අයර්ලන්තය පරදා ඔස්ට්‍රේලියාව ජයගනී . . .

20-20 ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ අයර්ලන්තයට එරෙහිව පැවති තරගය ලකුණු 42 කින් ජය ගැනීමට ඔස්ට්‍රේලියාව සමත් විය. තරගයේ මුලින් පන්දුවට පහර දුන් ඔස්ට්‍රේලියාව නියමිත පන්දු වාර 20 තුල කඩුලු 5ක් දැවී ලකුණු 179ක් රැස් කළේ ය. ඒ අනුව ලකුණු 180ක ඉලක්කයක් හඹා ගිය අයර්ලන්ත කණ්ඩායමට පන්දු වාර 18.1කදී සියලු දෙනා දැවී රැස්කර ගැනීමට හැකි වූයේ ලකුණු 137ක් පමණි.

මෙම ජයග්‍රහණයත් සමඟ ඕස්ට්‍රේලියානු කණ්ඩායම ‍ප‍්‍රසාද ලකුණු සටහන අනුව පලමු කාණ්ඩයේ දෙවැනි ස්ථානයට පත්ව සිටියි. ඒ සමගම ශ්‍රී ලංකා කණ්ඩායමට අවසන් පූර්ව වටයට පිවිසීමට තිබූ බලාපොරොත්තු තවත් බොහෝ ඈත් වී තිබේ.

Subscribe
Notify of
0 Comments
Inline Feedbacks
View all comments

Next Post

21 වැනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය අද සිට බලාත්මකයි . . .

Mon Oct 31 , 2022
ද්විත්ව  පුරවැසිභාවය සහිත පුද්ගලයන්ට පාර්ලිමේන්තුවට පැමිණීම වැළැක්වීම ඇතුළු විධිවිධාන රැසක් ඇතුළත් 21 වැනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය අද (31) සිට බලාත්මක විය. එම පනත් කෙටුම්පතට කතානායක මහින්ද යාපා අබේවර්ධන සිය සහතිකය අද (31) පෙරවරුවේ  සටහන්  කළේය. පනත බලාත්මක වූයේ ඒ අනුවය.22 වැනි  ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය පාර්ලිමේන්තුවේදී  විශේෂ බහුතරයකින් පසුගියදා (21) වැනිදා සම්මත […]

හැඳින්වීම

” ජනමිණ ”

සිහනෙත් මාධ්‍ය ජාලයට අයත් වෙබ් අවකාශයකි. මෙම වෙබ් අවකාශය හරහා ප්‍රවෘත්ති හා විශේෂාංග තුලනාත්මක හා අරුත්බර මුහුණුවරකින් ඔබ වෙත රැගෙන ඒම අපේ අභිප්‍රායයි. ” ජනමිණ ” පාඨක ජනවින්‍යාසය වෙත නැවුම් පරිකල්පනයන් විවර කරන හරවත් නිර්මාණාත්මක ලේඛනයෙන් පොහොණි ය.

0
Would love your thoughts, please comment.x
()
x