ඖෂධ මිල 40%කින් ඉහළට

සෞඛ්‍ය ඇමතිගෙන් නව ගැසට් නිවේදනයක්

ජාතික ඖෂධ නියාමන අධිකාරිය සිය පනත යටතේ නව නිවේදනයක් නිකුත් කර ඇත.

(29) මධ්‍යම රාත්‍රියේ සිට බලාත්මක වන පරිදි මෙම ගැසට් නිවේදනය
සෞඛ්‍ය අමාත්‍ය මහාචාර්ය චන්න ජයසුමන විසින් නිකුත් කර ඇත..

නවට් නිවේදනය ප්‍රකාරව 2019 නිශ්පාදනය යටතේ ගැණෙන පරිදි මිල ඉහළ සීමාව මෙමගින් තවදුරටත් වෙනස් වනු ඇත.

මෙම නියෝග පළ කර ඇත්තේ, එය ප්‍රකාශයට පත් කරන ලද දිනයේ සිට සංශෝධිත ලෙස 2019 මැයි මස 15 වැනි දින අංක 2123/35 දරන අතිවිශේෂ ගැසට් පත්‍රයේ පළ කරන ලද 2019 (මිල ඉහළ සීමාව) නියෝගය සඳහා උපලේඛනයේ පස්වැනි තීරුවේ නිශ්චිතව දක්වා ඇති උපරිම සිල්ලර මිලට වඩා අඩු මිලක් වන යම් ප්‍රතිශෝධිත සිල්ලර මිලකට 2021 අගෝස්තු මස 19 වැනි දින අංක 2241/43 දරන අතිවිශේෂ ගැසට් පත්‍රයේ පළ කරන ලද නියෝගවලින් සංශෝධිත 2019 මැයි මස 15 වැනි දින අංක 2123/35 දරන අතිවිශේෂ ගැසට් පත්‍රයේ පළ කරන ලද ඉහළ මිලකට 2019 (මියන්න) නියෝගය යටතේ යම් උපල්ඛනගත නිෂ්පාදනයක් විකුණනු ලබන යම් නිෂ්පාදකයෙකු හෝ නිෂ්පාදකයෙකු විසින් එම ප්‍රතිශෝධිත සිල්ලර මිල සමානුපාතිකව සම්පූර්ණ වශයෙන් 40% ක අගයක් යටතේ වැඩි කිරීමට නව ගැසට්ටුවක් මගින් අවසර හිමිව ඇත.

විකිණීමේ කාර්‍යය සඳහා උපලේඛනගතව පවතින ඖෂධ සන්තකයේ තබාගෙන සිටින ස්ථානයේ සිටින නිලධාරියෙකු, බෙදාහරින්නෙකු, වැඩිහිටියෙකු, දෙවන වෘත්තිකයෙකු, දන්ත විශ්වවිද්‍යාල ආචාර්ය, පශු, පෞද්ගලික ආයතනයක් ඇතුළුව ආයතනයක්, ඔසුසලක් හෝ තැනැත්තකු විසින් උපලේඛන මිලට ගත් මිල, සිල්ලර මිල ඉහළ මිල ගණන් දෙකකින් සමන්විත වේ. වඩාත් අඩු මිලෙහි තිබිය යුතු බව ද එම නිවේදනයේ සඳහන් වේ.

මෙම නව මිල ගණන් යටතේ මිල ගණන් යටතේ වර්ග 60ක මිල 40කින් ඉහළ අගයක් ගනී.

මේ අතර, තවත් ගැසට් නිවේදනයක් නිකුත් කර ඇත.

ඊට පෙර කළ සංශෝධිත සහිතව 1925 අගෝස්තු 28 වැනි දින අංක 7481 දරන ගැසට් පත්‍රයේ පළ කරන ලද ධාන්‍ය ගබඩා කිරීම සම්බන්ධයෙන් වූ නව නිවේදනයකි.

ඒ අනුව ධාන්‍ය ගබඩා කිරීම සම්බන්ධයෙන් වන නියෝගය සහ ඇන්චිලෝස්ටෝමියාස් සම්බන්ධයෙන් වන නියෝගය එහි 101 වැනි නියෝගය ඉවත් කිරීමෙන් පසුව වෙනස් කර බලාත්මක කර තිබෙන බව සෞඛ්‍ය අමාත්‍යාංශය නිවේදනය කරයි.

The post ඖෂධ මිල 40%කින් ඉහළට appeared first on Aruna.

Next Post

Auburn's McCondichie ජෝර්ජියාවට එරෙහිව ක්ලච් හෝමර් සාකච්ඡා කරයි

Sat Apr 30 , 2022
සම්පූර්ණ කතාව සඳහා ESPN.com වෙත පිවිසෙන්න.

හැඳින්වීම

” ජනමිණ ”

සිහනෙත් මාධ්‍ය ජාලයට අයත් වෙබ් අවකාශයකි. මෙම වෙබ් අවකාශය හරහා ප්‍රවෘත්ති හා විශේෂාංග තුලනාත්මක හා අරුත්බර මුහුණුවරකින් ඔබ වෙත රැගෙන ඒම අපේ අභිප්‍රායයි. ” ජනමිණ ” පාඨක ජනවින්‍යාසය වෙත නැවුම් පරිකල්පනයන් විවර කරන හරවත් නිර්මාණාත්මක ලේඛනයෙන් පොහොණි ය.