ඇමෙරිකාවේ ෆෙඩරල් සොයා බැලීමේ ආයතනයට ඇමෙරිකාවේ ශ්‍රී ලාංකිකයන් ඉදිරිපත් කළ හෙළිදරව්ව…!!!

අප විසින් ඇමරිකාවේ FBI ආයතනයට (Federal Bureau of Investigation) පසුගිය දා පැමිණිල්ලක් ඉදිරිපත් කළ අතර එහි සිංහල පරිවර්තනය පහතින් දැක්වේ. අධ්‍යක්ෂක, FBI මූලස්ථානය, වොෂින්ටන්, ඩී.සී. නීතිවිරෝධී ලෙස ධනය සහ වත්කම් අත්පත් කර ගැනීම් පිළිබඳ පැමිණිලි කිරීම අධ්‍යක්ෂකතුමනි, ශ්‍රී ලංකාවේ කළු තොප්පි (Black Cap Movement) සමාජ ව්‍යාපාරය ලෙස අපට, ඇමරිකා එක්සත් ජනපදයේ පුරවැසිභාවය හිමි පුෂ්පා රාජපක්ෂ (මෑතකාලීනව ශ්‍රී ලංකාවේ හිටපු මුදල් අමාත්‍යවරයා වන බැසිල් රාජපක්ෂගේ බිරිඳ සහ ශ්‍රී ලංකාවේ ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ, ශ්‍රී ලංකාවේ අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ සහ ශ්‍රී ලංකාවේ ජනාධිපති ආර්යාව වන අයෝමා රාජපක්ෂගේ නෑනණ්ඩිය) ශ්‍රී ලංකාවේ ජනතාවගෙන් සොරකම් කළ මුදලින් ඇමරිකා එක්සත් ජනපදයේ වත්කම් උපයාගෙන ඇති බවට විශ්වසනීය තොරතුරු ලැබී ඇත.

