රට වනසපු හොරු වළල්ල – අනුර

හොරු වලල්ලේ දුෂිත ගනුදෙනු රැසක් ?

පසුගිය වසර දෙකක කාලය තුළ පාලනය කළ බව කියන දූෂිත ගනුදෙනු රැසක් ජනතා විමුක්ති පෙරමුණේ අනුර කුමාර දිසානායක මහතා විසින් අද අනාවරණය කරන ලදී.

ඒ රට වනසපු හොරු වළල්ල – තොග පිටින් හෙළිදරව්ව යන මැයෙන් දූෂණ විරෝධි සත්කාර සංවිධානය අද ශ්‍රී ලංකා පදනම් ආයතනයේ විශේෂ සම්මන්ත්‍රණයක් පවත්වයි.

පහුගිය දවස්වල ලොකු හාවක් හූවක් ගියා කවදාද මේවා දාන්නේ‍, ෆයිල් තියෙනවා ද? තියෙනවා නම් දාන්න වගේ. අපේ ඉදිරිපිට මේ ෆයිල්, වංචා දුෂණ තොරතුරු, මේ වංචා දුෂණ කියන මහා සයුරේ කුඩා ප්‍රමාණයක්. මේ සියල්ල නොවේ. ඇමරිකානු එක්සත් ජනපදයේ නඩුවක් ගියා ලංකාවේ ඇමරිකානු එක්සත් ජනපදයේ හිටපු තානාපති ජාලිය වික්‍රමසූරිය පිළිබඳව. මේ මැයි ජාලය ජාලයේ නඩුවේ අවසන් තීන්දුව දීමට නියමිතව තිබුණා එක්සත් ජනපදය. ඒ පිළිබඳ සමස්ත වාර්තාවක් තිබේ. රජය විසින් ඇමරිකානු එක්සත් ජනපදයේ තානාපති කාර්යාලය මිල දී ගැනීම සඳහා වෙන් කරනවා මිලියන 6.2ක්. එතනින් ගහලා මිලියන 3.3ක් තියෙනවා. ඒ කියන්නේ 55%ක් ගහලා. ඇමෙරිකන් එක්සත් ජනපදයේ අධිකරණයේ දී ඔහු පිළිගෙන තිබේ ඒ සඳහා කොමිස් මුදලක් ලබා ගත් බව. ජාලිය වික්‍රමසිංහ යනු මහින්ද රාජපක්ෂගේ ප්‍රකාශති සොහොයුරෙකි.

පසුවට ඔයගොල්ලේ දන්නවා පැන්ඩෝරා පත්‍රිකා හරහා එළියට ආවා ඩොලර් මිලියන 160කට ආසන්න මුදලක් තිරු නඩේෂන් සහ නිරූපමා පවුලට හිමිකාරීත්වය තිබෙන බව. අපි දිගටම පෙන්වා දෙනවා තිරු නඩේෂන්ගේ නමින් තමයි බැසිල්ගේ ගොඩක් දේපල තියෙන්නේ කියලා.

2014 ගිං නිල්වලා කියන ගනුදෙනුව වාරි මාර්ග අමාත්‍යාංශයෙන් කඩි මුඩියේ චීන සමාගමකට සල්ලි දෙනවා. එම චීන සමාගම විටින් විට ඩොලර් මිලියන 5ක් රූත් ඉන්ටර්නැෂනල් කියන සමාගමේ ගිණුමට හුවමාරු කර ඇත. ඒ කම්පැනි එක තිරු නඩේෂන්ගේ. ඒ වෙලාවේ වාරිමාර්ග ඇමති හිටියේ නිමල් සිරිපාල ද සිල්වා. ඒ කම්පැනි එකෙන් කොල්ලුපිටියේ පිහිටි ශ්‍රී ලංකාවේ බැංකුවකට මුදල් එවනවා. ඒ ශ්‍රී ලංකාවේ තිබෙන බැංකුවේ ගිණුමෙන් මුදල් වියදම් කරලා මල්වානේ ඉඩම ගන්න.

