රටේ දරුවන්ගෙන් ගෙන් සියයට 17කට මන්ද පෝෂණය…. සියයට 50කට කැල්සියම් ඌනතාවය

මෙරට දරුවන්ගෙන් 17% ක් මන්දපෝෂණයෙන් පෙලෙන බව නවතම සමීක්ෂණයකින් අනාවරණයවී ඇති බව කොළඹ වෛද්‍ය පර්යේෂණ ආයතනය කියයි.

කොළඹ වෛද්‍ය පර්යේෂණ ආයතනයේ පෝෂණ අංශයේ ප්‍රධානී පෝෂණ විශේෂඥ වෛද්‍ය රේණුකා ජයතිස්ස සඳහන් කරන ආකාරයට  මෙම ජාතික සමීක්ෂණයේදී අවුරුදු පහට අඩු දරුවන්ගෙන් ලක්ෂ දෙකක ප්‍රමාණයකට හා පාසල් සිසුන්ගෙන් ලක්ෂ 7 ක ප්‍රමාණයක් මන්දපෝෂණයෙන් පෙළෙන බවට අනාවරණය වී ඇත.

රට තුළ පවතින දැඩි ආර්ථික අර්බුදය හමුවේ නිසි පෝෂණය සහිත ආහාර වේලක් දරුවන්ට ලබා දීමට නොහැකි වීමත්, ජනතාවට ආහාර සීමා කිරීමට සිදුවීමත් මේ තත්ත්වයට හේතුව බව පර්යේෂකයෝ පවසති.

එසේම මේ වන විට කැල්සියම් ඌනතාවය විශාල ලෙස ඉහළ ගොස් ඇති බවත්  දරුවන්ගෙන් සියයට 50 ක් පමණ කැල්සියම් ඌනතාවයෙන් පෙළෙන බවත් මෙය අලුතින් ඇති වූ තත්ත්වයක් බවයි ඇය සඳහන් කරන්නීය.

අද දවසේ ප්‍රවෘත්තියකී

Subscribe
Notify of
0 Comments
Inline Feedbacks
View all comments

Next Post

නැවත වතාවක් නොරොච්චෝලේ (18) සිට හබක්ලු...! රටම නැවත අඳුරේද....?

Thu Jun 16 , 2022
නොරොච්චෝලේ යළි අක්‍රීය කිරීමේ අවශ්‍යතාවක් පැන නගින බැවින් විදුලි කප්පාදුව තවදුරටත් වැඩි විය හැකි බවට විදුලි ඉංජිනේරුවරු අනතුරු අඟවති.ඔවුන් ඒ බව සඳහන් කළේ, ඊයේ තලවතුගොඩ පැවැත් වුණු විදුලි අර්බුදයට විසඳුමි සෙවීම සඳහා 43 වන සේනාංකය විසින් සංවිධානය කළ දේශනයකදීයි.මේ අතර විදුලිබල හා බලශක්ති අමාත්‍යවරයා පැවසුවේ, නඩත්තු කටයුත්තක් හේතුවෙන් නොරොච්චෝලේ බලාගාරයේ […]

හැඳින්වීම

” ජනමිණ ”

සිහනෙත් මාධ්‍ය ජාලයට අයත් වෙබ් අවකාශයකි. මෙම වෙබ් අවකාශය හරහා ප්‍රවෘත්ති හා විශේෂාංග තුලනාත්මක හා අරුත්බර මුහුණුවරකින් ඔබ වෙත රැගෙන ඒම අපේ අභිප්‍රායයි. ” ජනමිණ ” පාඨක ජනවින්‍යාසය වෙත නැවුම් පරිකල්පනයන් විවර කරන හරවත් නිර්මාණාත්මක ලේඛනයෙන් පොහොණි ය.

0
Would love your thoughts, please comment.x
()
x