ලංකාවේ තවත් වාර්තාවක් බිඳ වැටේ

ලක්නව් පිලට පහසු ජයක්

මුම්බායි බ්‍රබෝඩ් ක්‍රීඩාංගනයේදී පැවති ඉන්දීය ප්‍රිමිය ලීග් තරගයට අදාළ විස්සයි විස්ස ක්‍රිකට් තරගයේදී චෙන්නායි සුපර් කිංග්ස් පිල පරදවා කඩුලු හයක ජයක් වාර්තා කිරීමට නවක ලක්නව් සුපර් ජයන්ට්ස් පිල සමත් විය.

කාසියේ වාසිය දිනූ ලක්නව් පිල පළමු පන්දුවට පහරදෙන ලෙස චෙන්නායි පිලට ඇරයුම් කළ අතර, ඔවුන් සිය පන්දු වාර විස්සේදී කඩුලු හතක් දැවී ලකුණු 210ක් රැස් කළා.

පිළිතුරු වශයෙන් ලක්නව් පිලේ පන්දු වාර 19යි පන්දු 3ක දී කඩුලු හතරක් දැවී ලකුණු 211ක් ලබමින් තරගයේ ජය හිමිකරගත්තා.

එහි දී ක්වින්ටන් ඩි කොක් ලකුණු 61 ක් ලබාගෙන ඇත, කොදෙව් ක්‍රීඩක එවින් ලුවිස් නොදැවී ලකුණු 55 ක් රැස් කළේ පන්දු 23 කට මුහුණ දෙමින්.

කෙසේ වෙතත් මෙම තරගයේ දී චෙන්නායි සුපර් කිංග්ස් පිලේ ඩ්වේන් බ්‍රාවෝ, අයි.පී.එල්. තරඟවල දී කඩුලු 170 බිඳ හෙලා වැඩිම ලකුණු සංඛ්‍යාවක් ලබා ගනිමින් ලසිත් මාලිංග තිබූ වාර්තාව බිඳ හෙලීමට සමත් විය.

The post ලංකාවේ තවත් වාර්තාවක් බිඳ වැටේ appeared first on Aruna.

Next Post

කෝටි 14 ක විදේශ සිගරට් විනාශ කරයි

Fri Apr 1 , 2022
නීති විරෝධීව චීනයෙන් ආනයනය කළ රුපියල් කෝටි 14 කට අධික වටිනාකමින් යුත් සිගරැට් ලක්ෂ 10 ක පමණ ප්‍රමාණයක් රේගු අධ්‍යක්ෂ ජනරාල් විජිත රවිප්‍රිය මහතාගේ අධීක්ෂණයෙන් කොළඹ 15 පිහිටි ලංකා දුම්කොළ සමාගම් පරිශ්‍රයේදී අද (1) පෙරවරුවේ විනාශ කළේය.

හැඳින්වීම

” ජනමිණ ”

සිහනෙත් මාධ්‍ය ජාලයට අයත් වෙබ් අවකාශයකි. මෙම වෙබ් අවකාශය හරහා ප්‍රවෘත්ති හා විශේෂාංග තුලනාත්මක හා අරුත්බර මුහුණුවරකින් ඔබ වෙත රැගෙන ඒම අපේ අභිප්‍රායයි. ” ජනමිණ ” පාඨක ජනවින්‍යාසය වෙත නැවුම් පරිකල්පනයන් විවර කරන හරවත් නිර්මාණාත්මක ලේඛනයෙන් පොහොණි ය.