිහනෙත් මාධ්‍ය ජාලයට අයත් වෙබ් අවකාශයකි. මෙම වෙබ් අවකාශය හරහා ප්‍රවෘත්ති හා විශේෂාංග තුලනාත්මක හා අරුත්බර මුහුණුවරකින් ඔබ වෙත රැගෙන ඒම අපේ අභිප්‍රායයි. ” ජනමිණ ” පාඨක ජනවින්‍යාසය වෙත නැවුම් පරිකල්පනයන් විවර කරන හරවත් නිර්මාණාත්මක ලේඛනයෙන් පොහොණි ය.