ඉන්ධන ප්‍රවාහන දුම්රියක් පීලි පනී

උඩරට මාර්ගයේ දුම්රිය ධාවනය වෙන්නේ මෙහෙමයි

ප්‍රධාන දුම්රිය මාර්ගයේ රඹුක්කන සහ කඩිගමුව දුම්රිය ස්ථානය අතර ඉන්ධන ප්‍රවාහන දුම්රිය පීලි පැනීමකට ලක්ව තිබේ.

මේ නිසා ඇති වූ මාර්ග අවහිරතාව නිසා උඩරට දුම්රිය මාර්ගයේ දුම්රිය ධාවනයට බාධා එල්ල වී ඇත.

පහත සඳහන් දුම්රිය අනතුරු සහ සංශෝධන සිදු කර ඇත.

වත්මන් අවස්ථා –

පහළට
පෙ.ව. 06/15 බදුල්ල/මහනුවර – කොටුව (උඩරට මැණිකේ සීඝ්‍රගාමී)
පෙ.ව. 06/30 මහනුවර – කොළඹ කොටුව (නගරාන්තර සීඝ්‍රගාමී)
පෙ.ව. 06/45 මහනුවර – කොළඹ කොටුව (සෙංකඩගල මැණිකේ සීඝ්‍රගාමී)

ඉහළට
පෙ.ව. 06/45 කොටුව – මහනුවර/බදුල්ල (පොඩි මැණිකේ සීඝ්‍රගාමී)
පෙ.ව. 07/00 කොටුව – මහනුවර (නගරාන්තර සීඝ්‍රගාමී)

සංශෝධන –

පෙ.ව. 06/30 ට කොළඹ කොටුව මීරිගම දක්වා ධාවනය වන සීඝ්‍රගාමී දුම්රිය අද දින රඹුක්කන දුම්රිය ස්ථානය දක්වා ධාවනය වේ. ඒ අතර පෙ.ව. 07/45 ට මීරිගම සිට කොටුව දක්වා ධාවනය වීමට නියමිත දුම්රිය අද දින රඹුක්කන දුම්රිය ස්ථානයෙන් ගමන් ආරම්භ වේ.

The post ඉන්ධන ප්‍රවාහන දුම්රියක් පීලි පනී appeared first on Aruna.

Next Post

ගෑස් නැවට ගෙවන්න ඩොලර් නෑ

Sat May 14 , 2022
ලිට්‍රෝ සමාගම ආනයන කළ ගෑස් මෙටි්‍රක්ටොන් 3,500 ක් සහිත නෞකාවක් මීට දින කීපයකට පෙර ශ්‍රී ලංකාවට ළගාවී තිබුණ ද එම ගෑස් තොගය නිදහස් කරගැනීමට ඩොලර් නොමැතිවීමෙන් එම සමාගම දැඩි අර්බුදයකට මුහුණ දී සිටින බව එහි උසස් නිලධාරියෙක් පැවසීය.

හැඳින්වීම

” ජනමිණ ”

සිහනෙත් මාධ්‍ය ජාලයට අයත් වෙබ් අවකාශයකි. මෙම වෙබ් අවකාශය හරහා ප්‍රවෘත්ති හා විශේෂාංග තුලනාත්මක හා අරුත්බර මුහුණුවරකින් ඔබ වෙත රැගෙන ඒම අපේ අභිප්‍රායයි. ” ජනමිණ ” පාඨක ජනවින්‍යාසය වෙත නැවුම් පරිකල්පනයන් විවර කරන හරවත් නිර්මාණාත්මක ලේඛනයෙන් පොහොණි ය.