අමාත්‍යංශ 5ක්, රුපියල් කෝටි 97,383ක් රනිල් අතේ . . .

පත්කළ ජනාධිපති ධුරයට අමතරව මේ වනවිට අමාත්‍යංශ 5 ක්ද රනිල් වික්‍රමසිංහ අතේ තබා ගෙන සිටීමෙන් රුපියල් කෝටි ලක්ෂයකට ආසන්න මුදලක් කේන්ද්‍රගත කර ගෙන සිටී.

පසුගිය ජූලි මස 07 වෙනි දින නිකුත් කරන ලද අයවැය සංශෝධිත විසර්ජන පනතෙන් මෙම තොරතුරු අනාවරණය වේ. ජනාධිපති ලෙස ගෝඨාභය රාජපක්ෂ මෙම වර්ෂය වෙනුවෙන් රුපියල් කෝටි 279 ක් වෙන්කර ගෙන තිබූ අතර එය රනිල් වික්‍රමසිංහ රුපියල් කෝටි 304 ක් දක්වා වැඩිකර ගෙන ඇත. එසේම මුදල් ඇමති ලෙස රුපියල් කෝටි 46,721 ක්ද ආරක්ෂක ඇමති ලෙස රුපියල් කෝටි 37,631 ක්ද ඔහු වෙත තබාගෙන සිටී. ඊට අමතරව කාන්තා හා ළමා කටයුතු සමාජ සවිබල ගැන්වීම් අමාත්‍යංශයට රුපියල් කෝටි 11,635 ක් තාක්ෂණ ඇමති ලෙස කෝටි 663 ක් සහ ආයෝජන ප්‍රවාර්ධන ඇමති ලෙස රුපියල් කෝටි 427 ක් ආදී වශයෙන් ඔහු වෙත රඳවා ගෙන තිබේ.

ජනාධිපති ධුරයට වෙන් කරන ලද මුදල් මෙන්ම, අනෙකුත් අමාත්‍යංශ 5 සඳහා වෙන්කරන ලද මුදල් ද ඇතුළුව ආසන්න වශයෙන් රුපියල් කෝටි 97,383 ක් ඔහු වෙත රඳවා ගෙන සිටී.

Subscribe
Notify of
0 Comments
Inline Feedbacks
View all comments

Next Post

මහජන මුදලින් බණ ඇසීම සහ අගමැතිවරයාගේ වියදම් . . .

Fri Aug 12 , 2022
අගමැති දිනේෂ් ගුණවර්ධනද රාජපක්ෂලා අනුකරණය කරමින් මහජන මුදල් යොදවා බණ ඇසීම ආරම්භ කර තිබේ. ඊයේ (11) නිකිනි පොහොය වෙනුවෙන් අගමැති කාර්යාලයේ සිට ජාතික රූපවාහිනියේ සජීවි විකාශනයක් ලෙසින් බණ ඇසීම ආරම්භ කරනු ලැබීය. මෙවැනි සජීවි විකාශනයක් වෙනුවෙන් පැයකට රුපියල් ලක්ෂ ගණනක් ජාතික රූපවාහිනියට දැරිය යුතුවේ. මේ වනවිට රූපවාහිනි කාර්ය මණ්ඩලය සඳහා […]

හැඳින්වීම

” ජනමිණ ”

සිහනෙත් මාධ්‍ය ජාලයට අයත් වෙබ් අවකාශයකි. මෙම වෙබ් අවකාශය හරහා ප්‍රවෘත්ති හා විශේෂාංග තුලනාත්මක හා අරුත්බර මුහුණුවරකින් ඔබ වෙත රැගෙන ඒම අපේ අභිප්‍රායයි. ” ජනමිණ ” පාඨක ජනවින්‍යාසය වෙත නැවුම් පරිකල්පනයන් විවර කරන හරවත් නිර්මාණාත්මක ලේඛනයෙන් පොහොණි ය.

0
Would love your thoughts, please comment.x
()
x