අවුරුදු 10ට වැඩි දැරියන්ට පාසල් අධ්‍යාපනය තහනම් . . .

ඇෆ්ගනිස්තානයේ වයස අවුරුදු 10ට වැඩි දැරියන් සඳහා පාසල් අධ්‍යාපනය තහනම් කිරීමට තලෙයිබාන් පාලනය පියවර ගෙන තිබේ.

විදෙස් මාධ්‍ය පැවසුවේ එරට පළාත් කිහිපයක මේ වන විටත් අදාළ තහනම ක්‍රියාත්මක වන බවයි.

ඒ අනුව අවුරුදු 10ට වැඩි දැරියන් පාසල් හෝ අධ්‍යාපන ආයතන සඳහා ඇතුළත් කර නොගන්නා ලෙස තලෙයිබාන් පාලනය විසින් අදාළ බලධාරීන් වෙත දැනුම් දී ඇත.‍‍

තලෙයිබාන් සංවිධානය ඇෆ්ගනිස්තානයේ පාලනය ලබාගැනීමත් සමග කාන්තාවන්ගේ අධ්‍යාපනය අයිතිය ඇතුළු අයිතීන් රැසක් අහිමි කිරීමට පියවර ගෙන ඇති අතර රූපලාවන්‍යාගාර, කායවර්ධන ස්ථාන හා උද්‍යාන වෙත යෑම පවා කාන්තාවන්ට තහනම් කර තිබේ.

 

Subscribe
Notify of
0 Comments
Inline Feedbacks
View all comments

Next Post

තලෙයිමන්නාරම - රාමේෂ්වරන් දක්වා මගී යාත්‍රා සේවයක් . . .

Sun Aug 6 , 2023
යුද සමයේ අවදානය යොමු නොවීමෙන් දිරාපත් වූ තලෙයිමන්නාරම ජැටිය රුපියල් කෝටි 180 ක් වැය කර යළි ප්‍රතිසංස්කරණය කර ඉන්දියවේ රාමේෂ්වරන් සිට මගී යාත්‍රා සේවයක් ආරම්භ කිරීමට වරාය, නාවික හා ගුවන්සේවා අමාත්‍යංශය තීරණය කර තිබේ. මෙහි පළමු අදියර යටතේ වරාය පහසුකම් සංවර්ධනය කරමින් නවීණ මගී පර්යන්ථයක්, ගබඩා සංකීර්ණයක් ඇතුළු පහසුකම් ඇති […]

හැඳින්වීම

” ජනමිණ ”

සිහනෙත් මාධ්‍ය ජාලයට අයත් වෙබ් අවකාශයකි. මෙම වෙබ් අවකාශය හරහා ප්‍රවෘත්ති හා විශේෂාංග තුලනාත්මක හා අරුත්බර මුහුණුවරකින් ඔබ වෙත රැගෙන ඒම අපේ අභිප්‍රායයි. ” ජනමිණ ” පාඨක ජනවින්‍යාසය වෙත නැවුම් පරිකල්පනයන් විවර කරන හරවත් නිර්මාණාත්මක ලේඛනයෙන් පොහොණි ය.

0
Would love your thoughts, please comment.x
()
x