වාහනයේ අංක තහඩු වෙනස් කලොත් වැඩ වරදී . . .

වාහන අංකයේ අවසාන අංකයට අදාළ දිනයන්හිදී ඉන්ධන ලබාදීම ඊයේ (ජූලි 21දා) සිට ආරම්භ කිරීමත් සමග ඇතැම් පිරිස් වාහන අංක තහඩු වෙනස් කරමින් ඉන්ධන හල් වෙත පැමිණි ආකාරයක් සාමාජ මාධ්‍ය වාර්තා වල දැක්විණි. වාහනයේ අංක තහඩු වෙනස් කොට හසු වුවහොත් රු 20,000/= ක දඩයකට හෝ මාස තුනක සිර දඬුවමකට ලක්විය හැකි බව පොලිස් මූලස්ථාන උසස් නිලධාරියෙක් පැවසීය.

මෙම වරදට අදාළව එම වාහනයේ හිමිකරු අත්අඩංගුවට ගත හැකි බවත් එම වරදට අධිකරණය වෙත ඉදිරිපත් කොට මෙම දඬුවම් ලබා දිය හැකි බවත් එම නිලධරියා සඳහන් කළේ ය.

1984 අංක 40 මෝටර් වාහන පනත, 2009 අංක 8 8 දරන මෝටර් වාහන පනත හරහා සංශෝධනය වී එහි දැක්වෙන ආකාරයට මෙම දඬුවම් ක්‍රියාත්මක කළ හැකි ය.

වාහන අංක තහඩු වංචනික ලෙස වෙනස් කිරීම, අනුකරණය කිරීම, මකා දැමීම හෝ විනාශ කිරීම මෙලෙස දඬුවම් ලබාදීමට හේතු වන බවත් එහිදී මුල් අවස්ථාවේ වරදකරු වන අයට රු 15,000/= ට නොඅඩු සහ රු 20,000/= ට නොවැඩි දඩයකට හෝ මාස තුනක සිර දඬුවමකට අධිකරණය මගින් දඬුවම් ලබා දීමට හැකියාව පවතී.

එසේ ම, මෙම වරදට දෙවැනි වතාවේ හෝ පසුව හසුවන්නෙකුහට මූල්‍ය දඩය රු 30,000/= කට නොඅඩු රු 50,000/= කට නොවැඩි දඩයකට හෝ මාස තුනක සිර දඬුවමට යටත් කිරීමට අධිකරණමය බලය තිබේ.

.

Subscribe
Notify of
0 Comments
Inline Feedbacks
View all comments

Next Post

ම්ලේච්ඡ ප්‍රහාරයට එරෙහිව විරෝධතා ඇරඹේ . . .

Fri Jul 22 , 2022
  රනිල් වික්‍රමසිංහ පාර්ලිමේන්තුවේ ජනාධිපති බවට පත්වී පැය 24 ක් ගතවීමටත් පෙර සාමකාමී අරගලකරුවන්ට ම්ලේච්ඡ ප්‍රහාර එල්ල කිරීමට විරෝධය පළකරමින් රට පුරා උද්ඝෝෂණ මාලාවක් ආරම්භ වී තිබේ. එම උද්ඝෝෂණ අද (22) උදෑසන 10ට පමණ කොටුව දුම්රිය පොළ ඉදිරිපිට ආරම්භ වී තිබේ. දේශපාලන පක්ෂ, වෘත්තීය සමිති, වෙනත් සිවිල් සංවිධාන, ගෝල්ෆේස් අරගලයේ […]

හැඳින්වීම

” ජනමිණ ”

සිහනෙත් මාධ්‍ය ජාලයට අයත් වෙබ් අවකාශයකි. මෙම වෙබ් අවකාශය හරහා ප්‍රවෘත්ති හා විශේෂාංග තුලනාත්මක හා අරුත්බර මුහුණුවරකින් ඔබ වෙත රැගෙන ඒම අපේ අභිප්‍රායයි. ” ජනමිණ ” පාඨක ජනවින්‍යාසය වෙත නැවුම් පරිකල්පනයන් විවර කරන හරවත් නිර්මාණාත්මක ලේඛනයෙන් පොහොණි ය.

0
Would love your thoughts, please comment.x
()
x