වෛද්‍යවරයාගේ මෝටර් රථය රන්දෙණිගල උණුසුම් කරයි

තරුණයෙක් මරුට – 6ක් රෝහලේ

මහනුවර රන්දෙණිගල රජ මාවතේ ගුරුදෙණිය ප්‍රදේශයේදී අද (22) සිදුවූ රිය අනතුරකින් එක් අයෙකු මිය ගොස් 6දෙණෙකු තුවාල ලබා ඇත.

තලාතුඔය පොලිසිය මහනුවර මහ රෝහලේ රියදුරෙකු පැදවූ මෝටර් රථයක යතුරුපැදියක සහ ත්‍රිරෝද රථයක ගැටීමෙන් මෙම මාරක අනතුර සිදුවී ඇත.

අනතුරින් යතුරු පැදිකරු මියගොස් ඇත.

යතුරු පැදියේ පසුපස ගමන්ගත් කාන්තාවක සහ ත්‍රිරෝද රථයේ ගමන්ගත් මව, පියා සහ මාස හතරක් වයසැති බිළිදුන් දෙදෙනෙකු තුවාල ලබා මහනුවර මහ රෝහලට ඇතුළත් කර ඇත.

අනතුරින් තුවාල ලැබූ බිළිදුන් දෙදෙනා මාසයක් වයසැති නිවුන් සහෝදරයින් දෙදෙනෙකු වේ.

අනතුරින් මියගොස් ඇත්තේ ප්‍රදේශයේ පදිංචි ප්‍රසාද් මධුෂංක ගුණසිංහ වයස අවුරුදු 20 ක තරුණයෙකි.

මෝටර් රථය පැදවූ ඒ පුද්ගලයා මහනුවර මයිලපිටිය ප්‍රදේශයේ පදිංචිකරුවෙකු වන අතර, ඔහු ද තුවාල ලබා මහනුවර රෝහලට ඇතුළත් කර ඇත.

The post රන්දෙණියගේ මෝටර් රථය උණුසුම් කරයි appeared first on අරුණ.

Next Post

ලිල් ඩර්ක් ප්‍රථම වරට කලාකරුවා 100 ප්‍රස්ථාරයේ ප්‍රමුඛයා වේ '7220' මංගල දර්ශනයට ස්තූතියි

Tue Mar 22 , 2022
ලිල් ඩර්ක් අංක 34 සිට අංක 1 දක්වා පියාසර කරයි දැන්වීම් පුවරු කලාකරු 100 ප්‍රස්ථාරය (මාර්තු 26 දිනැති), ඔහුගේ නව LP හි ශක්තිය මත පළමු වරට පෙරමුණ ගෙන, 7220. කට්ටලය අංක 1 හි විවෘත වේ මත දැන්වීම් පුවරුව 200 120,000 සමාන ඇල්බම ඒකක සමග, ලුමිනේට් අනුව, කලින් MRC දත්ත උපයා […]

හැඳින්වීම

” ජනමිණ ”

සිහනෙත් මාධ්‍ය ජාලයට අයත් වෙබ් අවකාශයකි. මෙම වෙබ් අවකාශය හරහා ප්‍රවෘත්ති හා විශේෂාංග තුලනාත්මක හා අරුත්බර මුහුණුවරකින් ඔබ වෙත රැගෙන ඒම අපේ අභිප්‍රායයි. ” ජනමිණ ” පාඨක ජනවින්‍යාසය වෙත නැවුම් පරිකල්පනයන් විවර කරන හරවත් නිර්මාණාත්මක ලේඛනයෙන් පොහොණි ය.