ප්‍රංශ එයාර් බස් සමාගම එක් එක් රටවල් වලට එයාර් බස් මිල දී ගැනීමට වැඩි වශයෙන් මිලදී ගෙන ඇතයි ජාත්‍යන්තර පරීක්ෂණයක් ගියා. අපිත් මේ බස් අරගෙන ගිවිසුමක් අත්සන් කරා. මේ ඇයාර් බස් මිලදී ගැනීමට ගිවිසුම අත්සන් කරන්නේ ඔහු ලංකා ආයතනයේ අධ්‍යක්ෂ මණ්ඩල රැස්වීම තියන්නේ චමල්ගේ නිල නිවසේය. මොකද ඔහුගේ පුතා එම අධ්‍යක්ෂ මණ්ඩලයේ සාමාජිකයෙක්. මේ සමස්ත මිල දී ගැනීම ඩොලර් බිලියන 2.2යි. මේ මිලේ දී මිල දී ගැනීමේ දීමනාවකට A 330 යානාවක් සැපයීමට පසුව ඩොලර් මිලියනයකට වඩා A 350ක් යානාවක් ලබාදීමට පසුව ඩොලර් මිලියන 1.16 ක් ද කල්බදු ක්‍රමයට ගන්නා යානා ඩොලර් ලක්ෂ 3 බැගින් ද කප්පම් ගෙවීමට ලැබේ. ඩොලර් මිලියන 16.18ක් ගත්තා. මේ ඩොලර් මිලියන 16 ක් ලැබී ඇත. මොකද ආණ්ඩුව පෙරළුනා. ඩොලර් මිලියන 2ක අත්තිකාරම් මුදලක් ලබා දී ඇත. ඒ වන විට ඔහු ලංකා එකේ ප්‍රධාන විධායක නිලධාරි කපිල චන්ද්‍රසේනගේ බිරිඳගේ ගිණුමට ඩොලර් මිලියන 2 ක් තියෙනවා. බෘනායිවල ඔස්ට්‍ර‍්‍රලියාවේ ගිණුමකට මාරු කරනවා. මෙම ගිණුමෙන් යම් මුදල් ප්‍රමාණයක් ලංකාවේ ගිණුම් වලට පැමිණේ. ඔහුගෙන් එක ගිණුමක් තමා නිමල් පෙරේරාගේ ගිණුම සුබේරු කියන ඇමරිකා එක්සත් ජනපදයේ CIA නියෝජිතයා අත්අඩංගුවට ගත්තා. ඔහුට ඩොලර් මිලියන 12 ක් උපයා ගත්තේ කොහොම ද කියලා ඔහුට පැහැදිලි කරන්න බැරි වුණා. ඔහු අවුරුදු 12කට හිරේ ඉන්නේ. එයාගේ ගිණුම් පරීක්‍ෂා කරගෙන යනකොට අජිත් නිවාඩ් කබ්රාල් මහ බැංකු අධිපතිවරයා විදියට එයාට ඩොලර් මිලියන 6.5 ක් තියෙනවා. ලංකාවේ ප්‍රතිරූපය ඉහළ නැංවීම වෙනුවෙන් එක්සත් ජනපදය. ඔහු හිරේ හරිනම් කබ්රාලුත් හිරේ යන්න ඕනේ. ඒ නිසා හරි පැහැදිලියි අද ජාත්‍යන්තරයේ කොතැනද එකක් හෙළිදරව් වෙන්නේ අපේ රටේ ඉහළ වාර්තා සහ රාජ්‍ය නිලධාරීන් පිරිසක් හෙළිදරව් වී තිබෙනවා.”

The post රට වනසපු හොරු වළල්ල – අනුර appeared first on Aruna.

Next Post

ප්‍රවීණ රංගන ශිල්පී විල්සන් කරුණාරත්න මහතා අභාවප්‍රාප්ත වෙයි

Tue May 3 , 2022
ශ්‍රී ලාංකීය ප්‍රවීණ රංගන ශිල්පී විල්සන් කරුණාරත්න (79) අභාවප්‍රාප්ත වූ බව පවුලේ ආරංචි මාර්ග අද දෙරණට පැවසීය. තව..

හැඳින්වීම

” ජනමිණ ”

සිහනෙත් මාධ්‍ය ජාලයට අයත් වෙබ් අවකාශයකි. මෙම වෙබ් අවකාශය හරහා ප්‍රවෘත්ති හා විශේෂාංග තුලනාත්මක හා අරුත්බර මුහුණුවරකින් ඔබ වෙත රැගෙන ඒම අපේ අභිප්‍රායයි. ” ජනමිණ ” පාඨක ජනවින්‍යාසය වෙත නැවුම් පරිකල්පනයන් විවර කරන හරවත් නිර්මාණාත්මක ලේඛනයෙන් පොහොණි ය.