අප දන්නා පරිදි බැසිල් රාජපක්ෂ මහතා සහ ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ  හෝ ඔවුන්ගේ භාර්යාවන් (වත්කම්වල හිමිකරුවන්) එවැනි අත්පත් කර ගැනීම් සාධාරණීකරණය කිරීමට ස්ථිර ආදායමක් නොලබන බැවින්, ඒ සඳහා අපක්ෂපාතී පරීක්ෂණයක් පවත්වා වැරදිකරුවන් නීතිය හමුවට පමුණුවන ලෙස අපි ඔබේ කීර්තිමත් සංවිධානයෙන් ඉල්ලා සිටිමු. පුෂ්පා රාජපක්‍ෂ මහත්මිය සහ අයෝමා රාජපක්‍ෂ මහත්මිය විසින් මෑතක දී සිදු කරන ලද අත්පත් කර ගැනීම් ලැයිස්තුව මෙසේය. (1) අමාත්‍ය බැසිල් රාජපක්ෂගේ බිරිඳ වන පුෂ්පා රාජපක්ෂ  ඇමරිකාවේ සුඛෝපභෝගී නිවාස 04 ක් ලබාගෙන ඇති අතර එහි ලිපිනයන් පහත පරිදිය. 1. 5581 Homecoming, Mira Loma, CA 91752 2. 15067 Preston Dr, Fontana, CA 92336 3. 222 Dexter St, Covina, CA 91723 4. 15067 Preston Dr, Fontana, CA 92336. (2) විධායක ජනාධිපති ගෝඨාභය රාජපක්ෂගේ බිරිඳ වන අයෝමා රාජපක්ෂ  විසින් මිලදී ගත් නිවාස වල ලිපිනයන්: 1. 1341 Wickham Ct, San Dimas, CA 91773 2. 303 S Cataract Ave, San Dimas, CA 91773. අධ්‍යක්ෂතුමනි, අපට දැනගන්නට ලැබෙන පරිදි 2007 වන විට පුෂ්පා රාජපක්ෂ මහත්මියට සහ අයෝමා රාජපක්ෂට නිවාස දෙකක් හිමිව තිබූ අතර, ඒවා වත්මන් ශ්‍රී ලංකාවේ අග්‍රාමාත්‍යවරයා වූ මහින්ද රාජපක්ෂ එවකට ශ්‍රී ලංකාවේ ජනාධිපතිවරයා වූ විගස මිලදී ගත් බව පෙනේ. එම නිවාස දෙකේ වටිනාකම පහත පරිදි තක්සේරු කොට ඇත: 1. පුෂ්පා රාජපක්ෂගේ නිවස ඇමෙරිකානු ඩොලර් මිලියන 24.5 ක් ලෙස ගණන් බලා ඇත. 2. සැන් ඩිමාස් හි පිහිටි අයෝමා රාජපක්ෂගේ නිවසේ වටිනාකම ඇමෙරිකානු ඩොලර් මිලියන 17.5 කි. අධ්‍යක්ෂකතුමනි, ශ්‍රී ලංකාවේ කළු තොප්පි සමාජ ව්‍යාපාරය ලෙස අපට දැනගන්නට ලැබුණේ පුෂ්පා රාජපක්ෂ සහ අයෝමා රාජපක්ෂ යන අය සහ ඔවුන්ගේ ස්වාමිපුරුෂයන් වන බැසිල් රාජපක්ෂ සහ ගෝඨාභය රාජපක්ෂ යන දෙදෙනාම, වර්තමානයේ ඔවුන් දරන ඉහළ තනතුරුවලට පත් වීමට පෙර 2005 සිට 2015 දක්වා ඇමරිකාවේ ලිපිකරු මට්ටමේ අවිධිමත් රැකියාවල නිරත වූ බවයි. එබැවින් 2005 දී ඔවුන්ගේ සහෝදරයා සහ මස්සිනා ශ්‍රී ලංකාවේ ජනාධිපති වූ විගස ඔවුන් විසින්ම ඉහත නිවාස දෙක මිලදී ගත්තේ කෙසේද යන ප්‍රශ්නය මතු කරයි. මෙම පරිවේශනීය සාක්ෂිවලින් පෙනී යන්නේ මෙම මුදල් ඉහත කී පුද්ගලයන් තම සහෝදරයාට සහ මස්සිනාට තිබූ තිබූ දේශපාලන බලය මත ශ්‍රී ලංකාවේ නීති විරෝධී ක්‍රියාවල යෙදී උපයා ගත් වත්කම් බවයි. (2005 සිට ශ්‍රී ලංකාවේ ආරක්ෂක අමාත්‍යාංශයේ ලේකම්වරයා ලෙස ගෝඨාභය රාජපක්ෂ පත් කරන ලද අතර ජනාධිපතිවරයාගේ ජ්‍යෙෂ්ඨ උපදේශකයෙකු ලෙස බැසිල් රාජපක්ෂ, පත් විය) අධ්‍යක්ෂකතුමනි, 2005 වසරට පෙර, ශ්‍රී ලංකාවේ එවකට පැවති නීතිය යටතේ, ශ්‍රී ලංකාවේ පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ට සහ ශ්‍රී ලංකා රජයේ විධායක නිලධාරීන්ට ඔවුන්ගේ වත්කම් වාර්ෂිකව හෙළි කිරීමට සිදු විය. කෙසේ වෙතත්, හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ  විසින් 2007 දී එම නීතිය සංශෝධන කොට, ද්විත්ව පුරවැසියන්ට වෙනත් රටවල ඔවුන් සතුව ඇති වත්කම් හෙළි කිරීමේ අවශ්‍යතාවයක් නොමැති බව පෙන්වා දෙමින් මෙම වැරදිකරුවන්ට ඔවුන්ගේ විදේශ වත්කම් ශ්‍රී ලංකාවේ ජනතාවගෙන් සැඟවීමට මග පෑදීය. එබැවින්, ඔබගේ කීර්තිමත් සංවිධානය මේ පිළිබඳව කඩිනම් පරීක්ෂණයක් ආරම්භ කර ශ්‍රී ලංකාවේ මිලියන 22 කට යුක්තිය ඉටු කරනු ඇතැයි අපි අපේක්ෂා කරමු. බෙහෙවින්ම ස්තූතියි!

Subscribe
Notify of
0 Comments
Inline Feedbacks
View all comments

Next Post

බැසිල් හදිසියේම රෝහල් ගත කරයි

Fri Jun 17 , 2022
හිටපු මුදල් අමාත්‍ය බැසිල් රාජපක්ෂ හදිසියේම කොළඹ පෞද්ගලික රෝහලකට ඇතුළත් කර ඇති බව වාර්තා වේ. ඔහුගේ රෝගය පිළිබඳ මෙතෙක් කිසිදු නිල තොරතුරක් වාර්තා වී නොමැති අතර නිල නොවන රෝහල් ආරංචි මාර්ග පවසන්නේ හිටපු ඇමැතිවරයා පරීක්ෂණ කීපයක් සිදු කර ගැනීම සඳහා රෝහල් ගතව ඇති බවයි.

හැඳින්වීම

” ජනමිණ ”

සිහනෙත් මාධ්‍ය ජාලයට අයත් වෙබ් අවකාශයකි. මෙම වෙබ් අවකාශය හරහා ප්‍රවෘත්ති හා විශේෂාංග තුලනාත්මක හා අරුත්බර මුහුණුවරකින් ඔබ වෙත රැගෙන ඒම අපේ අභිප්‍රායයි. ” ජනමිණ ” පාඨක ජනවින්‍යාසය වෙත නැවුම් පරිකල්පනයන් විවර කරන හරවත් නිර්මාණාත්මක ලේඛනයෙන් පොහොණි ය.

0
Would love your thoughts, please comment.x
()
x